අද මොකක්හරි සිද්ධියක් නිසා මගේ මතකය පොඩ්ඩක් ඈතට ඇදිලා ගියා. මම මේ කතා කරන්නෙ android හරියට ලංකාවට එන්නකලින් ඒ කියන්නෙ 2010ට කලින් කට්ටිය එක්ක කතා කරන්න කාපු කටු ගැන.
ඒ දවස්වල ගොඩක් උන්ට තිබ්බෙ ඉතින් බටන් phone එකක්. එක්කො කෝල් එකක් දෙන්න ඕනා නැත්තන් SMS එකක් ගහන්න ඕනා. ඉස්සර කෝල් එකක් එහෙම පට්ට ගනන්. ඉස්සර ගොඩක් කපල් උන් කලේ hutch සිම් ගන්න එක. ඕකේ පොඩි සීන් එකක් තිබ්බා, කෝල් එකට ගාන කැපෙන්නෙ තත්පර 3ක් ගියාට පස්සෙ. ඉතින් අපේ ගොඩක් උන් කරන්නෙ. මුල් තප්පර 3නේ පුලුවන් තරම් කියන්න ඕන එක කියන එක.
අනිත් එක තමා SMS,අකුරු 160යි, එක msg එකකට 2.50ක් වගේ කැපුනා. ඉතින් වචන 2ක් අතරේ space එකත් පට්ට වටිනවා. සමහර උන් මෙහෙම තමා ටයිප් කලේ
I love you කියන එක යව්වෙ IloveYOU කියලා. ඒ කියන්නෙ වචන වල කේස් එක මාරු කරන්වා space එක තියෙන තැන පෙනන්න.
ඒ දවසවල පැය ගනන් මල් කඩන්න සල්ලි නෑ. හැබැයි payphone කියලා ජාතියක් තිබ්බා. ඕකට 9න් පස්සෙද කොහෙද රුපියල් 5ක් දැම්මොත් විනාඩි 20ක් විතර කතා කරන්න පුලුවන්. ඉතින් ගොඩක් උන් කරන්නෙ ගිහින් phone එකක් අල්ලගෙන 9 වෙනකන් බලන් ඉන්නවා. රෑට ඉතින් pay phone ගාව පෝලිම්. දැන්නම් ඕවා හොයන්නත් නෑ.
රට ඉන්න උන්ට කතා කරන්න ලොකුම විදිය තමා skype, ඉස්සර ගෙදරක interent තියා computer එකක් නෑ. ඉතින් ගොඩක් උන් internet cafe එකක්ට ගිහින් එක්කො උන්ගෙ account එකෙන්, නැත්තන් cafe එකේ account එකෙන් ලොග් වෙලා තමා කතා කරන්නෙ. සල්ලි ගන්නෙ ඔය පැය බාගෙට, පැයට වගෙ.
whatsapp එන්න කලින් තිබ්බෙ MMS කියන එක, ඕකෙන් තමා ඉතින් ඉස්සර කෙල්ලෙක් සෙට් උනාම පිංතූරයක් එහෙම share කරගන්නෙ
උඹලගෙ කාලෙ ගත්ත ආතල් තියෙනවාන දාගෙන පලයන්.