AL වලට Tech කරන්නද Maths කරන්නද?

RoxDeyon

Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    ඔන්න පොරොන්දු විදියට සීන් එක කියන්න යන්නේ A/L maths හෝ bio කරලා ඉන්ජෙක් හරි ඩොකෙක් වෙන්නම් ඉතින් ,අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කැපවීම සහ luck තියෙන්න ඕන.oL A9 හෝ A8/7/6/ උන් හිතන්නේ උන් තරම් මීටර් කොහෙවත් නැ කියල AL වලට ගියාම වෙනම සීන් එකක් තියෙන්නේ ol වලට ඉගැන්නුවේ මොනවද කියල හිතේ.ටියුෂන් කඩකාරයො ටික ගියපු දවසෙම උබලයි brain wash කරනව වෙනම ලෝකෙකට එක්කන් යනව උබලව ..උබලට හිතේ උන් තමයි අපේ ගැලවුම්කාරය කියල(පක තමයි ඉතින්) උබලා ඔය කාගෙ ගාවටත් ගියත් උබ වැඩ කරන්නේ නැත්නම් ඉතින් සොරි.කොම්

    දෙවනි එක ලක් එක, කොච්චර දඩ මීටරයක් වුනත් exam වෙලාවට ලියාගන්න බැරැව වැඩ තුනවත් නැතුව දුක් වෙන එවුන් කොච්චර ඉන්නවද මම ලක් එක කියන එක නම් විශ්වාස කරනව..mcq කොපි ගහන් සෙට් වෙලා කැම්පස් යන්න සෙට් වෙච්ච එවුන් අපේ සෙට් එකෙත් හිටිය පින තමා ඉතින්

    කතාව සහතික ඇත්ත අයියේ...අපේ උන් ඕලෙවල් කිට්ටු වෙනකන් පිස්සු කෙල කෙල ඉදලා අන්තිම මාස 3න් ගේම ගහලා ඒ9 අරගත්තම උන් හිතනවා අපි පොර අපි කෙලින්ම මැත්ස් බයෝ කියල.ගෙවල් වලින් ටීචර්ස්ලත් සප් එක දෙනව පුතේ ඒ9 ගත්ත එකේ අපරාදෙ සයන්ස් නොකලොත් කියල.ඒකයි සීන් එක...

    මම ඕලෙවල් කාලෙ පිස්සු නැටුවෙ නං නෑ ලකුණු තිබ්බෙ නැත්තෙ පාඩම් කළා මදි නිසා වෙන්නැති.මමත් අන්තිම මාස 3යි පාස් පෙපර්ස් කරලා එහෙම ඔය ටික කලේ.මට නං ඒ5ක් තිබ්බත් ඇති.

    සිරාවටම නුගේගොඩ ක්ලාස් නං මාකටින් එකක් සිරාවටම...මමත් ක්ලාස් ගිහින් උන් අයිලන්ඩ් රෑන්ක් දාපු කතා ඇහුවම අපිත් හිතුවෙ පන්තියම ගොඩ තමා කියලා...දැන් තමා තේරෙන්නෙ 1500ක් 2000ක් ඉන්න ක්ලාස් එකේ 500ක්වත් පාස් වෙන්නෙත් නෑ කියල...

    ප.ලි - ඔයා ටෙක් ගැන ලෙක්චර් එකක් දෙන්නං කිවුවට ටෙක් ගැන නෙවේනෙ කියල තියෙන්නේෙ:yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    ටෙක් කොටස් දෙකකට බෙදෙනව1. ET(engineering technology)
    2.BST(bio system technology)

    ඔය දෙකෙන් මොකක් කරත් sft (science for technology )අනිවාර්යයි
    1.sft
    2.Et හෝ BST
    3.subject 10 තියෙනව කැමති එකක් තෝරගන්න පුළුවන් (IT/Media....)

