From experience - Suzuki GN125

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Senaro eka 40,000 KM or 4 Years Warranty ekak denawa. Meka hodaida? Mage mehe office eke unta aran denna baluwe. 3k. Daily drive karanawa. 50-100Km Monday to Friday. Outstation uth yanawa. Ekak Colombo. Ekak Bandarawela. Anika Dambulla. (Danata Brand New thiyenne eka nisa eka gana kiwwe)

    @Solo Rider උතුමානනී උපදෙස් පතමි. :love2:
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    matath GN 250k set wela thiyenne ganna 250k kata. @Solo Rider mahathage ashirwadaya one


    ganna

    Clutch hub, Startr Clutch, Head check karala ganna



    Senaro eka 40,000 KM or 4 Years Warranty ekak denawa. Meka hodaida?


    Oka gana bad review nan thibba ban :sorry:
    Poddak FB GN group wala search karala balanna usersla dapu reviews

    Brand New thiyenneth oka witharay thamay habay
    CT100 moko, hariyanne nadda ?
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ganna

    Clutch hub, Startr Clutch, Head check karala ganna





    Oka gana bad review nan thibba ban :sorry:
    Poddak FB GN group wala search karala balanna usersla dapu reviews

    Brand New thiyenneth oka witharay thamay habay
    CT100 moko, hariyanne nadda ?
    Bajaja Discover 125 eka brand new enawa neda. Eka shape neda Senaro ekata wada. GN wala wage seat eka hadala thiyenne.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Bajaja Discover 125 eka brand new enawa neda. Eka shape neda Senaro ekata wada. GN wala wage seat eka hadala thiyenne.

    Bajaja Discover 125 හොදයි
    අවුල තියෙන්න senaro නරකද කියල අපි නොදන්න එක

    GN250 eka a gaanata shape da machan. running condition thiyenawa

    නම්බරෙ මොකද්ද බන්
    reg number ?

    දැන් ලන්කාවේ brand new තියෙන්නේ ගන්න... මේ ටිකෙන් මොකක්ද හොදම
    Ct 100 vs discover 125 vs senaro vs tvs raider

    මම නන් CT
    එක්කො ලබෙට දුවන්න පුලුවන් වෙන්න ඔන
    නැත්නන් ඇගට දැනෙන වෙනසක් තියෙන්න ඔන
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    මගෙ එක්ස්පීරියන්ස් වචන ටිකක් කියන්නන්
    මේක සෑහෙන්න එලකිරියෙත් අහල තියන නිසා, හැමදාම එකම දෙ කියන්න බැ‍රි නිසාත්


    මොකද්ද මේ Suzuki GN125

    1980 ගනන් වල ජපන්නු මාකට් එකට රිලිස් කරනව standard category බයික් සෙට් එකක්
    මෙව standard category කියල කියන්නෙ, නිකන් එහාට මෙහාට යන්න, ටවුම වටෙ යන්න, කඩේට යන්න මෙන්න මෙ purpose එකට

    එවගෙන් එකක් තමයි Suzuki GN250 කියන එක. මේක අති සාර්තකව ලොකු පුරාම ව්‍යාප්ත උනා, විසෙසයෙන් යුරොපෙ.
    1994 දි මේ Suzuki GN250 එකේම පොඩි කසින් කෙනෙක් විදියට අර structure, fame, physics එකත් එක්කම පොඩි 125cc එන්ජිමක් එක්ක GN125 කියල
    මාකට් එකට දැම්ම learner bike එකක් විදියට

    මේකත් සැහෙන්න ජනප්‍රිය උනා විවිද හේතු මත
    01. ඉතාම අඩු මිල
    02. නඩත්තුව ඉතාම අවමයි යුරොපෙ ලොකු බයික් වලට සාපෙක්ශව
    03. ජපනීස් කොලිටිය, very fucking reliable
    මේක කොච්චර හිට් උනාද කියනව නන්, ඊට පස්සෙ චීනෙ, ලතින් අමරිකානු රටවල්, වලත් එක එක නම් වලින් පැතිරුන
    අදටත් නිශ්පාදනව වෙනව, හැබැයි ජපන්නු 2001න් පස්සෙ මේක නැවැට්තුව. අනිත් රටවල් ජපන ලයිස්න් එක ඇතුව / නැතුව කරගෙන යනව.


