කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    අ‍ැත්ත කතාව මේකයි. අවුරුදු බිලියන 13.8 කට කලින් big bang එක වෙලා විශ්වය නිර්මාණය වුණා. අවුරුදු බිලියන 5 කට මෙහා සූර්යයා හැදිලා, පෘථිවිය නිර්මාණය වෙලා, ජීවය බිහි වෙලා

    so consciousness just happened?
    matter එක පාරට conscious වුනා?
    ලිපිඩ් පටල හැදිලා, ඒවා ඇතුලේ ඉන්ද්‍රයිකා ඇහිරිලා මුලින්ම සිහිය බිහිවුනා.
    CNS එක තමයි සිහිය කියන්නේ?

    consciousness කියන එකට universally accepted definition එකක් නැහැ.
    Fundamentals of reality ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තවම නැහැ.
    science පටන් ගන්නෙම assumptions ටිකකින්.

    logic වලදි හැමතිස්සෙම ඇත්ත කියලා define කර ගත්ත දේකට සාපේක්ෂව මනින එක කරන්නේ. අන්තිමට ඇත්ත කියලා define කරන් තියෙන්නේ assumptions ටිකක්.

    අහන දේ පිළිගන්න කියලා බුද්ධාගමේ නැහැ. ප්‍රතිපදාවක් තියෙනවා, තමන් පිළිපැද්දොත්, තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි කියලා තියෙන්නේ. එකත් මැරුණට පස්සේ වෙන එකක් නෙමෙයි, මැරෙන්න කලින් වෙන එකක්.

    ප්‍රතිපදාව පිළිපැදලා බලන්න පුලුවන් එක, කරලා බලන්නැතුව, assumptions ටිකක් based වුන තියරි ටිකකට logically සාපේක්ෂව ධහම මනින එක මෝඩකම.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    What if all the hearing seeing smelling is an illusion and you are the only one in this universe.and the universe itself is a illusion of yours including you
    ගුලි කාපුවම ඔක්කොම illusion තමා :lol:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,174
    8,554
    113
    Poddak hithapan Royal giya ubage wayase un inna life ekai ube life ekai. Ube class eke hitpu un dan yana wahane kohomada? Ubata un inna thanakata dan yannat lajjai neda?. Uba guu wikunala wattakka bayai, alagoduwai kala Keells eke renawa. Ubawa wishmaloke unuth ganan ganne nane.😁 ooke inna ekekk mage yaluwek. Anika uba maha awwe ata deke oil maru karaganna payn badagapu ekane. Kohomada ara @Bimmer karaya BMW eke idan balan innawa kiyala danagaddi.
     
    • Like
    Reactions: Bimmer

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,171
    113
    බුදුවරු හිටියද නැද්ද කිය්ලා අවශ්‍ය නැ වෙන වෙන බොරු අතිශෝක්තියෙන් කියන ආටෝප ගැන උඹ හිතන්නත් අවශැ‍ය ත් නැ. පැරැක්ටිකලි සරලව මේ ටික හිතලා බැලුවා නම් බුද්ධ දර්ශනයෙ තියෙන අඩුම 1% ක් වත් සත්‍ය කියලා උඹට ම තෙරුන් ගන්න පුලුවන්. ගනින් පන්සිල් පද පහ වෙන අනිත් ගැඹුරු ධර්මය ඕන් නැ. පන්සිල් පද අනුකුලව මේ ලොකෙ මිනිස්සු වැඩිය ඕන් නැ අඩුම බාගයක් වත් හිටියෙ නැති උනොත් මොකද වෙන්නෙ කියලා හිතපන්. සරලව උඹට දවසක්වත් ජීවත් වෙන්න බැ බැහැ එච්චරයි.

    මම කියල තියෙන්නෙ එ‍්ක තමයි බං. 1% නෙවෙයි ඊට වඩා ගොඩක් හොඳ දේවල් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම බුදු දහමෙ හරය තේරුම් ගනින්. වෙන්නෙ මොකක්ද කියල බුද්ධියෙන් තේරුම් අරගෙන තමන්ගෙ ජීවිතය හොඳට ගෙවපන්, තමන්ගෙ මනස සන්සුන්ව තියා ගනින්.