    උබ et තෝරගත්තොත් et වල ති⁣යෙන්නෙ automobile civil eletrical eletronic
    BST තෝරගත්තොත් agri food තව දේවල් තියෙනව මම bst පැත්ත ගැන දන්නේ නැ තව exam එකෙන් 25% practical marks ගොඩක් එවුන් S එක දාගන්නේ practical වලින්

    Btec degree එකක් තමයි දෙන්නේ කෝසස් තමයි mechatronics ,nano technology ,automobile තව මොකක් හරි හොද කෝසස් එකක් තිබ්බා මට මතක නෑ ඔය courses වලට බොහොම පොඩි ගානයි ගන්නේ සෙට් වුනොත් ගොඩ නැත්නම් ඉතින් ආනත කුකුලෙක් තමයි

    ආ තව එකක් ටෙක් කරාම සල්ලි දීලවත් ඉන්ජිනයරින් degree කරන්න බෑ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    මම නම් කියන්නේ oL ඉවර උන ගමන් german ටෙක් හරි ජපන් ටෙක් ඇප්ලයි කරන්න කියල මම කියන කතාව තේරෙයි AL ඉවර වෙලා රිසාල්ට් ඇවිත් මාසයක් දෙකක් යන කොට නටපු නැටුමකුත් බෙරේ පලුවකුත් නැ මැත්ස් කරල s3 යන්න පැති තියෙනව සල්ලි දීල හරි ටෙක් වල එහෙම නැහැ university college තියෙනව හැමදාම ප්‍රශ්න faculty තාම හදල ඉවරත් නැ
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    ගායිස් A8යි C1යි මට...
    අවසානයේ ත්‍රෙඩ් එකෙන්,ෆේස්බුක් එකේ දාපු පෝස්ට් වලින්,ගෙදර මිනිස්සු කියව දේවලින් තේරුම් ගත්ත දේ...අනිත් එවුන් කියන දේ අහ අහ ඉන්නැතුව තමන් ආස දේ කරන්න කියන එක...අනිත් එවුන් කියන පලියට අකමැත්තෙන් යමක් කරන්න එපා කියන එක...
    එමනිසා,
    උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගත්තා...
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    kauru th muge thread walata reply karanna epaa.mu rep karanna kiyala passe rep kapana ponnayek
    Uba prashne mulin dapan ehenam reply karama rep kapanawa kiyala kondak nathi ponnayek
    Aye Nam danna deyak unat thoge thread walata reply karanne ne.rep kapaddi dau eka,poenne ne.kondak thiyenawa nm eka penna methana dapan pons
     
    • Like
    Reactions: 1118lakmalkumara

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    kauru th muge thread walata reply karanna epaa.mu rep karanna kiyala passe rep kapana ponnayek
    Uba prashne mulin dapan ehenam reply karama rep kapanawa kiyala kondak nathi ponnayek
    Aye Nam danna deyak unat thoge thread walata reply karanne ne.rep kapaddi dau eka,poenne ne.kondak thiyenawa nm eka penna methana dapan pons

    Rep දාද්දි I approve/I disapprove කියල දෙකක් තියනව.ඒකෙන් තේරෙන්නෙ ඒ අදහස ගැන රෙප් දෙන කෙනා හිතන විදිහ.එයා ඒ අදහසට කැමති නං රෙප් දෙනවා අකමැති නං කපනවා.එහෙම රෙප් දෙන්න සහ රෙප් කපන්න අපිට නිදහස තියනවා.ඔබේ රෙප් කැපුවෙ ඔබේ අදහස් වලට මං එකග නැති නිසා.ඔබේ වගේම මෙතන කීප දෙනෙක්ගෙ රෙප් කැපුවා.ඒ වගේම මට එකග වෙන්න පුලුවන් අදහස් වලට මම රෙප් දුන්නා.රෙප් දෙන එක නොදෙන එක අපේ නිදහස.ඒක ඔබට වගේම මටත් තියනවා.ඔබත් මගේ රෙප් කපලා තිබ්බා මට මතක හැටියට.
    ඒ වගේම මම රෙප් දාද්දි සහ කපද්දි මගේ නම දාලා තමයි ඒක කරන්නේ.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192

