whts the real reason ?
sirawata patta waste ekak ban
ADB එකෙන් fund කරපු PORT ACCESS ELEVATED HIGHWAY ප්‍රොජෙක්ට් එක පටන්ගත්තෙ 2019. ඇත්තටම ඕකෙ Borehole Investigation කරන්න පටන්ගත්තෙ ඒ කාලෙ වුණාට ඕකෙ වැඩ ගොඩක් එක එක හේතු නිසා delay වුණා.
පළවෙනි හේතුව මේකෙ වැඩ කරපු සමාගම ලංකාවට අළුත්. ස්ටාෆ් එක අළුත්. ඒ කට්ටියට ලංකාවෙ settle වෙන්නම ලොකු කාලයක් ගියා. ලංකාවෙ පරිසරයට හුරුවෙන්න උන්ට ලේසි වුණේ නෑ.
දෙවැනි කාරණය කොවිඩ්. කොවිඩ් කාලෙ මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ගොඩක් දුරට නවත්තන්න වුණා. වැඩ නැතුව මේකෙ staff එකේ අයත් මාස ගණන් ගෙවල්වල හිටියා. කොවිඩ් දරුණුවටම ගියපු කාලයක් තමයි 2020 අවුරුද්ද.
තුන්වෙනි කාරණය මේ ව්‍යාපෘතිය ඉදිකරපු කලාපය. වරාය, පිටකොටුව වගේ අධි ආරක්ෂිත සහ ජනාකීර්ණ කලාපයක් වීම. වරායෙ වැඩ කරන කෙනෙක් දන්නව ඇති වරාය ඇතුලෙ වැඩක් වෙනකොට ඒ ඇතුලට යන්න සහ ඇතුලත කලාපයේ වැඩ කරන එකේ තියෙන අපහසුතා ගැන. මේකෙ utility clearance වලටම වෙනම කාලයක් සහ ලොකු මුදලක් වැය කරන්න වුණා.
ඊළඟ කාරණය තමයි ආර්ථික අර්බුදය. ඒ කාලෙ මේ ප්‍රොජෙක්ට් එකට Concrete & Material supply එක හරියට වුණේ නෑ. සමහර අවස්ථාවල මම දැනුවත්ව මේකෙ වැඩ නතරවුණා Concrete supply එකේ ප්‍රශ්ණ නිසා.
දැනටත් මේකෙ වැඩ ටිකක් ඉතුරුයි. කොළඹ වරායේ CICT කොටසට සහ ECT කොටසට සම්බන්ධ වෙන Ramp කොටස තවම ඉදිකෙරෙමින් තියෙන්නෙ. ඊට අමතරව Rectification වැඩ වගයක් තියෙනව මම දන්න තරමින්.