1950 දශකයෙහි මුල් භාගයේදී ගිං ගඟෙහි දියකෙළිමින් සිටි තරුණ පිරිසකට හමු වූ අක්ෂර සටහන් කරන ලද පැති 6කින් යුතු ගල් කුට්ටිය

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,777
    93
    Kita ku
    www.youtube.com



    1950 දශකයෙහි මුල් භාගයේදී ගිං ගඟෙහි දියකෙළිමින් සිටි තරුණ පිරිසකට හමු වූ අක්ෂර සටහන් කරන ලද පැති 6කින් යුතු ගල් කුට්ටියකි. එහි කිසියම් වැදගත්කමක් ඇතැයි සැලකූ නිසාම මෙම තරුණ පිරිස විසින් එම ගල් කුට්ටිය ගොඩට ගෙනැවිත් තැබූ අතර පසු කලෙකදී ඒ පිළිබඳව ආරංචි වූ ඇල්බට් විතානච්චි නම් මහතෙකු මෙම සුවිශේෂී ගල් කුට්ටිය පිළිබඳව එවකට පුරාවිදු කොමසාරිස් ධූරදැරූ මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතාටත් එයින් කලකට පසුව මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාටත් දැන්වනු ලැබූයේය.

    සෙනරත් පරණවිතාන මහතා ඒ වනවිට සීගිරි කුරුටු ගී කියැවීමේ කාර්යයේ නියැළී සිටි බැවින් මෙම කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමුනොවූ අතර පසු කලෙකදී මේ පිළිබඳව අවධානය යොමු කළ මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා මෙම ගල් කුට්ටිය පිළිබඳව සොයාබලන්නට විය. එතුමා විසින් මෙම ගල් කුට්ටිය පිළිබඳව විධිමත් ශාස්ත්‍රීය අධ්‍යනයක් සිදුකළ අතර ඒ අනුව අනාවරණය කරගත් කරුණු පහත වෙයි.

    දිග, පළල සහ උස දළ වශයෙන් අඟල් 18ක් පමණ හා සුමට පැති පහකින් හා එක් රළු පැත්තකින් යුතු මෙම ගල් කුට්ටියේ 14 සහ 15 සියවසට අයත් සිංහල අක්ෂර වලින් සටහන් කරන ලද පාඨයන් වේ.ඒ අනුව

    1 මුහුණත
    අඟල් 6ක පමණ විශ්කම්භයෙන් යුතු රැස් වළල්ලකින් යුතු වෘත්තයකි. සූර්ය ලකුණ ලෙස හඳුනා ගැනේ.වෘත්තය මැද “භ්‍රීං” ලෙස කොටා ඇති අතර සුර්ය සංකේතය අසළින් කුඩා මත්ස්‍ය රූ දෙකක්ද , වක් කොට බැඳ දමා ඇති කිඹුලෙකුගේ රුවක්ද වෙයි.
    එහිම මන්ත්‍ර පාඨයක කොටසක්ද දක්නට ලැබේ.

    2 මුහුණත, 3 මුහුණත , 4 මුහුණත සහ 5 මුහුණතෙහි පිළිවෙලින් අඟල් 2ක පමණ ප්‍රමාණයේ අක්ෂර සහිත පේළි 10ක්, 14ක්, 4ක් සහ 5ක් අන්තර්ගතය.

    මෙම මන්ත්‍ර පාඨයන් මගින් ගිං ගඟෙහි වෙසෙන කිඹුලන්, දඹදිව කිඹුල්වත්පුර උපන් සිද්ධාර්ථ සහ නන්ද යන කිඹුල් දෙපුතුන්ගෙන් පැවත එන බවත් , එම නිසා ඔවුන් උසස් තලයක සිටින බවත් පවසා සතර බුදුවරුන්ගේ කාලයේ පටන් මේ දිවයිනේත්, දඹදිවත් උපන් සියලුම කිඹුලන් අන්තර්ගත වනසේ කිඹුලන්ට තහංචි බැඳීමක් සිදු කර එති අතර ගෞතම බුදුන්ගේ වංශයෙහි ඉපිද මිනීමස් කන කිඹුල් කිඹුලියන්ගේ දත් හැලේවා යනුවෙන්, ගිං ගඟෙහි මිනී කන කිඹුලන්ට කෙරුණු ශාපයක් ද අන්තර්ගත වෙයි.



