Wandinna giya dewale pupa udata kadan watila 
මම 2015 අවුරුද්දේ තැපැල් කාර්යාලයක සේවය කරන කාලයේ ලියාපදිංචි ලිපියක් සම්බන්දව පොලිසිය මගෙන් කට උත්තරයක් ගත්තා,ඒ සිද්ධිය මෙහෙමයි.සොරාගත් යතුරු පැදියක කවුලුවේ තිබිච්චි උප්පැන්න සහතිකයක් හොරා විසින් අයිතිකරුට ලියාපදිංචි තැපෑලෙන් යවලා,පස්සෙ යතුරු පැදි හිමිකරු පැමිනිල්ලක් දාලා පොලිසියේ මේ ලිපිය ගැනත් කියලා.ඊට පස්සෙ පොලිසිය කන්තෝරුවට ඇවිත් ලිපිය යැවූ පුද්ගලය ගැන මගෙන් ඇහුවා,මම පොලිසියට උදව්වක් විදිහට සහ මගෙ ගොන් කමට ඒ පුද්ගලයා සොයාගන්න උදව්වක් විදියට හොරා කියන කෙනා ගෙව්ව ලයිට් බිලක ලිපිනය හොයලා පොලිසියට දුන්නා,ඊටපස්සෙ ආරංචි උනා තව යතුරුපැදි කිහිපයක් සමග එයාව අතඅඩංගුවට ගත්ත කියලත්,ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ඉදන් මට නඩුවට සාක්ෂි දෙන්න එන්න කියල සිතාසියක් ආවා,මෙතනදි කියන්න ඕනේ මගෙන් විස්තර ගන්න ආව පොලිසියෙ මහත්මයා කීවේ ඔයාට කවදාවත් උසාවි එන්නෙ වෙන්නෑ මහත්තයො කියලා,දැන් මේ නඩුවට අවුරුදු දහයකටත් වඩා වෙලා,මම නඩු වාර 20ක් විතර මගෙ වියදමින් සහ මගෙ පුද්ගලික නිවාඩු වලින් කපාගෙන යනව සාක්ෂි දෙන්න,මට වෙලා තියෙන්නෙ වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගෙ දෙයක්,මම මේ සමූහයෙ දන්න කෙනෙක් ගෙන් අහන්නෙ මට මගෙ සාක්ෂි දීලා ඉවර කර ගන්න බැරිද,හොරාට වඩා මම විදවනව,නීතිඥ මහත්මයෙක් හරහා මට සාක්ෂි දීල මේක ඉවරයක් කරගන්න බැරිද.අනික දෙපාර්තමේන්තුව හරහ සිතාසි ආවනම් මට රාජකාරි නිවාඩු හරි ගන්න තිබ්බ එහෙමත් නෑ.ඒක පාරක් සාක්ෂි දෙන්න නොයා ඉදල මම වරෙන්තු වෙලා දඩත් ගෙව්ව.අනිත් අයගෙ ප්‍රස්න වලට මැදිහත් වෙන්න කලින් දහස් පාරක් හිතන්න,ලන්කාවෙ නීති එහෙමයි මිත්‍රයා.පොලිසියට උදව් කරන්න ගිහින් කෙලවගෙන හින්ද කියන්නෙ.මේකෙන් අයින් වෙන්නෙ කොහොමද මම.කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.