    හැබැයි එහෙම කරන්ඩ ඕන අපායෙ යයි කියල බයේවත්, එ‍්වා කරා කියල ලබන අ‍ාත්මෙ දිව්‍යාගනාවො කටට ගනියි කියල හිතාගෙනවත් නෙවෙයි. එහෙම කරාම තමන්ගෙ ජීවිතය යහපත් වෙනවා කියන pragmatic දේ තේරුම් අරන් එ‍් විදිහට හිටපන්. එච්චරයි.

    අරවා විශ්වාස කරන උන්ටයි අමතලා තියෙන්නෙ. හරියට කියවල බලල හරි, දිග වැඩි නම් AI දාල summerize කරල හරි කියන ලබ්බ තේරුම් අරන් හිටපන්.

    P. S.

    පන්සිල් බුදු දහම නිසා නිර්මාණය වුණ දෙයක් නෙවෙයි. හොඳට හොයල බලහන්. පන්සිල්වල තියෙන සීල ටික බුදු හාමුදුරුවො ඉපදෙන්නත් සෑහෙන කාලෙකට කලින් ඉඳල බ්‍රාහ්මණ ඉගැන්වීම්වල තිබුණා. බුදු දහමෙන් වෙච්ච එකම දේ ඊට වඩා වැඩිපුර තිබ්බ අමාරු නීති සේරම අයින් කරලා මේ පහ විතරක් ප්‍රමාණවත් කියල කියපු එක විතරයි. හැබැයි සිල් ගන්නකොට එහෙම අටසිල් කියල සමාදන් වෙන්නෙ එ‍් අතිරේක දේවල්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,171
    113
    Oya kiyapu okoma ubata mawena deyak nan? Uba taniyen nan inne me loke?ube brain eka boruwata mawala pennanawanan?

    එහෙම හිතන්න පුළුවන්. හැබැයි අපේ හිතට කිසිම අදාළත්වයක් නැති දේවලුත් හරියටම සිද්ධ වෙනවනෙ බං. එතකොට අපි දකින හැම දේම අපේ මොළය පෙන්නන දෙයක් කියල හිතන්න බැහැ. උදාහරණයක් විදිහට මේ වෙලාවෙ උඹ කරමින් ඉන්න දේ මට පේන් නෑ, මම දන්නෙත් නෑනෙ. හැබැයි එහෙමයි කියල උඹට සාමාන්‍ය ලෝක නීතිවලින් බාහිර දෙයක් සිද්ධ වෙන් නෑනෙ. මම දකින දේවල්වල පේන්න තියෙන ලෝක නීතිමයි උඹටත් බලපාන්නෙ. එහෙම වුණාම එ‍්ක මගෙ මොළෙන් මැවෙන දෙයක් වෙන්න බැහැ.

    හැබැයි ඉතින් කැමති නම් අර simulation theory එක වගේ අපි හැමෝගෙන්ම පරිබාහිර යමකින් අපිව මවලා පෙන්නනවා කියල නම් හිතන්න අවුලක් නෑ. එ‍්ත් එතන පොඩි කේස් එකක් එනවා එ‍්ක හදපු කෙනා හෝ "යම" ත් කවුරු හරි simulate කරනවද කියල. එහෙම උඩට උඩට යන්න පුළුවන් එකේ සීමාවක් නෑනෙ.

    හැබැයි අපිට අපේ මොළේ අ‍ැතුළෙන් සේරම මවලා පෙන්නන්නෙ නෑ කියන එකට නම් පැහැදිලි proof එකක් තියෙනවා, මොකද අපි දන්නෙවත් නැති බාහිර දේවල් හරියටම සිද්ධ වෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මම කියල තියෙන්නෙ එ‍්ක තමයි බං. 1% නෙවෙයි ඊට වඩා ගොඩක් හොඳ දේවල් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම බුදු දහමෙ හරය තේරුම් ගනින්. වෙන්නෙ මොකක්ද කියල බුද්ධියෙන් තේරුම් අරගෙන තමන්ගෙ ජීවිතය හොඳට ගෙවපන්, තමන්ගෙ මනස සන්සුන්ව තියා ගනින්.

