කොටුවේ-වතුර-බෝතල්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,443
    6,616
    113
    Land of Lions
    කොටුවේ-වතුර-බෝතල්

    කොටුවේ විකිණෙන වතුර බෝතල්වල තිත්ත ඇත්ත.



    “තිබහට වතුර බෝතලයක්.. තිබහට වතුර බෝතලයක්..”

    මේ වචන කීපය කොළඹ පිටකොටුව බස් නැවතුම්පළවල, දුම්රිය ස්ථානයේ නිතර ඇසෙන වචන කිහිපයකි. නාවර පෙරාගත් අපිරිසුදු තරුණයන් ශීත කළ වතුර බෝතල් කරේ තබාගෙන තැනින් තැන යන්නේ මෙසේ කියමිනි. පොඩි බෝතලයක් රුපියල් 50කි. ලොකු බෝතලයක් සීයකි. පිපාසිත මගීන් ශීත කළ වතුර බෝතල් ලබා ගන්නේ පොරකමිනි.

    155748759_XS.jpg


    කෙසේ වෙතත් මේ බෝතල් එන්නේ කොහෙන්ද? කවුරුන් හදනවාද කියා කවුරුත් බලන්නේ නැත. නිල් පාට ස්ටිකරයක් සහ වතුර බෝතලේ කට සීල් තබා ඇත්නම් එය පිරිසිදු වතුර බෝතලයක් බව බොහෝ දෙනා සිතති. එහෙත් එය එසේ වන්නේ නැත. මේ කියන්නට යන්නේ වතුර බෝතල් ගැන නොඇසූ කතාවකි.

    කොළඹ කොටුව පුරා විකිණෙන බොහොමයක් ජංගම වතුර බෝතල් නිසි ප්‍රමිතියකින් තොරව කොටුව අවට ස්ථානවලින් සකස් කරන වතුර බෝතල් බව ඔබ දන්නවාද? මා සිතන්නේ ඔබ දන්නේ නැත. දිව ගිලෙන්නට යන වතුර තිබහට පිළිතුරක් ලෙස ශීත කළ වතුර බෝතලයක් බොන්නට හැකිනම් ඒ තරම් සැපක් හැර අන් කවර කතාද?

    ඔබ පානය කරන වතුර බෝතල්වලින් බොහොමයක් අසුරන්නේ කොටුව අවට නිවාසවලය. ඒ සඳහා ඔවුන් ජලය ලබා ගන්නේ නළ ජලය හරහාය. එකී ජලයේ ක්ලෝරීන් මිශ්‍ර නිසා ජාවරම්කරුවන් විසින් එකී ජලය කිහිප වතාවක් පිරිසිදු (ෆිල්ටර්) කරනු ලැබේ. එසේ ෆිල්ටර් කරන විට තරමක් ජලයෙහි වූ ක්ලෝරීන් ස්වභාවය පහව යයි.

    එසේ පහව ගිය පසු බෝතල්වලට ජලය පිරවීම සිදු කෙරේ. අවශ්‍ය බෝතල් ලබා ගන්නේ පිටකොටුවෙනි. එකී බෝතල්වලට ජලය පිරවීමෙන් පසුව බෝතලය වටා කොළයක් අලවන්නේ නිෂ්පාදන ආයතනයේ නම සඳහන් කරමිනි. බොහොමයක් ඇසට හුරු ප්‍රසිද්ධ බෝතල් ජල සමාගම්වල ලාංඡනවලට සමානව එකී ලේබල් සකසනු ලැබේ. එයට හේතුව එම නම් මිනිසුන්ගේ ඇසට හුරු නිසාය. එහෙත් අතට ගෙන හරියට බැලුවහොත් ඇත්තේ වෙන නමකි. ඒ ලේබල් ඔවුන් විසින්ම සකසනු ලබයි.

    After-testing.jpg


    ලේබල් ඇලවීමෙන් පසුව මූඩිය වටකොට පොලිතින් මුද්‍රාවක් තබයි. එකී මුද්‍රාව යාර ගණනින් පිටකොටුවෙන් ගත හැක. එම මුද්‍රාව ගැසූ පසුව සම්පූර්ණයෙන් ජල බෝතලය උසස් සමාගමක නිෂ්පාදනයක් සේ පෙනේ.

