💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    මං කලිං කිව්ව මට මානසික රෝගයක් තියෙන නිසා බෙහෙත් බොන බව. මේ බෙහෙත් බිව්වම මාර නිදි මතයි මචං මත් වෙලා වගෙ. මේ නිසා මට කරගෙන ගිය රස්සාවෙන් අස් වෙන්න සිද්ද වුණා.

    ඉන්ටර්වියු කීපයකට ගියත් ජොබ් එකක් සෙට් වුණේ නෑ. ගොඩක් ඒවදි අහනවා බෙහෙත් බොනවද කියලා කිසියම් රෝගයකට? මාත් ඇත්ත කියනව.

    සමහර අයට මං මත් වෙලා ඉන්න බව තේරෙනවා ඇති ඇහුවෙ නැති වුණාට. ගොඩක් ආයතන වලින් දන්වන්නම් කියල එවනවා.

    බෙහෙත් වලට චැනල් වලට මාසෙට ලොකු ගාණක් යනවා. සමහර බෙහෙත් පෙත්තක් රු. 100 පනිනවා. මාසෙට රුපියල් 31 000ක් විතර යනවා බෙහෙත් වලට විතරක්.

    ජොබ් එකකුත් නැති නිසා ගෙදර තිබුණු ඇල්ටො එක විකුණුව ටික කාලෙකට කලිං. දැං ස්කුටර් එක විතරයි තියෙන්නෙ.

    දැං මං කුලී වැඩ කරනවා. Construction තැනක. නිතරම වගෙ වැඩ තියෙනව. එහෙ නැත්නං වෙන තැනක උණත් වැඩ වලට කථා කරනවා.

    සල්ලි ප්‍රශ්න කිව්ව නිසා Psychiatrist හොස්පිටල් එකට එන්න කියලා කිව්ව බෙහෙත් නවත්තන්නෙ නැතුව. ඒ වුණත් සමහර බෙහෙත් පාමාසියෙන් ගන්න වෙනවා ඉස්පිරිතාලේ නැහැ.

    මගේ ප්‍රශ්නය මේ බෙහෙත් බිව්වාම මට මාර බඩ ගින්නක් එන්නෙ. කිලෝ 60ට මං හිටියෙ දැං කිලෝ 90යි. මාස දෙකක් ඇතුළත.

    මට එක වේලකට පස් දෙනෙක් විතර කන කෑම ප්‍රමාණයක් කන්න පුළුවන්. දොස්තරට කිව්වම බෙහෙත් අඩු වැඩි කරා ඒත් වෙනසක් නැහැ.

    රෑට එහෙම මට 11 ට විතර ඇහැරෙනවා බඩගින්නට. ඉස්සර නං කොත්තු මී 3ක් එක්ක පාං ගෙඩියක් කෑවා. ඒත් දැං සල්ලි නැහැ. ඒ නිසා මං වතුර ගොඩක් බොනව බඩගින්න වහ ගන්න.

    මට දීලා තියෙන්නෙ මේ බෙහෙත්

    Flutex කරල් දෙකක් උදේට
    Lamosyn පෙති දෙකක් උදේට
    Amileb පෙත්තක් උදේට
    Bupron SR උදේට
    Propranolol පෙති බාගයක් උදේටයි රෑටයි
    Naza පෙති දෙකක් උදේටයි රෑටයි
    Qutipin පෙත්තක් රෑට
    Mirtazapine පෙත්තක් රෑට
    Prazoright අවශ්‍ය වේ නං රෑට

    ගෙදර අයත් මාව දැං ගණන් ගන්නෙ නැහැ. සල්ලි තියෙන කාලෙ දේව සැලකිලි. කුලී වැඩ කරද්දී කුඩම්මාගෙ සැලකිලි. ඉස්සර රෑට කොත්තු මී එහෙමත් මං තනියම හදාගෙන කෑවේ.

    දැං නං බත් කාලා කොහොම හරි රෑ මැද නොහැරී ඉන්න තමයි බලන්නෙ. ඇහැරුනොත් බිස්කට් ඇල් වතුරෙ පොඟවන් කාලා වතුර බොනවා බඩ පිරෙන්න.

    බෙහෙත් බිව්වට නින්ද ගියත් හදිසියේ ඇහාරුනොත් නිදා ගන්න මං ගල් අරක්කු බාගෙකුත් තියාගෙන ඉන්නෙ.

    මං මේක දැම්මේ හිඟා කන්න ආධාර එකතු කරන්න එක එකාගෙ අනුකම්පාව ලබා ගන්න නෙවේ. මේ බඩ ගින්නට කරන්න දෙයක් තියෙනවද කියලා දැන ගන්න.