    හැබැයි එහෙම කරන්ඩ ඕන අපායෙ යයි කියල බයේවත්, එ‍්වා කරා කියල ලබන අ‍ාත්මෙ දිව්‍යාගනාවො කටට ගනියි කියල හිතාගෙනවත් නෙවෙයි. එහෙම කරාම තමන්ගෙ ජීවිතය යහපත් වෙනවා කියන pragmatic දේ තේරුම් අරන් එ‍් විදිහට හිටපන්. එච්චරයි.

    අරවා විශ්වාස කරන උන්ටයි අමතලා තියෙන්නෙ. හරියට කියවල බලල හරි, දිග වැඩි නම් AI දාල summerize කරල හරි කියන ලබ්බ තේරුම් අරන් හිටපන්.

    P. S.

    පන්සිල් බුදු දහම නිසා නිර්මාණය වුණ දෙයක් නෙවෙයි. හොඳට හොයල බලහන්. පන්සිල්වල තියෙන සීල ටික බුදු හාමුදුරුවො ඉපදෙන්නත් සෑහෙන කාලෙකට කලින් ඉඳල බ්‍රාහ්මණ ඉගැන්වීම්වල තිබුණා. බුදු දහමෙන් වෙච්ච එකම දේ ඊට වඩා වැඩිපුර තිබ්බ අමාරු නීති සේරම අයින් කරලා මේ පහ විතරක් ප්‍රමාණවත් කියල කියපු එක විතරයි. හැබැයි සිල් ගන්නකොට එහෙම අටසිල් කියල සමාදන් වෙන්නෙ එ‍් අතිරේක දේවල්.
    එතකොට උබ කියන්නෙ අට සිල් කියල හුත්තක් වැඩක් නෑ කියලද? :unsure:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    එහෙම හිතන්න පුළුවන්. හැබැයි අපේ හිතට කිසිම අදාළත්වයක් නැති දේවලුත් හරියටම සිද්ධ වෙනවනෙ බං. එතකොට අපි දකින හැම දේම අපේ මොළය පෙන්නන දෙයක් කියල හිතන්න බැහැ. උදාහරණයක් විදිහට මේ වෙලාවෙ උඹ කරමින් ඉන්න දේ මට පේන් නෑ, මම දන්නෙත් නෑනෙ. හැබැයි එහෙමයි කියල උඹට සාමාන්‍ය ලෝක නීතිවලින් බාහිර දෙයක් සිද්ධ වෙන් නෑනෙ. මම දකින දේවල්වල පේන්න තියෙන ලෝක නීතිමයි උඹටත් බලපාන්නෙ. එහෙම වුණාම එ‍්ක මගෙ මොළෙන් මැවෙන දෙයක් වෙන්න බැහැ.

    හැබැයි ඉතින් කැමති නම් අර simulation theory එක වගේ අපි හැමෝගෙන්ම පරිබාහිර යමකින් අපිව මවලා පෙන්නනවා කියල නම් හිතන්න අවුලක් නෑ. එ‍්ත් එතන පොඩි කේස් එකක් එනවා එ‍්ක හදපු කෙනා හෝ "යම" ත් කවුරු හරි simulate කරනවද කියල. එහෙම උඩට උඩට යන්න පුළුවන් එකේ සීමාවක් නෑනෙ.