    :rofl:
    ithin kauruth ubata reply karaida kiyahnkoo
     
    • Like
    Reactions: RoxDeyon

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    kauru th muge thread walata reply karanna epaa.mu rep karanna kiyala passe rep kapana ponnayek
    Uba prashne mulin dapan ehenam reply karama rep kapanawa kiyala kondak nathi ponnayek
    Aye Nam danna deyak unat thoge thread walata reply karanne ne.rep kapaddi dau eka,poenne ne.kondak thiyenawa nm eka penna methana dapan pons

    uba wage gonek.ube ideas ma thiyena un witharak Nam reply karanna ona Mona huththak karannada meke prashnayak damme? Uba mage rep kapala tibbe man mokak karalada? Ubata ayi reply karanne Na mat

    Rep දාද්දි I approve/I disapprove කියල දෙකක් තියනව.ඒකෙන් තේරෙන්නෙ ඒ අදහස ගැන රෙප් දෙන කෙනා හිතන විදිහ.එයා ඒ අදහසට කැමති නං රෙප් දෙනවා අකමැති නං කපනවා.එහෙම රෙප් දෙන්න සහ රෙප් කපන්න අපිට නිදහස තියනවා.ඔබේ රෙප් කැපුවෙ ඔබේ අදහස් වලට මං එකග නැති නිසා.ඔබේ වගේම මෙතන කීප දෙනෙක්ගෙ රෙප් කැපුවා.ඒ වගේම මට එකග වෙන්න පුලුවන් අදහස් වලට මම රෙප් දුන්නා.රෙප් දෙන එක නොදෙන එක අපේ නිදහස.ඒක ඔබට වගේම මටත් තියනවා.ඔබත් මගේ රෙප් කපලා තිබ්බා මට මතක හැටියට.
    ඒ වගේම මම රෙප් දාද්දි සහ කපද්දි මගේ නම දාලා තමයි ඒක කරන්නේ.

    malli, mama reply karanna awe thread ekata, passe dekka oya oyage decision eka aran kiyala,, Good Luck with that, honda anagathekata subha pathanwa,

    but mehema deyak kiyannam, umba daksha kollek, namuth me podi de pawa oyage jeewitheta balapanwa,
    rep denwada nedda kiyana eka ayithiyak wenna puluwan, namuth ape minissuntawaradinne onna oya ayitiya gena hithana nisa,,

    meke reply dapu hemoma uthsaha kale malli oyata udaw wenna,egollonge kaale weya karagena, ethakota oyage ayithiya mokak unath yuthukamak thiyanawa e oyata udaw karanna hadapu minissunta Respect karanna, EK eke rep ekak, reply ekak kiyanneth respect ekak, netnam monath nokara hitiyath kamak nehe,,,

    Those small things will decide ur life, Not ur xams... U'll pass the xams some how, but u will fail in life if u do not learn to respect others...

    Good luck.
     
    Last edited:

    වැරැද්දක් තියේ නං අනිවා ඒක පිළිගන්න එකෙක් මං...ස්තූතියි අයියෙ මගෙ වැරැද්ද පෙන්නුවට...

    රිප්ලයි දාපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා රෙප් කපපු එකට...:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    වැරැද්දක් තියේ නං අනිවා ඒක පිළිගන්න එකෙක් මං...ස්තූතියි අයියෙ මගෙ වැරැද්ද පෙන්නුවට...

    රිප්ලයි දාපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා රෙප් කපපු එකට...:sorry::sorry::sorry:

    Good luck...
    waradi thiyei, ewa hadagena yana ekai saarthakathwaya kiyanne,,,
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    අසාවෙන් කරන්න පුළුවන් එකක් තෝර ගන්න ... maths කරන්න පුළුවන් කෙනෙක් නෙමේ ඔයා ...තරහ වෙන්න එපා මල්ලි....
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    අසාවෙන් කරන්න පුළුවන් එකක් තෝර ගන්න ... maths කරන්න පුළුවන් කෙනෙක් නෙමේ ඔයා ...තරහ වෙන්න එපා මල්ලි....

