"Hank' කියන්නෙ ඇමරිකාවෙ 'Minnesota' ප්‍රාන්තෙට අයත් දුෂ්කර ප්‍රදේශයක පිහිටලා තියෙන "feed mill" එකක ගිණුම්කරුවෙක් විදිහට සේවය කරන පුද්ගලයෙකුයි. මෙයාගෙ සහෝදරයා තමයි 'Jacob' කියන්නෙ. 'Jacob' ටිකක් විතර මෝඩ පහේ පුද්ගලයෙක්. 'Lou' තමයි 'Jacob' ගෙ හොදම යාළුවා. මේ තුන් දෙනාම එකම ගමේ තමයි ජීවත් වුණේ. අලුත් අවුරුද්ද ලබන්න කලින් දවසෙ, ඒ කියන්නෙ දෙසැම්බර් මාසෙ 31 වෙනිදා මේ තුන්දෙනා ගමනක් ගිහින් එන අතුරතුර ඒ අසල තිබ්බ කැළෑවකට කඩන් වැටුණු ගුවන් යානයක් අහම්බෙන් වගේ මේගොල්ලන්ට හම්බවෙනවා. "Hank' කඩා වැටිලා තියෙන ගුවන් යානයට ඇතුළු වෙලා බලනවා කවුරුවත් ජීවතුන් අතර ඉන්නව ද කියලා.
නමුත් ගුවන් යානය පදවපු නියමුවගෙ මළසිරුරයි, මළසිරුර අසල තිබුණු ලොකූ බෑග් එකකුයි තමයි "Hank' ට දැකගන්න ලැබෙන්නෙ. කෝකටත් කියලා "Hank' මේ බෑග් එක පරීක්ෂා කරලා බලන්න තීරණය කරනවා. ඒ පරීක්ෂාවෙදි ඔහුට දැකගන්න ලැබෙනවා බෑග් එකේ එක ඇතුළෙ ඩොලර් මිලියන ගාණක් වටින නෝට්ටු තොගයක් තියෙන බව. "Hank ටයි, Jacob ටයි, 'Lou' ටයි අහම්බෙන් හම්බවුණු මේ සල්ලි බෑග් එක නිසා එතැන් පටන් මේ තුන්දෙනාටයි, මේ තුන්දෙනාගෙ සමීපතමයන්ටයි මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් ගැන කතා පුවතක් තමයි 1998 වසරෙදි තිරගත කරපු "A Simple Plan" චිත්‍රපටියෙන් අපි වෙතට අරන් එන්නෙ.
අපි හුග දෙනෙක් දන්න සුප්‍රසිද්ධ වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් "Sam Raimi" ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයෙ තිර පිටපත රචනා වුණේ ඇමරිකානු ග්‍රන්ථ රචකයෙක් වෙන "Scott Smith" විසින් රචනා කරලා 1993 වසරෙදි එළි දක්වපු "A Simple Plan" කියන නව කතාව ඇසුරු කරගෙනයි. චිත්‍රපටයෙ තිර පිටපත රචනා කළෙත් නවකතාව රචනා කරපු "Scott Smith" විසින්මයි. "A Simple Plan" චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට Bill Paxton, Billy Bob Thornton, Bridget Fonda, Brent Briscoe, Chelcie Ross, Gary Cole වගේ ප්‍රවීණ නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වුණා.
කතාව සහ කතාවෙ 'vibe' එක, රූපගත කරන්න යොදාගත්තු දර්ශන තල වගේම චිත්‍රපටියෙ "atmosphere" එක ගත්තම "Coen brothers" ලා අධ්‍යක්ෂණේ කරපු 'Fargo (1996)" චිත්‍රපටියෙයි, මේ චිත්‍රපටියෙයි අතරෙ ලොකු සමානකම් තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. චිත්‍රපටියෙ මුළු කතාවම හිම වැටෙන පරිසරයක් පසුබිම් කරගෙන හදලා තියෙන නිසා චිත්‍රපටියෙ පුරාවටම dark, gloomy ගතියක් තමයි දැකගන්න ලැබෙන්නෙ. සල්ලිවලට තියෙන අධික තණ්හාව නිසා මිනිස්සු නොමිනිස්සු වෙන හැටි ගැන මේ චිත්‍රපටියෙ කතාවෙන් අපිට අපූරුවට පෙන්වනවා.

චිත්‍රපටිය බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. හුගක් හොද චිත්‍රපටියක්. 

Last edited: