Random කතා - සිංහලුන්ගෙ බොරු පොශ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,391
    75,028
    113
    ඊයේ පොඩි රවුමක් දාන්න cool planet එකට ගියාම වෙච්ච සිද්දියකින් මට මේක දාන්න මතක් උනෙ.

    ගොඩක් වෙලාවට උන්ගෙ parking lift එක lobby එකට විතරයි යන්නෙ, ආයි උඩට යනවානම් තව lift එකක් ගන්න ඕනා. ඉතින් ඔන්න මම ඒකේ නැග්ගාම කොළඹ තව සුදු සිංහල ලඳක් (මේකප් දාපු පෙනුමෙන් පොශ්) නැග්ගා. නැගලා 2ට යන්න ඔබනවා, වැඩ නෑ. ඔබන ගමන් ඉතින් කඩ්ඩෙන් කතාකරනවා අපි දිහා බල බල, බැරිම තැන කඩ්ඩෙන්ම අපෙන් අහනවා මේක 2ට වැඩ නැද්ද කියලා. තාරක ඉතින් second වෙන්න අකමැති නිසා කඩ්ඩෙන්ම කෙටියෙන් කියලා දැම්මා "නෑ" කියලා. කියලා බැහැලා යන්න හදනකොට ආයි කඩ්ඩෙන් අහනවා කොහොම්ද උඩට යන්නෙ කියලා.

    ඉතින් මමත් එතනින් අයින් වෙනගමන් කිව්වා ඇතුලෙන් වෙන ලිෆ්ට් එකක් ගන්න කියලා. යනගමන් මට හිතුනා අයි ලංකාවෙ උන්ට සින්හල කතා කරන්න බැරි, ලැජ්ජද කියලා.

    ආතල් සීන් එක තමා මම දැන් උඩ රවුම් ගහනකොට මෙන්න සිහලෙන් කියවන දැකලා පුරුදු ඩබලක් දකිනවා. බලද්දි අර ලිෆ්ට් එකෙය් ගෑනියි ඒකි එක්ක ආපු උනුයි. 🥴 🥴

    එක්කො උන් හිතන්නෙ අපිට සිංහල බැරුව ඇති, කඩ්ඩෙන් කතා කරන්න ඕන කියලා. නැත්තන් උන් හිතන්නෙ පිට උන්ට පොඩි status පාරක් පෙනන්න කඩ්ඩෙන්ම දෙන්න ඕන කියලා.

    private company වල හොඳට බලපන්, ගෑනු කොච්චර සින්හලෙන් කතා කලත් කවුරුහරි ආවොත් කඩීන් තමා දෙන්න යන්නෙ. :yes::yes:
     
    • Haha
    Reactions: 6h057