    කිසි තරහක් නෑ අයියා...:yes:

    ආසාවෙන් කරන්න පුලුවන් දේ කරනවා...අකමැති දෙයක් කරන්න ගිහින් කරගන්න පුලුවන් ටිකටත් කෙලවෙලා යයි නැත්තං...
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    අවුරුදු 6කට විතර පස්සෙ එලකිරියට ලොග් උනේ... මේකෙ රිප්ලයි ටික බලාගෙන එද්දි ඒ කාලෙ කරල තියන ඒවා ගැන හෙන ක්‍රින්ජ් ෆීලිං එකකුත් එනවා... anyway, පොඩි අප්ඩේට් එකක් දෙන්න හිතුනා මේ ත්‍රෙඩ් එකෙන් අවුරුදු 6කට පස්සෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියල.

    මං ටෙක් කලා. BBC රිසල්ට් එකක් තිබ්බා 1.34 Z score එකක් එක්ක. ඒකෙන් වයඹ කැම්පස් එකේ E tech ඩිග්‍රියට සිලෙක්ට් උනා. ඒත් මාසයක් හමාරක් කරන් යද්දි මට වැඩේ අල්ලන්නැතුව ගියා cuz මම ට්‍රයි කලේ මොරටුවෙ integrated design කෝස් එකට. ඒත් ඒකෙ ඇප්ටිටියුඩ් ටෙස්ට් ෆේල් උන නිසා ඒක ආවෙ නෑ Z එක තිබ්බත්. ඊට පස්සෙ වයඹ කැම්පස් එකට යන එක නැවැත්තුවා මට සෙට් උනේම නෑ කෝස් එකවත් කැම්පස් එකවත් මොකක් හරි හේතුවක් නිසා.
    අනිත් එක තමා මං ඒලෙවල් කරන කාලෙ ඉඳන්ම 3D modeling/animation ඉගෙනගත්තා සහ සීනියර් ආටිස්ට්ල කීපදෙනෙක් ලගයි තව freelance උයි කරලා එක්ස්පීරියන්ස් හදාගත්තා.
    වයඹ කැම්පස් යන එක නැවැත්තුවට පස්සෙ මං ආයෙ ඩිප්ලෝමා එකකට ගියා ඒක නං මීඩියා සයිඩ් එකෙන් තිබ්බෙ. තව කම්පැනි 3ක විතර වැඩ කලා මල්ටිමීඩියා ඩිසයිනර්/ත්‍රීඩී ආටිස්ට් විදිහට.
    ඊට පස්සෙ මට රශියන් ස්කොලර්ෂිප් එක හම්බුනා මොස්කව් වල යුනි එකක design වලින් බැචලර් එක කරන්න. දැන් ඒකට ඇවිත් ඉන්නෙ.
    ඔිකයි ඉතින් දැන් තත්වෙ.
     
    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    34
    22
    8
    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    ආයුබෝවන් එලකිරියේ අයියලා අක්කලා හැමෝටම...
    කට්ටිය මේක විහිලුවකට ගන්නැතුව ඇත්තටම උපදෙසක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
    මේකයි සීන් එක...
    මම ගිය අවුරුද්දෙ (2018) OL ලිවුවේ.දැන් AL වලට විෂයක් තෝරගන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මම ගිය දෙසැම්බර් අන්තිම ඉදන් දැන් වෙනකන් මැත්ස් කරන්න හිතාගෙන මැත්ස් විෂයන් 3ට ක්ලාස් 3කට යනවා.නුගේගොඩ හොදම කියන ක්ලාස් 3කට යන්නේ.ඒත් කියන්න දුකයි ඇත්තටම කම්බයින් මැත්ස් වල එහෙම මට කියන කරන මෙලෝ රෙද්දක් තේරෙන්නෑ.මුල් සති 2,3 අවුලක් නෑ...පස්සෙ තමා කෙලියා උනේ.ක්ලාස් එකේ පසුගිය විභාග ප්‍රශ්න එහෙම කියලා ටිකකුත් කළා හිතාගන්නවත් බෑ හදන විදිහක්.අනිත් විෂයන් 2ත් ඒ තරමටම අවුල් නැති උනාට ඒවත් අවුල්.