    GN125 fame

    මේ බයික් එකට පොඩි ෆේම් එකක් තියන්ව ලන්කාවෙ ( ඉන්දියන් බයික් එන්න කලින් සැහෙන්න තිබුන )
    අද්ටත් එහෙම්මයි, ප්‍රදාන හේතු විදියට,
    01. බයික් එක රස්සාවෙ කොටසක් වෙන අය ( filed officers, insurance agents, delivery officers, cash collectors වගෙ අය )
    දවසට වැඩි කාලයක් බයික් පදින අයට ඉතාම සැප පහසුව, කොන්දට, උරහිස් වලට අමාරුව නැති වෙන්න, තෙලුත් කරන , දුවන්න ලාබ බයික් එකක් වීම.
    02. හොන්ඩ බයික් වලට වඩා මිලෙන් අඩු වීම ( ex cm 125 custom, more comfortable but highly expensive )

    2004-2005 වගෙ වෙනකන් ආවෙ ජපන් GN තමයි, මේව ආවෙ රීකන්ඩිශන් විදියට
    ඊට පස්සෙ haojue කියන කම්පැනියෙන් Suzuki බැජ් එකත් එක ආව බ්‍රෑන්ඩ් නිව් බයික්ස් , මේව චීනෙ.
    පරන GN125H කියන්නෙ මේකට.
    මේ Suzuki badge එකත් එක්ක ආපු බයික් 2019 වගෙ වෙනකන් ආව. 2019 වලින් පස්සෙ Suzuki එක නැතුව "haojue GN125 " කියන නමින් ආවෙ පොඩි පොඩි වෙනස් කම් එක්ක 2020 දි ඉම්පෝට් නවත්තන කන්ම.


    මොනවද ආපු GN බයික්ස්

    ( reputation- on a scale of 1-3, 1 highest, 3 lowest )

    1 - GN125 - Onlight ( Japan ) ( highest spec )
    1 - GN125E ( Japan )
    1 - GN125 ( Japan )

    2 - Suzuki GN125H ( China )
    2 - haojue GN125 ( China )

    ආතක් පාතක් නැති චීන GN

    3 - Old Senaro GN125 ( China ) ( මේ වර්තමානෙ ඇහෙන , මෙහෙ ඇසෙම්න්බල් එක නෙවෙ )
    3 - CAL GN125 ( China )
    3 - Loncin GN125 ( China )
    3 - Ranomoto GN125 ( locally assembled )
    etc ආතක් පාතක් නැති චීන GN - මේකෙ තව හැටහුට හමාරක් තියනව බන්, අහලත් නැති නම් වලින්

    මෙ දවස් වල කතාවෙන GN එක

    reputation unknown - Senaro GN125 ( locally assembled )


    ජපන, චීන අදුරන්නෙ කොහොමද

    මම මෙතන කතා කරන්නෙ පරන චීන එක (GN125H) ගැන විතරයි
    අනිත් එව්ව දන්නෙත් නෑ, වැඩකුත් නැ.

    Japan GN

    chassis # starts from NF41XXXXX
    engine # starts from F01 XXXXXX
    "Made in Japan" embedded in almost every part including lights
    premium look & feel on mudguards, all nickel parts

    China GN 125H

    chassis # starts from * XXXX ( star sign )
    engine # starts from 157 XXXX
    cheap look & feel on mudguards, all nickel parts

    අමතර කොටස් සහ සේවා

    ජපන් එන්ජිම , එන්ජිමෙ කොටස් ගන්න තියනව, මේව බ්‍රෑන්ඩ් නිව් නන් නෙවෙ, රීකන්ඩිශන් කොටස්
    බොඩි පාට්ස් -> මීටර්, ලයිට් කප්, සයිඩ් අප්, සීට්,මඩ් ගාඩ්, රිම් මෙව තියනව පන්චිකවත්තෙ
    රටෙ අනිත් පලාත් ව්ල අයට උනත් ඔඩර් කරල ගෙන්න ගන්න පුලුවන්
    ජපන් ඉලෙක්ට්‍රොනික් පාට්ස් රීකන්ඩිශන් කොටස් ගන්න තියනව, යුනිට් එක, කොයිල් පැක්, ඉග්නිශන් කොයිල් , රෙගුලේටර්

    ජපනට පරන චීන් එකෙ එජින් වගේම බොඩි කැලිත් ගොඩක් එව මැච් වෙනව ( හැමදේම නෙවෙ, දැන් චීන් කාබ් එක ජපනට තියන්න බෑ )
    Japan Onlight එකට සමහර බඩු හොයන්නම බෑ, දානව නන් මොඩිෆයි කරල දාන්න ඔන ( ක්ලච් ස්විච් එක, සයිඩ් ස්ටෑන්ඩ් ස්විච්, ටේල් ලයිට් කප් එක මේව හොයන්න බැ )