    හැබැයි අපිට අපේ මොළේ අ‍ැතුළෙන් සේරම මවලා පෙන්නන්නෙ නෑ කියන එකට නම් පැහැදිලි proof එකක් තියෙනවා, මොකද අපි දන්නෙවත් නැති බාහිර දේවල් හරියටම සිද්ධ වෙනවා.
    Itin man inneth ube brain ekene.and adala nethi siddith create wenne ube brain ekenne
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    මම කියල තියෙන්නෙ එ‍්ක තමයි බං. 1% නෙවෙයි ඊට වඩා ගොඩක් හොඳ දේවල් තියෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම බුදු දහමෙ හරය තේරුම් ගනින්. වෙන්නෙ මොකක්ද කියල බුද්ධියෙන් තේරුම් අරගෙන තමන්ගෙ ජීවිතය හොඳට ගෙවපන්, තමන්ගෙ මනස සන්සුන්ව තියා ගනින්.

    සංසාරය ; පුනර්භවය විශ්වාස කරන්නේ නැත්තං බුදු දහමක් මොකටද ? බුදු දහමේ හරය තමා සංසාර දුක නැති කිරීම ; නිවන.

    බුදු දහමෙන් වෙච්ච එකම දේ ඊට වඩා වැඩිපුර තිබ්බ අමාරු නීති සේරම අයින් කරලා මේ පහ විතරක් ප්‍රමාණවත් කියල කියපු එක විතරයි. හැබැයි සිල් ගන්නකොට එහෙම අටසිල් කියල සමාදන් වෙන්නෙ එ‍් අතිරේක දේවල්.

    වේදික් ; හින්දු දර්ශනයන් වල සංසාරය ; පුනර්භවය ගැන technical ගැඹුරක් උගන්නලා තිබ්බත් ඒක නවත්තන්න විදියක්; දුක නිරෝධයක් ගැන කියලා තිබ්බේ නෑ.

    බුදු දහමේ විතරයි ලෙඩේ කියලා ප්‍රතිකාර ත් දුන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පෙර භවය, මතු භවය
    නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද?

    කර්මය
    නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,494
    1
    15,171
    113
    ඔය කාලෙට කලින් මොකද උනේ.
    Big bang එක කියන්නෙ කාලයේ අ‍ාරම්භය බං. එ‍්කට කලින් කියල දෙයක් තිබුණෙ නෑ. ඔය වගේ ප්‍රශ්න කාලයේ ස්වභාවය තේරුම් ගන්න බැරි කමේ අවුලක්. අ‍ාලෝකයේ වේගයට වඩා වේගෙන් ගියොත් මොකද වෙන්නෙ කියල අහනවා වගේම තමයි. එ‍්ක තේරුම් අරන් ඉන්න එපැයි බැරි අ‍ැයි කියල තේරෙන්න.

    එ‍්ක හැබැයි classical physics වලින් යම් අදහසක් ගන්න නම් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි හැමෝටම තේරෙනවනෙ 0 ට වඩා අඩු ධන අගයක් නැහැ කියන සංකල්පය. එ‍්කෙන් හිතපන්. හරියටම හරි නැතත් අ‍ාසන්න වශයෙන් සිද්ධිය ඔලුවට ගන්න පුළුවන් එතකොට.

    කාලය කියන්නෙ බැරල් එකකට පුරවපු බෝල කියල හිතපන්. අවුරුද්දක් කියන්නෙ එක බෝලයක්. බෝල බිලියන 13.8 ක් බැරල් එකේ පුරවලා තියෙනවා. බෝල එකෙන් එක අයින් කරලා උඹට ඕන තරම් කාලය දිගේ පස්සට යන්න පුළුවන්.

    හැබැයි බැරල් එකේ බෝල සේරම අයින් කරාට පස්සෙ තියෙන්නෙ හිස් බැරල් එකක්. උඹ තවත් කාලය දිගේ පස්සට යන්න හදනවා කියන්නෙ හිස් බැරල් එකෙන් බෝල කීයක් ගන්න පුළුවන්ද කියල අහනවා වගේ ප්‍රශ්නයක්. හිස් බැරල් එකකින් බෝල ගන්ඩ බෑනෙ බං.

