අනුරාදත් නදුනුත් දෙන්නා ඒ දවසෙ වැඩක් නැතිව ඉඳලා Facebook එකේ “scurvy” කියලා page එකක් බලන්න පටන් ගත්තා. ඒකේ තිබ්බෙ හොල්මන් stories, photos, videos වගේ දේවල්. නදුන්ට ටිකක් බයයි, ඒත් අනුරාද කියනවා,
“අඩෝ මේවා fake බං… real කියලා දෙයක් නෑ” කියලා.
ඒක අහලා නදුන්ටත් ටිකක් හයිය ආව.
අන්තිමේ දෙන්නාම තීරණය කරලා, “අපිම යමුද හොල්මන් තියෙනවා කියන තැනක් බලන්න?” කියලා.
ගමේ අය කියන පරණ වත්තක් තිබ්බා—කාලෙකින් කවුරුත් යන්නෙ නැති, රාත්‍රියේ අඳුරු, ලෙහෙසියෙන් හුස්ම ගන්නවත් බය හිතෙන තැනක්.
රෑ 10ට විතර දෙන්නා torch දෙකක් අරගෙන එතනට ගියා.
“බලපන්… හොල්මන් කියලා දෙයක් නෑ කියලා අද prove කරනවා,” අනුරාද හොදට confident.
නදුන් නම් දාඩිය දාගෙන,
“මචං අපි ඉක්මනට බලලා යමු නේද…” කියලා.
වත්ත ඇතුළට යද්දි අමුතු සීතලක්. පස්සෙන් කෙනෙක් යනවා වගේ හුස්මක් ඇහෙනවා. ගස් හෙල්ලෙන්නෙ හුළඟක් නැතුව.
අනුරාද හිනාවෙලා, “බල්ලෙක් වෙන්න ඇති බං…” කියලා.
එකපාරටම—
“ච්ච්ච්ච්…” කියලා අමුතු ශබ්දයක් ඇහුණා.
දෙන්නාම නවත්තලා එකට බැලුවා.
Torch එක දාද්දි… ගහක් යටින් සුදු ඇඳුමක් ඇඳගත්ත, මුහුණ පේන්නෙ නැති කෙනෙක් හිටියා.
නදුන් literally හිරවෙලා,
“මචං… මචං… ඒක බලපන්…” කියලා කට හිරවෙලා.
අනුරාදත් කම්පනයෙන්, “ඒ… ඒක… මනුස්සයෙක්ද?” කියලා.
එකපාරටම ඒ shadow එක slow motion එකේ ඔවුන් දිහාට හරවෙලා හිටියා.
Torch එක flick වෙලා off උනා.
“අයියෝ!” කියලා නදුන් කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා. අනුරාදත් පස්සෙන්.
දෙන්නාම හුස්ම නැතිව ගෙවල්ට පැනලා ගියා.
අදාලේ උදේ…
නදුන්ගේ අම්මට නදුන් සම්පූර්ණ story එක කියලා ඉවර වෙද්දි, ඇය තරහෙන්,
“ඔයාට මොකක්ද මේ අලුත් වැඩ? රෑ වෙලා හොල්මන් බලන්න යනවද?” කියලා බැන්නා.
එකෙන් පස්සේ අනුරාදත් ගෙදරට ආව.
නදුන්ගේ අම්මා straight එයාටම,
“ඔයානේ නේද මේකට හේතුව! මගේ පුතාත් ඇදගෙන ගිහින් බය කරලා දාලා!” කියලා හොඳටම බැන්නා.
අනුරාද කට වහගෙන හිටියා.
නදුන් පස්සෙන් හිනාවෙන්නත් බැරිව, බයත් තියෙද්දි,
“මම කිව්ව නේද යන්න එපා කියලා…” කියලා.
අනුරාද හෙමින්,
“බං… ඒක fake නෙවෙයි වගේ…” කියලා.
ඒ දෙන්නා ඒ දවසෙන් පස්සේ රෑට හොල්මන් videosවත් බලන්නෙ නැතිවුණා…