    එහෙත් ඒ වෙනකොටත් එම ජලය පානයට සුදුසු වන්නේ නැත. එනම් එලෙස පානය කළහොත් ක්ලෝරීන් රසය කටට එනු ඇත. මේ නිසා එය මැකීමට ඇති එකම සහ සරලම ක්‍රමය වන්නේ ජල බෝතලය අධික ලෙස ශීත කිරීමය. ඒ අනුව පිටකොටුවෙන් ගෙනෙන අයිස් කැට රෙජිෆෝම් පෙට්ටිවලට දමා වතුර බෝතල් අසුරනු ලබයි. ඉන් පසුව එම වතුර බෝතල් විකිණීමට ලබා දෙන්නේ හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ටය. ඔවුන්ට එම වතුර බෝතලයකින් රුපියල් 8 – 5ත් අතර මුදලක් ලැබේ. ඔවුන්ට කුඩු පානයට මුදල් අවැසි නිසා කෙසේ හෝ මෙකී ජල බෝතල් විකුණති.

    ඔබේ සමීපයට එන අයකුගෙන් ශීත නොකළ පානීය ජල බෝතලයක් තිබේ දැයි විමසන්න. කිසිවිටෙක ඔවුන් සන්තකයේ ශීත නොකළ පානීය ජලය නැත. එපමණක් නොව මහ දවාලට ද ශීත කළ පානීය ජල බෝතල් ලබාගත හැක.

    කෙසේ වෙතත් ඔබ පානය කරන වතුර බෝතලයේ සැබෑ තත්ත්වය ඔබ දන්නේ නැත. දිව ගිලෙන්නට යන තිබහට වතුර බිඳක් ලබා ගැනීම විනා වෙන අරමුණක් ඔබට ඇත්තේම නැත. එහෙත් පිරිසිදු ජලය බොන්නට තිබෙනවද? එම ජලය නිෂ්පාදනය කරන්නේ කොහේද? යන්න පිළිබඳ සොයා බැලීම ඒ ගැන සොයා බලන ආයතන සතු වගකීමකි. එහෙත් තවම සොයා බලන්නේ නැත. නිලධාරීන්, පාලකයන් ඉන්නේ මර නින්දේය.

    images


    ඉල්ලීමට ඇත්තේ එක දෙයකි. නිලධාරීන් අවධානය යොමු නොකර සිටින කල ඔබවත් ඔබ මිලදී ගන්නා භාණ්ඩය ගැන අවධානයෙන් සිටිය යුතු බවය. බඩගින්න, තිබහා යැයි කියා එය සංසිඳුවීමට ඔබට විසබීජ, වස විස බොන්නට වන්නේ නම් ඔබ පුරවැසියකු ලෙස ඉන්නේ මහා ඛේදවාචකයකය. ඒ නිසා දැන්වත් මෙවැනි සෞඛ්‍යයට අහිතකර ජාවාරම් ගැන බලධාරීන්ගේ ඇස් යොමුවීම අවශ්‍යය.



    Source: http://slarticle.com/2018/06/29/කොට...jQRfyPxJtA-jUq1uXEz3aGD7hlLva3gBykc_nBznaRg2E


    කන බොන දෙටත් බලු වැඩ කරන මිනිස්සු ඉන්නව.:(:(:growl:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113
    So we have become like India... Unless you buy it from a reputed supermarket it's a fake product.:(
    I used to drink Soda even when bottled water wasn't widely available. I think this seems to be the best option even now! :)
     
    • Like
    Reactions: chathu05

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Math podi wathura bothalayak bag eke dagema yannr. Aeth ohoma cool karapu wathura bothalitg aran thiyenawa bn.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    thahanam nadda ban ehema bothal karanda. ganna source 1 mokadda ph gana ehema kiyala balanawa neda
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,854
    6,989
    113
    අපේ දිහෑ
    මමත් දැන් ගෙදරින් යද්දි වතුර බෝතලයක් අරන් යන්නෙ..නැත්නම් හැමදාම 50, 100 දීල වතුර ගන්න වෙන්නෙ....ඒකත් ජරාවක් උනාම කෝමද???.