    අනික් අතට පරන චීන එකට (GN125H) ඕන කැල්ලක්, ඕන කොලිටියකින් ගන්න පුලුවන්
    ඉලෙක්ට්‍රික් කෑලි උනත් බ්‍රැන්ඩ් නිව් ගන්න පුලුවන් ලන්කාවෙ ඕනම නගරෙකින්


    වැදගත්ම දේ - අද ගන්නව නන් ඔයා ගන්න ඕනෙ සෙනාරො එකද, පරන එකද, ජපන් එකද

    මේක පුද්ගලානු බද්දයි, මන් facts ටික කියන්නන්

    01. Rider Comfortability
    මේ 3නේම feel නන් එක වගෙ, මන් සෙනාරො පැදල නෑ, අනිත් 2ක පැදල තියනව. සැප, කොන්ද, උරහිස් පැත්තෙන් බැලුවොත් 3ma එක වගෙ.


    02. Cost
    ජපන් එක ජෙනුයින් තියාගන්නව නන් ජෙනුයින් කෑලිත් දාන්න ඕන, එව්ව 1:3ක් වගෙ මිල වෙනසක් තියනව, උදාහරන ජපන් එක 10000ක් වගෙ වෙද්දි පරන චයින් එක 3000ට ගන්න පුලුවන්. සෙනාරො එකෙ පාට්ස් මිල දන්නෙ නැ, එකට පරන චීන එකෙ කෑළි ඔක්කොම මැච් වෙන්නෙ ණෑ කියල අහල තියනව.
    Senaro - unknown

    03. Fuel
    Japan ~ 40kmpl
    Old China ~ 45kmpl
    Senaro නන් 70kmpl කරනවලු, උන් ඇඩ්ස් දාන්නෙ එහෙම තමයි

    04. Resell value
    Japan / Old China high
    Senaro low, no one dares buy them as a second-handed

    05. Parts availability
    Japan - Colomo Only
    China - all over the country
    Senaro - unknown

    06. Reliability

    ජපන අන්තිමට හැදුවෙ 2001 දි, එ කියන්නෙ ඔයාල අද ජපනෙක් ගෙනල්ල රෙජිස්ට කරත්, ඒක අවුරුදු 23ක් පරනයි
    චීන පරන එක දැන් එන්නෙ නෑ , අන්තිමට ආවෙ 2018/2019 වල, මේව දැන් 5.50/6.0 අතර ගානට යනව, ඉම්පොට් රෙස්ට්‍රික්ශන් අයින් කරත් මේව ආයෙ එයි කියල හිතන්න බැ
    සෙනාරො නන් අලුත්ම එව ගන්න පුලුවන්.

    පරන ජපන් බයික් වල අවුල් යන්නෙ එන්ජින් නෙවෙයි, එලෙක්ට්‍රික් කෑළි ටික. එ නිසා ඔයාල රෑ තිස්සෙ, නන්නත්තාරෙ ඇවිදිනව නන්, ඒ ගැන කල්පනාවෙ තියන් ඉන්න ඕන.
    එ වගෙම ඔයා අද genuine රීකන්ඩිශන් කොයිල් පැක් එකක් දැම්මත්, ඒකත් අඩුම අවුරුදු 23ක් පරනයි.

    චීන එකට අලුත්ම බඩු තියනව
    ඉඑල්ක්ට්‍රික් කෑළි අලුත් වෙන තරමට හොදයි

    පරන චීන එක (GN125H), චීන උනාට, බිල්ඩ් කොලිටිය අඩු උනාට සෑහෙන්න හොදයි, reliability අතින් නන් ඉතාම හොදයි
    2001 පට්ට ගහපු ජපනෙක්ට වඩා 2015 චීන එකක් ගන්න එක නුවනට හුරුයි

    සෙනාරො දන්නෙ නෑ, තාම ලොකු කාලයක් නෑනෙ
    ඕව මාකට් ඇවිල්ලා, කිමි 60000/70000 දුවල, බාස්ලා ගලෝල බලපුවාම, ගෙවිල තියන විදියට තමා කොලිටිය කියන්න වෙන්නෙ
    උන්ගෙ වොරන්ටිය කිමි 50000ක් වගෙ දෙනව නන් හොදයි කියල හිතන්න පුලුවන්