    ඒක මහ අමුතුම බඩගින්නක්. එක දවසක් උඩ ගෙදරින් පොලොස් උයලා එවල තිබ්බ. මට එදා රෑ ඇහැරුණා රයිස් කුකර් එකේ බත් පොඩ්ඩක් තිබ්බා අඩු කෝප්පයක් විතර. මං ඒ ටික අයිස් ක්‍රීම් කප් එකට දාලා කෑවා. බත් වලට වඩා පොලොස්. කොහොම හරි පොලොස් කෑලි 12ක් විතර කෑවා.

    ඔහොම මං කෙසෙල් ඇවරි දෙකක්. උදේ ගෙනාපු මාළු බනිස් පරණ කේක් එහෙම කාලා තියෙනවා.

    මේ වගෙ බෙහෙත් බොන අය ඉන්නවා නං කියනවද මේ අසාමාන්‍ය බඩගින්න සාමාන්‍යයයිද කියලා? ඒ වගේම මේ බඩගින්න මේ වගෙ අමාරු කාලෙක අඩු කරගන්නෙ කොහොමද?

    මං දැනට කරන්නෙ වතුර ගොඩක් බොන එක හරි අරක්කු ටිකක් බීලා නිදා ගන්න එක හරි.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    මං ඇල්කොහොල් සිගරට් බොන්නෙ නැහැ. Occasionally බියර් එකක් වගෙ බොනවා. සෙවනගල ට්‍රයි කරා වැඩක් වුනෙ නෑ කට වේලුනා විතරයි.

    :eek:
    :angry:
     
    • Like
    Reactions: GWM

    nidarsha91

    Well-known member
  • උඹට ලෙඩේ කියන හැඟීම අමතක වෙන්න දීල තියෙන හැඟීම කෑම නේද මචන්? මම අඳුනන අක්ක කෙනෙක්ගෙ දුව නැතිවුනා මාස 1.5කින්. පස්සෙ එයාටත් මැරෙන්න අදහස් එනව කියල ඩොක්ටර්ස්ල මානසික පතිකාර පටන් ගත්තා. පස්සෙ එයා පැණිරස කෑම වලට ගොඩාක් කැමති වුණා. සමහර අය බැන්නා දැක්ක නේද අර යස අගේට උන්න ගෑනිට දොස්තරල පිස්සු බෙහෙත් දීල දැන් සීනි හදාගෙන තමයි නවතින්නෙ කියල. ඒත් ඒ අය දැක්කෙ නෑ ඒ අක්කගෙ අරමුණ අර දරුවගෙ නැතිවීමත් එක්ක ඇතිවුන තැනම තිබ්බ නන් මේ වෙද්දිත් පස් යට කියල. උඹටත් ඒ වගේ කේස් එකක්ද මචන් තියෙන රෝග ලක්ශන? උඹේ ලඟින් ඉන්න කෙනෙකුයි ඕන වෙන්නෙ. ඔය තත්වෙ තේරුම් ගන්න පුලුවන් ඔලුව තියෙන එකෙක් උන්න නන්... බඩ පිරෙන්න වතුර බොන එකනන් හොඳයි කැලරි ගන්නවට වඩා. ඊටත් වඩා උඹට ඇබ්බැහි වෙන්න වෙන වටිනා දෙයක් තිබ්බ නන්.... උඹට සත්තු බලාගන්න වගේ එකක ජොබ් එකක් වගේ හම්බුනා නන් වෙනසක් දැනෙයි වගේ මගේ හැඟීමක් තියෙනවා. උඹට සල්ලි ප්‍රශ්නයක් ආවොත් කියපන් ලොක්කා. අමාරු වෙලාවෙ කොහොමහරි ගෙමක් ගහල අල්ලගෙන ඉමු. ආයෙ කොස් පොලොස් ඕනෙ නන් ඉන්න තනක් කියපන් හොයල හරි එවන්නන් ගෙමක් ගහ ගන්නකන්.
     

    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    පරිස්සම් වෙන්න, ඔහොම කාලා දියවැඩියාව හැදෙන්න ඉඩ තියෙනවා. ඇඟ මහන්සිවෙන වැඩ කරන්න. වෙන දොස්තර කෙනෙක්ගෙනුත් උපදෙස් අරන් බලන්න.
    ඇඟ මහන්සි වෙන වැඩ තමා කරන්නෙ. ඒත් හොඳට නින්ද යන්නෙ නැහැ.