    එසේම මෙම මන්ත්‍ර ගලෙහි 4 මුහුණතෙහි සඳහන් අකාරයට මෙම මන්ත්‍රයෙහි බල සීමා ලෙස ගිං ගඟෙහි “අම්බෙන මෝදර “ සහ “ වඳුරබ ඇළ” යන සීමාවන් ඉදිරිපත් කරනුලබන අතර මෙම සීමාවන් අතර වූ තොටුපලවල් මෙම මන්ත්‍රයෙන් ආවරණය වනසේ මන්ත්‍රය සටහන් කර ඇත.

    එහි අනෙක් මුහුණතෙහි සඳහන් තොරතුරු අනුව මෙම බල සීමාවන් තවත් පුළුල්ව ඉදිරිපත් කරනු ලබන අතර ඒ අනුව ගිං ගඟෙහි ආරම්භය ලෙස සැලකෙන “ගොං ගල් පව්වෙහි” පටන් ගිං ගඟ මුහුදට වැටෙන “ගිම් තොට” දක්වා ප්‍රදේශය මෙහි බල සීමාවට ඇතුළත් කර ඇත.

    මෙම ගෙලෙහි කොටන ලද කිඹුල් මන්ත්‍රයෙහි කතුවරයා ලෙස ජනප්‍රවාදයන්හි සඳහන් වනුයේ එවකට ප්‍රභල හිමිනමක් ලෙස ගෞරවයයට පාත්‍රව වැඩ විසූ පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වන අතර ඒ පිළිබඳව විවරණයක යෙදෙන මහචාර්ය මැන්දිස් රෝහණධීර මහතා විසින්ද එම ජනප්‍රවාද පුවත තහවුරු කරනු ලබයි..
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,516
    113
    Kandakadu
    මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
    මීනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,861
    5,014
    113
    ඕක කිඹුලන් ගෙන් ආරක්ෂා වීමට දාපු මන්තර ගලක් නම් ඒක කියවල ආයේ තිබුන තැනටම දානවා මිසක් ගොඩට අරන් තියල හරියනවද ?? :ROFLMAO:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,113
    17,316
    113



    1950 දශකයෙහි මුල් භාගයේදී ගිං ගඟෙහි දියකෙළිමින් සිටි තරුණ පිරිසකට හමු වූ අක්ෂර සටහන් කරන ලද පැති 6කින් යුතු ගල් කුට්ටියකි. එහි කිසියම් වැදගත්කමක් ඇතැයි සැලකූ නිසාම මෙම තරුණ පිරිස විසින් එම ගල් කුට්ටිය ගොඩට ගෙනැවිත් තැබූ අතර පසු කලෙකදී ඒ පිළිබඳව ආරංචි වූ ඇල්බට් විතානච්චි නම් මහතෙකු මෙම සුවිශේෂී ගල් කුට්ටිය පිළිබඳව එවකට පුරාවිදු කොමසාරිස් ධූරදැරූ මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතාටත් එයින් කලකට පසුව මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතාටත් දැන්වනු ලැබූයේය.

    සෙනරත් පරණවිතාන මහතා ඒ වනවිට සීගිරි කුරුටු ගී කියැවීමේ කාර්යයේ නියැළී සිටි බැවින් මෙම කරුණ පිළිබඳව වැඩි අවධානයක් යොමුනොවූ අතර පසු කලෙකදී මේ පිළිබඳව අවධානය යොමු කළ මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා මෙම ගල් කුට්ටිය පිළිබඳව සොයාබලන්නට විය. එතුමා විසින් මෙම ගල් කුට්ටිය පිළිබඳව විධිමත් ශාස්ත්‍රීය අධ්‍යනයක් සිදුකළ අතර ඒ අනුව අනාවරණය කරගත් කරුණු පහත වෙයි.