    07. Feel

    ජපනගෙ බීට් එක වෙනස්, බේස් ගතියක තියනව, එ ස්විච් උනත් ෆීල් එක වෙනස්, හොද කොලිටි ෆීල් එකක් එන්නෙ
    බයික් එක පොඩ්ඩක් බරයි , කිලො 5ක් වගෙ, එ මැටීරියල් වෙනස තමයි


    පරන චීන එක (GN125H), එක ඉතින් එහෙම අමුතු ෆීල් එකක් කියල එකක් නෑ
    senaro - unknown

    Finally,

    ඔයාල ජපනෙක් ගන්න පහත කරුනු සම්පූර්න නන්
    01. කොලබ නන් ඉන්නෙ,
    02. ලග පාත ජපන් බයික් වලට හොද බාසෙක් ඉන්නව නන්,
    03. බයික් එක වෙනුවෙන් කාලෙ වෙන් කරන්න පුලුවන් නන්
    04. ආසවට බයික් පදිනව නන් ( මේක ඉතා වැදගත්, මේක තියනව නන් වෙන කිසි දෙයක් අදාල නැ )

    නිතර බීසි කෙනෙක් නන්, නොදන්න එකක් ගන්න බය නන්
    පරන චීන එක (GN125H) එක ගන්න

    මම ගන්නව නන් ගන්නෙ brand new තමයි කියල හිතනව නන් සෙනාරො එකක් ගන්න


    Glossary

    ජපනෙක් - (GN125 Onlight, GN125E, GN125 )


    GN125 Onlight



    GN125E





    පරන චීන එක - ( Suzuki GN125H, haojue GN125H )


    AI වලින් ඇහුවා. මෙන්න AI agree 👍👍👍👍

    The Elakiri forum post details an owner's one-year experience with a Suzuki GN125. Here's a fact-check:

    Lightweight & Easy Handling:

    OP: Light and easy to manage.

    Fact-Check: TRUE. Known for low weight (~105kg) and easy maneuverability.

    Good Fuel Economy (45-50 kmpl):

    OP: Achieved 45-50 kmpl.

    Fact-Check: PLAUSIBLE/TRUE. Renowned for efficiency; this range is realistic.

    Low Maintenance:

    OP: Needs little maintenance (plugs, oil filters).

    Fact-Check: TRUE. Simple, robust engine requires basic, inexpensive upkeep.

    Affordable & Available Spare Parts:

    OP: Parts are cheap and easy to find.

    Fact-Check: LARGELY TRUE. Popularity means good parts availability at reasonable prices, especially common items.

    Classic Look:

    OP: Has a classic appearance.

    Fact-Check: SUBJECTIVE, BUT WIDELY AGREED. Its traditional UJM design is often seen as classic.

    Good Resale Value:

    OP: Holds value well.

    Fact-Check: PLAUSIBLE (market-dependent). Reliable commuters like the GN125 often have good resale due to demand.

    Low Speed / Vibrations over 80 kmph:

    OP: Not fast; vibrates above 80 kmph.

    Fact-Check: TRUE. A 125cc commuter, comfortable around 60-80 kmph; vibrations are typical for small singles when pushed.

    Small Tires / Tends to Skid:

    OP: Small tires, can skid.

    Fact-Check: TRUE. Narrow tires offer less grip than wider ones, potentially increasing skid risk, especially if worn or on poor surfaces.

    Brakes Not Great (Drum Brakes):

    OP: Brakes are mediocre, attributes to drums.

    Fact-Check: TRUE for many models. Drum brakes (common on GN125s) are less powerful than modern discs.

    Uncomfortable for Long Distances (Seat):

    OP: Seat uncomfortable for long rides.

    Fact-Check: SUBJECTIVE, BUT COMMON. Stock commuter seats often lack long-distance comfort.

    Look Might Be Ordinary:

    OP: Some might find its appearance plain.

    Fact-Check: SUBJECTIVE. While classic to some, others see its simple design as unremarkable.

    Basic Meter Panel:

    OP: Instrument cluster is basic.

    Fact-Check: TRUE. Features a simple analog setup with essential info.

    Conclusion:
    The poster's assessment of the Suzuki GN125 aligns well with its generally known characteristics. The pros and cons mentioned are consistent with typical owner experiences, making the forum post appear accurate and realistic.
     
    • Like
    Reactions: baale