    ඔය කලිං එකක් නෙ. මං ඉස්සර බෙහෙත් බීලා නවත්තලා දැම්ම. කලිං බිවුවෙ බෙහෙත් ජාති දෙකක්ද කොහෙද. අරක්කු බොන්නෙ ආසාවට නෙවේ නින්දට වැටෙන්න. මොකද මේ දීලා තියෙන බෙහෙත් වලට රෑට හොඳටම නින්ද යන්න ඕනෑ දොස්තර කියන විදිහට.
    උඹට ලෙඩේ කියන හැඟීම අමතක වෙන්න දීල තියෙන හැඟීම කෑම නේද මචන්? මම අඳුනන අක්ක කෙනෙක්ගෙ දුව නැතිවුනා මාස 1.5කින්. පස්සෙ එයාටත් මැරෙන්න අදහස් එනව කියල ඩොක්ටර්ස්ල මානසික පතිකාර පටන් ගත්තා. පස්සෙ එයා පැණිරස කෑම වලට ගොඩාක් කැමති වුණා. සමහර අය බැන්නා දැක්ක නේද අර යස අගේට උන්න ගෑනිට දොස්තරල පිස්සු බෙහෙත් දීල දැන් සීනි හදාගෙන තමයි නවතින්නෙ කියල. ඒත් ඒ අය දැක්කෙ නෑ ඒ අක්කගෙ අරමුණ අර දරුවගෙ නැතිවීමත් එක්ක ඇතිවුන තැනම තිබ්බ නන් මේ වෙද්දිත් පස් යට කියල. උඹටත් ඒ වගේ කේස් එකක්ද මචන් තියෙන රෝග ලක්ශන? උඹේ ලඟින් ඉන්න කෙනෙකුයි ඕන වෙන්නෙ. ඔය තත්වෙ තේරුම් ගන්න පුලුවන් ඔලුව තියෙන එකෙක් උන්න නන්... බඩ පිරෙන්න වතුර බොන එකනන් හොඳයි කැලරි ගන්නවට වඩා. ඊටත් වඩා උඹට ඇබ්බැහි වෙන්න වෙන වටිනා දෙයක් තිබ්බ නන්.... උඹට සත්තු බලාගන්න වගේ එකක ජොබ් එකක් වගේ හම්බුනා නන් වෙනසක් දැනෙයි වගේ මගේ හැඟීමක් තියෙනවා. උඹට සල්ලි ප්‍රශ්නයක් ආවොත් කියපන් ලොක්කා. අමාරු වෙලාවෙ කොහොමහරි ගෙමක් ගහල අල්ලගෙන ඉමු. ආයෙ කොස් පොලොස් ඕනෙ නන් ඉන්න තනක් කියපන් හොයල හරි එවන්නන් ගෙමක් ගහ ගන්නකන්.
    පොලොස් නං හොයා ගන්න පුළුවන්. මට හවස ඇවිත් උයන්නත් බැහැනේ.
     
    • Like
    Reactions: nidarsha91

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මේවට ඉතින් මුකුත් කියන්න බැ, ඒ පාර මන් එක එක දේවල් ප්‍රොමොට් කරනවා කියයි.
    මානසික ලෙඩක් නැති උනත් මන් ඔය උබ කියන ජාතියෙ ඒවා බීල තියෙනවා ආතල් එකට.
    ඇත්ත ඔය බඩගිනි වෙන කේස් එක සිරා කතාව.බත් පිගන් තුනක් විතර කන්න පුලුවන්,
    බෙහෙත් එක පාර නැවත්තුවොත් උබට ඊට වඩා අමාරු වෙනවා.
    එ නිසා ඩොකාගෙන් අහලා කරන දෙයක් කරපන්.
    උබ බලපන් මොන පෙති වලටත වැඩිපුර බඩගිනි වෙන්නෙ කියලා.උබ බෙහෙත් ගොඩක් බොනවනෙ,ඔය ඔක්කොගෙන්ම මත් වෙන සීන් එක වෙන එකක් නැ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    උබ අනුරාදය රවට්ටලා බෙහෙත් ගන්න සල්ලි ගත්තලු නේද? 🤭
    මන් සල්ලි දුන්නා.සල්ලි ප්‍රශ්නයක් නැ මට.බඩු ගන්න ප්‍රශ්නයක් තිබ්බෙ.
     
    • Wow
    • Like
    Reactions: GWM and Lovtus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    දැං ස්කුටර් එක විතරයි තියෙන්නෙ.
    Pickme Food, Flash or Uber eats පටන් ගන්න. ආය ඩරස් එකෙන් ලංකාව වටෙන්ම ගන්නවා. බෙහෙත් කරනකම් ඔකක් දුවපන්. පස්සේ බලමු මොකද්ද කරන්නේ කියලා