පුද්ගලයන් තුළ ඇතිවෙන්න පුලුවන් අසාමාන්‍ය, ගැටලුකාරී, ලිංගික පෙළබීම්, ලිංගික චර්යාවන්, වලට අදාළ මානසික රෝග

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    පුද්ගලයන් තුළ ඇතිවෙන්න පුලුවන් අසාමාන්‍ය, ගැටලුකාරී, ලිංගික පෙළබීම්, ලිංගික චර්යාවන්, වලට අදාළ මානසික රෝග Paraphilic Disorders කියලා හඳුන්වනවා.

    Paraphilic Disorders යටතේ DSM හි (Diagnostic and Statistical Manual of Mental Disorders) හි ප්‍රධාන වශයෙන් disorders 08ක් නම් කරලා තියනවා.
    සරළව ඒ සම්බන්ධව ඔයාලට අදහසක් මම දෙන්නම්.

    🔺Voyeuristic Disorder
    මිනිසුන් ඇඳුම් මාරු කරන ආකාරය, ස්නානය කරන ආකාරය, වෙනත් පුද්ගලයන් ලිංගික ක්‍රියාකාරකම් වල නියලෙන ආකාරය, එවැනි දේවල් බලා සිටීම මඟින් ලිංගික උද්දීපනයක් (sexual arousal) ලබාගන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    🔺Fetishistic Disorder
    ලිංගික උත්තේජනයක් ලබාගන්න විවිධ අජීවී දේවල් (non-living objects) කෙරෙහි හෝ ශරීරයේ ලිංගික නොවන අවයව (non-genital body parts) කෙරෙහි දැඩි පෙළබීමක් ඇතිවීම මෙහිදී සිදුවෙනවා.
    අජීවී දේවල් විදිහට, යට ඇඳුම්, මේස්, සපත්තු වගේ දේවල් මඟින් සහ ලිංගික නොවන ශරීර කොටස් විදිහට, යටිපතුල්, කිහිළි ප්‍රදේශය, කොණ්ඩය, එවැනි දේවල් මඟින් ලිංගික උද්දීපනයක් (sexual arousal) ලබාගන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    🔺Exhibitionistic Disorder
    නොදන්නා පුද්ගලයන්ට තමන්ගෙ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන්න පෙළබීමක් තමයි මෙහිදී ඇතිවෙන්නේ. ලිංගික උද්දීපනයක් ලබාගන්න නාදුනන අයට (to an unsuspecting person) තමන්ගෙ ලිංගික අවයව පෙන්වන්න දැඩි පෙළබීමක් ඇතිවෙනවා.

    🔺 Frotteuristic Disorder
    තමන්ගෙ ලිංගික අවයව වෙනත් අයගේ කැමැත්ත, අනුදැනුම නැතිව ඒ අයගේ ශරීරයේ ස්පර්ශ වීමට සලස්වනවා. ඒ තුළින් උද්දීපනයක් ලබන්න පෙළබෙනවා.
    උදාහරණ විදිහට Bus වල යද්දි එහෙම මේ තත්ත්වය තිබෙන සමහර අය හමුවෙනවා.

    🔺Pedophilic Disorder
    සාමාන්‍යයෙන් වයස අවුරුදු 13 හෝ ඊට අඩු වයසේ ළමයි කෙරෙහි ලිංගික පෙළබීමක් ඇතිවීම තමයි මෙහිදී සිදුවන්නේ.

    🔺Sexual Sadism
    පහරදීම, වේදනාවක් ලබාදීම, යම් හානියක් කිරීම, බැණ වැදීම, බිය වැද්දීම, ඒ වගේ දේවල් කිරීම, වැනි දේවල් වලින් අනිත් පුද්ගලයා වෙත පීඩාකාරී දේවල් සිදුකිරීමෙන් ලිංගික උද්දීපනයක් ලබාගන්න යොමුවෙනවා. අනිත් කෙනාව physically or psychologically වේදනාවට පත්කිරීමට අවශ්‍ය වෙනවා.

    🔺Sexual Masochism
    කායික හෝ මානසික හෝ වේදනාවක් තමන්ට ලබාගැනීම ඔස්සේ ලිංගික උද්දීපනයක් ලබාගැනීම කෙරෙහි යොමුවීම මෙහිදී සිදුවෙනවා.

    🔺Transvestic Disorder
    විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීම මඟින් ලිංගික උද්දීපනයක් ලබාගන්න පෙළබෙනවා. ඒ මඟින් ලිංගික උද්දීපනයක් ලැබුවත් ඒ පිළිබඳව වරදකාරී බවක්, ලැජ්ජාවක්, පීඩනයක්, පුද්ගලයා තුළ ඇතිවෙනවා.

    ඉතින් එවැනි යම් තත්ත්වයක් ඔයාටත් තියනවා නම්, නිතර එන ඒ පෙළබීම් නිසා විවිධ ගැටලු ඇතිවෙලා නම් තියෙන්නේ, ඔයා මානසික පීඩනයෙන් නම් ඉන්නේ, මොකද කරන්න පුලුවන්?

    ඔයාට පුලුවන් Psychiatrist කෙනෙක්ව (මනෝ වෛද්‍යවරයෙක්) මුණගැහෙන්න. ඊට අමතරව clinical psychologist කෙනෙක්ව මුණගැහෙන්න පුලුවන් අදාළ therapy ලබාගන්න.

    ඉතින් ඒ නිසා, භය වෙලා, ලැජ්ජා වෙලා, ඉන්නේ නැතිව තව අලුත් ප්‍රශ්න ඇති වෙන්න කළින්, ඔයා ඉන්න තත්ත්වය ගිහින් කතා කරන්න. ඔයාට පුලුවන් උදව් අරගන වෙනස් වෙන්න 😊
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,565
    16,781
    113
    එලකිරියෙ ඉන්න උන් ගැනනෙ බන් මේ කියලා තියෙන්නෙ