    සීන් එක මේකයි මට දැන් ක්ලාස් එකට වෙලා මොනවත් තේරෙන්නෙත් නැතුව ඕහේ ලියාගෙන ගෙදර එනවා.මට අවුල තියෙන්නෙ මෙච්චර වියදං කරල දැන් මෙහෙම තේරෙන්නෙත් නැත්තං ආසාවෙන් කරන් යන්න විදිහකුත් නැත්තං මේක කරල වැඩක් තියේද කියලා.මොකද මං පදිංචිය හොරණ. ඉස්කෝලෙ යන්නෙ නං කොලඹ. ඒත් දැන් හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම.ඒ මදිවට ගමන් වියදමත් වැඩියි කාලෙත් අපරාදෙ ඊට පස්සෙ කන්න බොන්න ඒවටත් බරපතල වියදමක් යනව මාසෙට.ඉතින් අවංකව අර විදිහට මෙලෝ රෙද්දක් තේරෙන්නෙත් නැතුව ඉන්න කොට අම්මගෙ සල්ලි නිකන් නාස්ති වෙනවා කියන ෆීලින් එක එනවා...

    ඒ නිසා මං හිතුවෙ වෙන විෂයක් කරන්න කියලා....
    මං මැත්ස් කරන්න හිතුවෙ ඇත්තටම මගේ ලොකු කැමැත්තකුත් තිබ්බෙ නෑ මට පොඩි ආසාවක් තිබ්බා ටෙක් කරන්න ඉස්සර ඉදන් නමුත් වටේ ඉන්න ගැටමන්දො ටික එක එක කතා කිවුවා.
    එක පොරක් කිවුවා ටෙක් කියන්නෙ විෂයන් බර ගාණක් එකතු කරල තියන පට්ටම අමාරු එකක්, තව ටෙක් කරලා s3 ක් දාගත්ත බුවෙක් කිවුවා ටෙක් කරන්නෙපා බං ඒක අවුල් ඔහොම ඔහොම කතා ගොඩයි...අනිත් සීන් එක ඇත්තටම මං දන්නෙ නෑ ටෙක් කරලා යන්න පුලුවන් පැති මොනවද කියලා.යම් විදිහකින් මට කැම්පස් යන්න බැරි උනොත් මොකද කරන්නේ කියල දන්නෙ නෑ...දැන් හමෝම වගේ කියන කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා.මං දන්නෑ ඒව ඇත්තද බොරුද කියලවත්.

    (අනිත් සීන් එක මගෙ අවුලක් තියනව එක එකා කියන ඒව කියන පලියට විශ්වාස කරන.)

    දැන් මට තියන ප්‍රශ්නෙ මේ විදිහට මං මැත්ස් කලොත් මට කෙල වෙයිද? ඇත්තම කිවුවොත් OL කාලෙත් මට මැත්ස් හරියට බෑ.හැමදාම 70 ගණන් තිබ්බේ.තාම OL ප්‍රතිඵල ආවෙ නැති නිසා මං 3 වාර විභාගෙ ප්‍රතිඵල කියන්නං මගෙ තත්ත්වෙ ගැන ඔයාලට අදහසක් ගන්න...
    මම ඇත්තටම බ්‍රයිටෙක් නං නෙවේ මම පන්තියෙ 20 ගණන් හැමදාම...2 වාර විභාගෙ තිබ්බෙ A2, B4, C3 අර A2 ත් හරියට 75යි...
    පස්සෙ OL ළග එන හින්ද 3 month mission එකක් ගැහුවා පාස්ට් පේපර්ස් කර කර...එහෙම කරගෙන 3 වාර විභාගෙට A6 B3 ක් දැම්මා.ගණන් වලට 78 තිබුනෙ.
    දැන් OL මොනවා වෙයිද දන්නෙ නෑ A5ක් වත් තියෙයි කියලානං විශ්වාසයක් තියනවා.

