👨‍⚕️⚕️ සිට ගැනීමේදී ක්ලාන්ත ගතිය ඇති කරවන රෝගී තත්ත්වය - Postural Orthostatic Tachycardia Syndrome (POTS) 🧠👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    වාඩි වී හෝ වැතිර සිටින ඉරියව්වේ සිට එක්වරම සිට ගැනීමේ ඉරියව්වට යාමේදී හෘද ස්පන්දනය ඉහළ යාමත් සමගම ඇතිවන ක්ලාන්ත ගතියක්, කරකැවිල්ල ගතියක් හෝ අතිශය විඩාබර ගතියක් මෙන්ම මතක ශක්තියෙහි අක්‍රමිකතාවයන් (brain fog) ඇති කරන ඇති කරවන රෝගී තත්ත්වයක් ලෙස "Postural Orthostatic Tachycardia Syndrome (POTS)" හදුන්වනු ලබනවා. යම් පුද්ගලයෙකු එක්වරම සිට ගැනීමේදී ඔහුගේ හෝ ඇයගේ සිරුරේ පවතින මුළු රුධිර පරිමාවෙන් 10% - 15% අතර වන රුධිර පරිමාවක් ගුරුත්වයේ බලපෑම හේතුවෙන් අත්, පාද සහ උදර ප්‍රදේශය තුළ රදවා තබා ගැනීම සිදු කරනවා. මේ හේතුවෙන් මොළය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය සිට ගෙන සිටීමේදී මදක් අවම කිරීම සිදු කරන අතර මෙවැනි අවස්ථාවකදී පුද්ගලයකුගේ පාදවල පවතින මාංශ පේශි මගින් මේ රුධිර ප්‍රමාණය හෘදය වස්තුව වෙත පොම්ප කිරීම සිදු කරනු ලබනවා.

    මෙම රුධිර පොම්ප කිරීම පහසු කිරීම සදහා ශරීරය මගින් "Epinephrine (Adrenaline)" සහ "Norepinephrine' යන හෝමෝනයන් උත්පාදනය කිරීම මේ අවස්ථාවේදී සිදු කරන අතර එමගින් රුධිර නාළ ඊට සරිලන ආකාරයෙන් ක්‍රමාණුකූලව ඉහිල් කිරීම හෝ ලිහිල් කිරීම ද මෙහිදී සිදු කරනවා. මේ හේතුවෙන් ද් ස්පන්දන වේගය මදක් ඉහළ යාම ද සාමාන්‍යයෙන් සිදුවනවා. නමුත් "Postural Orthostatic Tachycardia Syndrome (POTS)" රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සිරුරේ පවතින රුධිර නාළයන් ඉහත සදහන් කළ හෝමෝනයන්ට හරියාකාරව ප්‍රතිචාර දැක්වීම අවම අගයක තමයි පවතින්නේ. මේ හේතුව නිසා එවැනි පුද්ගලයෙකු සිට ගැනීමේදී මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය නිවැරදිව පවත්වා ගැනීම සදහා "Epinephrine (Adrenaline)" සහ "Norepinephrine' යන හෝමෝනයන් නියමිත අගයට වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් නිදහස් කිරීම හේතුවෙන් රුධිර නාළ වැඩි වැඩියෙන් සංකෝචනය කරවීම සිදු කරවනවා. මේ හේතුවෙන් රුධිර පීඩනය ඉහළ යාම සිදු වෙනවා. එවිට තමයි බොහෝ අවස්ථාවලදී මෙවැනි ක්ලාන්ත ගතියක් හෝ කැරකැවිල්ල ගතියක් (මීට අමතරව තවත් රෝග ලක්ෂණ කීපයක් ඇති කරවිය හැකියි) සිට ගැනීමේදී ඇති කරවන්නෙ.

    'Mononucleosis" ("Epstein-Barr virus", හෙවත් "මානව පැපිලෝමා වෛරසය" මගින් ඇති කරවන රෝගී තත්ත්වයකි) වැනි වෛරස් ආසාදනයන්ගෙන්, හිසට සිදුවන අනතුරුවලින්, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයන්ගෙන් (Autoimmune diseases) සහ දැඩි මානසික පීඩනයෙන් පීඩා විදින පුද්ගලයන්ට මෙන්ම ශල්‍ය කර්මවලට භාජනය වුණු පුද්ගලයන්ට, දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට සහ ගර්භනීභාවයේ පසුවන කාන්තාවන්ට ද මෙම 'POTS' තත්ත්වය හට ගැනීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා. මෙම "Postural Orthostatic Tachycardia Syndrome (POTS)" භයානක රෝගී තත්ත්වයක් නොවුන ද ක්ලාන්ත ගතිය ඇතිවන අවස්ථාවකදී සිදුවන ඇද වැටීම් මගින් අනතුරු සිදුවීමේ අවදානමක් පවතිනවා.


    ✍️ සටහන: @Stimulus mind ✍️









    Postural Orthostatic Tachycardia Syndrome (POTS) රෝගයෙන් පීඩා විදින තරුණ කාන්තාවකගේ අත්දැකීම්




    Postural Orthostatic Tachycardia Syndrome (POTS) - Cleveland Clinic Foundation​


    තමාගේ හිමිකරුවාට පවතින "Postural Orthostatic Tachycardia Syndrome (POTS)" රෝගී තත්ත්වය ක්ෂණිකව ම වටහාගෙන එම තත්ත්වය සමනය කර ගැනීමට ඇය විසින් භාවිතා කරන ඖෂධ සහ ජලය ඇය ළගටම ගෙනැවිත් දී උපකාර කරන ආදරණීය බලු සුරතලෙක් (මෙයා නම් හොදට පුහුණු කරපු "service dog" කෙනෙක් මං හිතන්නෙ). :yes: :):love:




    potsgraphic-may21-v2.jpg



    POTS%20Subtypes%282%29_0.jpg


    article_river_46170940ec5a11ed9377211de87ad844-Untitled.png
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    ඉදගෙන ඉදල එක පාර නැගිට්ටම මටත් නිකන් කලන්තෙ වාගෙ වෙලාවකට :baffled:
    මේ ගතිය නම් මටත් හුගක් වෙලාවට තියෙනවා. බැලන්ස් එක අඩු ගතියත් එනවා ඒ වෙලාවට. :yes:
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,341
    30,186
    113
    අපායෙ දොරකඩ
    අම්මට ලඟදි ඔහොම කැරකිල්ල ඇවිල්ල බෙහෙත් අරන් දැන් ගොඩක් අඩුයි. දියවැඩියාව නිසා වෙන්න ඇති කියල Doctor කිව්වෙ. උදේට නැගිටල විනාඩි 10-20ක් වගෙ ඇඳේම ඉඳගෙන හිටිය බෙහෙත් ගන්න කලින්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මේ ගතිය නම් මටත් හුගක් වෙලාවට තියෙනවා. බැලන්ස් එක අඩු ගතියත් එනවා ඒ වෙලාවට. :yes:
    මටත් තියෙනවනෙ බන්. මම හොඳට එක්සර්සයිස් කරනවා දුවනවා බයිසිකල් පදිනවා එහෙම අවුලක් නෑ . ඒත් බුදියගෙන ඉඳලා නැගිට්ටොත් එකපාර කැරකෙන්න ගන්නවා. ඩෙංගු හැදුනට පස්සෙ තමයි මේ රෙද්ද වෙන්න ගත්තෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    අම්මට ලඟදි ඔහොම කැරකිල්ල ඇවිල්ල බෙහෙත් අරන් දැන් ගොඩක් අඩුයි. දියවැඩියාව නිසා වෙන්න ඇති කියල Doctor කිව්වෙ. උදේට නැගිටල විනාඩි 10-20ක් වගෙ ඇඳේම ඉඳගෙන හිටිය බෙහෙත් ගන්න කලින්.
    ප්‍රෙෂර් එක එහෙමත් තියෙනව ද?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    මටත් තියෙනවනෙ බන්. මම හොඳට එක්සර්සයිස් කරනවා දුවනවා බයිසිකල් පදිනවා එහෙම අවුලක් නෑ . ඒත් බුදියගෙන ඉඳලා නැගිට්ටොත් එකපාර කැරකෙන්න ගන්නවා. ඩෙංගු හැදුනට පස්සෙ තමයි මේ රෙද්ද වෙන්න ගත්තෙ.
    මටත් බිම වාඩි වෙලා ඉදලා නැගිට්ටම එක පාරට කැරකිල්ල එනවා තත්පර පහකින් වගේ අඩු වෙනවා
    Psychological Stress එක හුගක් වැඩි වුනාමත් මේ ගතිය එන්න පුළුවන් කියලා කියනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Psychological Stress එක හුගක් වැඩි වුනාමත් මේ ගතිය එන්න පුළුවන් කියලා කියනවා.
    එහෙම නම් පොඩ්ඩක් හිතන්න ඕනෙ. මොකද සමහර වෙලාවට වැඩ වැඩි උනාම මම පොඩ්ඩක් පැනික් වෙනවා. මොකක් වත් කරන්න හිතෙන්නෙ නෑ. කොච්චර වැඩ කරත් ඉවරයක් නෑ කියලත් හිතෙනවා. හොඳම දේ මම කාලය නාස්ති කරනවා කියලා හිතෙනවනෙ. මීට වඩා කරන්න තිබ්බා කියලා හිතෙනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,814
    152,414
    113
    පොඩි කාලේ ඉදලම තියෙනවා මචන්
    ඩොක්ටර් කෙනෙක් එහෙම චැනල් කරලා බැලුවෙ නැද්ද? වෙන මොකක් හරි හේතුවක් ද දන්නෙ නෑනෙ. දැන් කාලෙ නම් පොඩිම ලෙඩක් වුනත් ගණන් නොගෙන ඉන්න එක එච්චර හොද නෑ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,978
    26,398
    113
    Kandy
    ඩොක්ටර් කෙනෙක් එහෙම චැනල් කරලා බැලුවෙ නැද්ද? වෙන මොකක් හරි හේතුවක් ද දන්නෙ නෑනෙ. දැන් කාලෙ නම් පොඩිම ලෙඩක් වුනත් ගණන් නොගෙන ඉන්න එක එච්චර හොද නෑ.
    වැඩිය ගනන් ගත්තේ නෑ මචන්