    දිග, පළල සහ උස දළ වශයෙන් අඟල් 18ක් පමණ හා සුමට පැති පහකින් හා එක් රළු පැත්තකින් යුතු මෙම ගල් කුට්ටියේ 14 සහ 15 සියවසට අයත් සිංහල අක්ෂර වලින් සටහන් කරන ලද පාඨයන් වේ.ඒ අනුව

    1 මුහුණත
    අඟල් 6ක පමණ විශ්කම්භයෙන් යුතු රැස් වළල්ලකින් යුතු වෘත්තයකි. සූර්ය ලකුණ ලෙස හඳුනා ගැනේ.වෘත්තය මැද “භ්‍රීං” ලෙස කොටා ඇති අතර සුර්ය සංකේතය අසළින් කුඩා මත්ස්‍ය රූ දෙකක්ද , වක් කොට බැඳ දමා ඇති කිඹුලෙකුගේ රුවක්ද වෙයි.
    එහිම මන්ත්‍ර පාඨයක කොටසක්ද දක්නට ලැබේ.

    2 මුහුණත, 3 මුහුණත , 4 මුහුණත සහ 5 මුහුණතෙහි පිළිවෙලින් අඟල් 2ක පමණ ප්‍රමාණයේ අක්ෂර සහිත පේළි 10ක්, 14ක්, 4ක් සහ 5ක් අන්තර්ගතය.

    මෙම මන්ත්‍ර පාඨයන් මගින් ගිං ගඟෙහි වෙසෙන කිඹුලන්, දඹදිව කිඹුල්වත්පුර උපන් සිද්ධාර්ථ සහ නන්ද යන කිඹුල් දෙපුතුන්ගෙන් පැවත එන බවත් , එම නිසා ඔවුන් උසස් තලයක සිටින බවත් පවසා සතර බුදුවරුන්ගේ කාලයේ පටන් මේ දිවයිනේත්, දඹදිවත් උපන් සියලුම කිඹුලන් අන්තර්ගත වනසේ කිඹුලන්ට තහංචි බැඳීමක් සිදු කර එති අතර ගෞතම බුදුන්ගේ වංශයෙහි ඉපිද මිනීමස් කන කිඹුල් කිඹුලියන්ගේ දත් හැලේවා යනුවෙන්, ගිං ගඟෙහි මිනී කන කිඹුලන්ට කෙරුණු ශාපයක් ද අන්තර්ගත වෙයි.



    එසේම මෙම මන්ත්‍ර ගලෙහි 4 මුහුණතෙහි සඳහන් අකාරයට මෙම මන්ත්‍රයෙහි බල සීමා ලෙස ගිං ගඟෙහි “අම්බෙන මෝදර “ සහ “ වඳුරබ ඇළ” යන සීමාවන් ඉදිරිපත් කරනුලබන අතර මෙම සීමාවන් අතර වූ තොටුපලවල් මෙම මන්ත්‍රයෙන් ආවරණය වනසේ මන්ත්‍රය සටහන් කර ඇත.

    එහි අනෙක් මුහුණතෙහි සඳහන් තොරතුරු අනුව මෙම බල සීමාවන් තවත් පුළුල්ව ඉදිරිපත් කරනු ලබන අතර ඒ අනුව ගිං ගඟෙහි ආරම්භය ලෙස සැලකෙන “ගොං ගල් පව්වෙහි” පටන් ගිං ගඟ මුහුදට වැටෙන “ගිම් තොට” දක්වා ප්‍රදේශය මෙහි බල සීමාවට ඇතුළත් කර ඇත.

    මෙම ගෙලෙහි කොටන ලද කිඹුල් මන්ත්‍රයෙහි කතුවරයා ලෙස ජනප්‍රවාදයන්හි සඳහන් වනුයේ එවකට ප්‍රභල හිමිනමක් ලෙස ගෞරවයයට පාත්‍රව වැඩ විසූ පූජ්‍ය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වන අතර ඒ පිළිබඳව විවරණයක යෙදෙන මහචාර්ය මැන්දිස් රෝහණධීර මහතා විසින්ද එම ජනප්‍රවාද පුවත තහවුරු කරනු ලබයි..
    Sajiyage Ali Mathare wage ekak da danne na