    මගේ අනාගත රැකියාව ගැන බලාපොරොත්තු ගැන ඇහුවොත් නං මගේ ආසාව IT field එකට තමා.ඒත් සොෆ්ට්වෙයා ඉංජිනීයරින් ගැන නං බලාපොරොත්තුවක් නෑ මොකද මං programming වගේ ඒවට ආස නෑ.ආස නෑ නෙවේ ඇත්තටම මට තේරෙන්නෑ කවදාවත් මට වැදුන්නෑ programming පැත්ත...මං ආස ග්‍රැෆික් පැත්තට vector graphics, 3d, vfx වගේ ඒවට ලොකු ආසාවක් තියනව ඒ වගේම architect, web developing,desiging සහ වාහන සම්බන්ද ඒවා වගේ පැති වලටත් ආසයි...වැඩි හරියක්ම vector graphics, 3d, vfx වගේ ඒවට තමයි ආස ඒ වගේ පැත්තකින් ඉහලට යන්න ලොකු උවමනාවක් තියෙනවා.3d, vfx ගැන නං දැනට මහලොකු දැනුමක් නෑ vector graphics නං දැනටම පුලුවන් නෙට් එකේ වීඩියෝ බලලම ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර් ඕනි එකක් පුලුවන්.
    ඉතින් ඒ වගේ පැත්තකට යනවා නං මං මැත්ස් කරන එක හොදද කරලා මගේ කාලෙ අපරාදෙ වෙයිද සල්ලි අපරාදෙ වෙයිද?...මට ආසාවෙන් කරන්න පුලුවන් වෙයිද?

    එලකිරියෙ ඉන්නවද ටෙක් කරන/කරපු අය? ඉන්නවා නං ටෙක් ගැන විස්තරයක් කරලා යන්න කියලා ඉල්ලනව කරුණාකරලා...මං ආස කරන පැති වලට යන්න ටෙක් කරන එක හොදද? ටෙක් කරලා යන්න පුලුවන් වෙන පැති මොනවද?...ටෙක් කරලා කැම්පස් යන්න බැරි වුනත් විසදුම් තියනවද? පොඩ්ඩක් විස්තර කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා...

    දැනට අදහස ටෙක් එක්ක ICT කරන්න...එහෙම කරන/කරපු අය ඉන්නවා නං ඔයාලගෙ අත්දැකීම්/අදහස් කියලා යන්න.

    ඒ වගේම ටෙක් හරියන්නෙත් නැත්තං කොමස් කරන එකද හොද මට?...කොමස් කරලත් යන්න පුලුවන්ද අර කිවුව පැති වලට? කොමස් ගැන නං මෙලෝම දෙයක් දන්නෑ මං?

    මේ ත්‍රෙඩ් එක ඕපන් කරන එකේ මට දැනගන්න ඕනි ප්‍රධානම දේවල් ටික මෙච්චරයි.
    1 - ටෙක් කරන එක අවුල්ද?... කරලා යන්න පුලුවන් පැත් මොනවද?...කැම්පස් ගියෙ නැතත් කරන්න දේවල් තියනවද?...කරලා මං කිවුව පැති වලට යන්න පුලුවන්ද?...නැතත් හොද ජොබ් එකකට යන්න පුලුවන්ද?

    2 - මේ කිවුව තත්ත්වයෙන් මං මැත්ස් කරන එක හරිද?...කරගන්න පුලුවන් වෙයිද?...සල්ලි අපරාදෙ වෙයිද කාලෙ නාස්ති වෙයිද?

    ප්‍රධාන වශයෙන් මට තියන ලොකුම ප්‍රශ්න දෙක තමා ඔය...ඉතින් උඩින් මං කරපු විස්තරයත් එක්ක සලකලා මගේ ගැටලුවලට විසදුමක් දෙන්න කියලා ආරාධනා කරනවා....

    ස්තූතියි!
    Campus potha aran balaham maths, tech karahama thiyena degree monawada kiyala. Ravindu bandaranayaka kiyala sir kenek ge youtube channel eke oka gana video ekak dala thiye eka balala thiranayak ganna.