රත්තරන් බඩු උකස් කිරීම help

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    උපදෙස් ටිකක් ඕන රත්තරන් බඩු උකස් කිරීම ගැන ....

    බැංකුවක තියන එකද හොද නැත්නම් වෙන මුල්‍ය ආයතනයක් (LOLC ,LB වගේ) ද හොද..?

    අඩු පොලියක් අය කරන්නේ කව්ද ?

    මොනවද සාමාන්යෙන් හොයල බලන්න ඕන කරුණු....?

    Please help...!
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    රජයේ බැංකු වල පොලිය අඩුයි. හැබැයි අපිට දෙන මුදලත් අඩුයි.
    ඊට සාපේක්ෂව පෞද්ගලික බැංකු වල ගෙවන මුදල වැඩියි.

    දැඩිගම වගේ ඒවායේ ඊටත් වඩා වැඩි මුදලක් ගන්න පුළුවන්.

    රජයේ බැංකු වල පවුමකට ලක්ෂ දෙක හමාරක් වගේ උපරිම. ඊට අඩුයි ගොඩක් විට.

    සම්පත් බැංකුවේ ලක්ෂ තුනට වැඩියෙන් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට.

    දැඩිගම වගේ ඒවගේ නං ඊට වඩා පුළුවන්.

    බැංකු වල නං ඉතින් බේරා ගන්නවා නං කලින් කියන්න ඕනි. මුදල වැඩියෙන් ගන්නවා නං කලින් කියන්න ඕනි වගේ දේවල්. මොකද විශේෂයෙන් රජයේ බැංකු සේප්පුව අරින්නේ උදේට සහ දවල්ට වාර දෙකයි. ඒ වෙලේ තමයි භාණ්ඩ එලියට ගන්නේ.

    පෞද්ගලික ආයතන වල එහෙම නැහැ. විනාඩි 5 න් සල්ලි ගන්න, බේරා ගන්න, මුදල වැඩි කරගන්න පුළුවන්. හැබැයි පොලිය වැඩියි.