අපි යන්නේ කොයි පාරේ නාකි මයිනා ගිය පාරේ ...........

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,067
    113
    Around the world
    අප්‍රේල් 19 වැනිදා,
    කොළඹදී .
    ප්‍රිය අකුදි,

    මගේ බිරිඳ පුරැදු පරිදි මේ ලියුමට එබෙන්නෙ නැතුවම ඇහුව අනුර කුමාරයා(Prince Anura ) ,අවුරැදු කුමාරයාව(Prince Avurudu) රවට්ටපු හැටි ගැනද අහන්න යන්නෙ කියල.(එයැයි අනුර රජතුමා නොකිය කුමාරයා කිව්වට ඔයැයි අමනාප වෙන්න එපා.ඕගොල්ලොන්ට තාම ආණ්ඩු බ⁣ලය මිසක් රාජ්‍ය බලය නෑ කියන නිසා වෙන්නැති බිරිඳ එහෙම කිව්වෙ)

    අවුරැදු කාලෙදි දේශපාලනඥයොවත් දේශපාලනේ කතාකරන්නෙ නෑනෙ.ඒත් මේ අවුරැද්දෙත් ඔයැයි ආණ්ඩුවම හදපු නැකතටවත් අවුරැදු කෑවෙ නෑනෙ කියල රට්ටු කතා වුණානෙ .මේ ඩිජිටල් යුගේ නැකත් නොකරට නම් කමක් නෑ ලොක්කා.ඒත් මහජනතාව මාව පත්කරගත්තෙ නැකතට අවුරැදු කනව බලන්න නෙවෙයි කියල කට ඇරල කියන්න ඔයැයිට බැරිකමයි මට නම් තියෙන ප්‍රශ්නෙ.
    ඒ වෙනුවට ඔයැයි කරේ ගෙට ගෙවැදීමකදි කිරි උතුරැවන පින්තූරයක් දැම්ම මේන් මම අවුරැදු කාපු හැටි කියල.ඒක මගුල් පින්තූරෙ පෙන්නන්න ඕන තැනදි කතරගම වන්දනාවෙ ගිය පින්තූරයක් පෙන්නනව වගේ වැඩක්නෙ මහත්තයො.ඊළඟට ඔයැයිගෙ සේදුම් බළකාය වතුර බාල්දි,සෝදන කුඩු,බුරැසු අරන් ඇවිත් සෝදන්න ගත්තා,අනේ අපේ ජනාධිපතිතුමා සුළි සුළඟින් විනාස වෙච්චි ගෙදරක් ප්‍රතිසංස්කරණය කරල ඒ ගෙදර මිනිස්සුත් එක්ක අවුරැදු කෑව කියල.

    ඔයැයිවත්,ඔයැයිගෙ පක්ෂෙවත් ඡන්දෙ දිනන්නවත් බොරැවක් නොකියපු,රැවටිල්ලක් නොකරපු පරම සත්‍යවාදීන්නෙ.එහෙව් කොට, නොකාපු අවුරැද්ද කෑවා කියල කවදාවත් නොකියපු මුසාවාදයක් කිව්වෙ ඇයි මෙහෙම?ජනාධිපති උත්සවශ්‍රීයෙන් අවුරැදු කන්න ඕන කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කොතනකවත් නෑනෙ.අනික ජේ.ආර්.,ප්‍රේමදාස,විජේතුංග ,චන්ද්‍රිකා කවදාවත් ටෙලිවිෂන්නෙකට පේන්න අවුරැදු කෑවද?නෑනෙ.නාකි මයිනානෙ ඔය වැඩේ පටන්ගත්තෙ .උන්නැහෙයි,උන්නැහෙගෙ පවුල් සංස්ථාවයි රටටම ප්‍රදර්ශනය කරල. ඊටපස්සෙ සිරායි ගෝටායිත්, ඒ පාරෙ ගියා.රනිල් වික්‍රමසිංහත් රනිල් රාජපක්ෂ වුණාට පස්සෙ එව්ව කරා.ඒත් සහෝදරයා ඔයා?
    අපේ රටේ විප්ලවීය වෙනසක් කරන්න,ආර්ථිකය,දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කරන්න ආපු කට්ටියට අඩුගානෙ මහින්ද රාජපක්ෂ ඇති කරපු ප්‍රදර්ශනාත්මක සංස්කෘතියවත් වෙනස් කරගන්න බෑනෙ.වෙනස් කරන්න බැරැව විතරක් නෙවෙයිනෙ මහින්දයා කරපු ගොන් වැඩ අපි කරන්නෙ නෑ බොලව් කියන්න චිත්ත ධෛර්යයක්වත් නෑ.ජනාධිපති අවුරැදු චාරිත්‍ර කරන්නෙත් නෑ.මං කරන්නෙ නෑ කියල කට ඇරල කියන්නෙත් නෑ.

    එක අතකට ඕක මේ ආණ්ඩුවෙ අනන්‍යතාවයනෙ .ඔයැයිල, අපි පරණ කට්ටිය වගේ නෙවෙයි කිය කිය පරණ කට්ටියගෙ වැඩමනෙ ආපුදා ඉඳන් කරන්නෙ.හරියට පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ්ඩෙකේ තීන්ත ගාල මේන් අපි හදපු බස් ස්ටෑන්ඩ්ඩෙක කියනව වගේනෙ. ඔයැයිල පහුගිය⁣ අවුරැදු එකහමාරටම තමන්ගෙම කියල කරපු වැඩකට තියෙන්නෙ හොරබොරු නැතුව බාල ගල්අඟුරු ගෙන්නිල්ල විතරයිනෙ .
    ඔය මොන ප්‍රශ්නෙ ආවත් බයවෙන්න එපා ලොකු සර්,එෆ්බී තියෙනකම්.ඒකෙ ආණ්ඩුව හෝදනවනෙ හේදිල්ලක් ග්‍රාහකයින් විස්මයෙන් විස්මයට පත් කරන.හැබැයි ලොක්ක අමතක කරන්න එපා, නොයන්න හිටපු රණවිරැ දිනයට ඔයැයිව යැව්වෙත් එෆ්බීවලින් .නොකරපු අවුරැදු චාරිත්‍ර කරා කියල පින්තූරයක් දාන්න සැලස්සුවෙත් එෆ්බීවලින්.නොවෙන්නා වාගේ කවදාහරි ඔයැයිලගෙ ටිකට් කපන්නත් බැරි නෑ ඔය මඟුලෙන්.
    මම,
    මානි

    ප:ලි:ඔයැයි නැකතට කිරිබත් නොකෑවට නැකතට ඉසතෙල් ගාගන්න ගිහින් තිබුණනෙ දළදා මාලිගාවට.ආන්න එතැනදිී නම් තමුන්නැහේ විප්ලවීය වෙනසක් කරල තිබුණා කොළපාට කමිසයක් ඇඳගෙන ගිහින්.මම මොකටද හැම එකාම අඳින සුදු අඳින්නෙ දළදා මාලිගාවට කියලනෙ එහෙම කරන්න ඇත්තෙ.කොළපාට කියන්නෙ බෞද්ධ කොඩියෙවත් නැති වර්ණයක් නිසා ඔයැයි කොළපාට කමිසයක් ඇඳගෙන දළදා මාලිගාවට ගිහින් සැබෑ වෙනසකට මුල පුරල තියෙනව මේ අවුරැද්දෙ නම්.ජයවේවා !