    ඔය වගේ තව දේවල් තියෙනවා. නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්විනුත් ඔහොමයි. කට්ටිය අහනවා කෙල්වින් 0 වුණාට පස්සෙ, නැත්තම් සෙල්සියස් -273.16° වුණාට පස්සෙ තවත් සීතල කරොත් මොකක්ද වෙන්නෙ කියලා. සීතල කරන්ඩ නම් එ‍්කෙ තියෙන ශක්තිය සේරම ගන්න ඕන, 0 කියන්නෙ කිසිම ශක්තියක් නැති අවස්ථාව, එතනට ගියාම ගන්න තවත් "බෝල" නෑ කියල තේරුම් ගන් නෑ. ඉතින් තවත් සීතල කරන්න විදිහක්ම නෑ.

    අ‍ාලෝකයේ වේගයත් එච්චරයි. අවකාශය හරහා අ‍ාලෝකයේ වේගය ගන්න පුළුවන් එකම විදිහ ස්කන්ධය 0 ක් වෙන අවස්ථාව විතරයි. අපේ උන් ස්කන්ධයක් තියාගෙන ඊට වඩා වේගෙන් ගියොත් මොකක්ද වෙන්නෙ කියල අහනවා. කොයිල් තමා.
     
    • Wow
    Reactions: Lovtus

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    1. "කලින් බුදුවරු සිටියේ නැත" යන තර්කය සහ කාලය පිළිබඳ සංකල්පය
    ඔබ බිග් බැන්ග් (Big Bang) සිද්ධාන්තය සහ පෘථිවියේ ඉතිහාසය පදනම් කරගෙන බුදුවරුන්ගේ පැවැත්ම ප්‍රශ්න කරනවා.

    බුදුදහමට අනුව විශ්වය යනු එක් මහා පිපිරීමකින් ආරම්භ වී අවසන් වන්නක් නොව, "සංවට්ට" සහ "විවට්ට" (හැකිලීම සහ දිගහැරීම) වෙමින් අනන්ත කාලයක් තිස්සේ පවතින චක්‍රීය ක්‍රියාවලියක්. විද්‍යාව පවා අද "Multiverse" (බහු විශ්ව) හෝ "Big Bounce" වැනි සංකල්ප හරහා මෙයට සමාන අදහස් සාකච්ඡා කරනවා.

    බුදුදහම පවසන්නේ මේ පෘථිවිය මත පමණක් බුදුවරු බිහි වූ බව නොව, සක්වලවල් අනන්ත බවයි. එබැවින් පෘථිවියේ වයස බිලියන 4.5ක් වීමෙන් බුදුවරුන්ගේ පෙරුම් පිරීම් හෝ අතීත බුදුවරුන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළ නොහැකියි.

    2. බුදුන් වහන්සේ යනු "සාමාන්‍ය මනුෂ්‍යයෙක්" පමණක්ද?​

    බුදුන් වහන්සේ නිව්ටන් හෝ අයින්ස්ටයින් වැනි භෞතික විද්‍යාඥයෙකුට සමාන කිරීමේදී එක් මූලික වෙනසක් අමතක වී තිබෙනවා.

    විද්‍යාඥයන් සොයාගන්නේ බාහිර ලෝකයේ නියමයන් (Laws of Nature) ය. නමුත් බුදුන් වහන්සේ අවබෝධ කරගත්තේ "විමුක්තිය" හෙවත් සිතේ පවතින සියලු කෙලෙස් නසා නැවත ඉපදීමක් නැති කරන මාර්ගයයි.

    බුදුන් වහන්සේ තමන් වහන්සේව හැඳින්වූයේ "පුරිසදම්ම සාරථී" සහ "සත්ථා දේවමනුස්සානං" (දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්) ලෙසයි. උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙකු ලෙස ඉපදී, සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අතික්‍රමණය කළ (Transcended) උත්තමයෙක්.

    3. දිව්‍යලෝක සහ අපාය "හිත ඇතුළේ" පමණක්ද?​

    ඔබ පවසන පරිදි සිතේ ඇතිවන සතුට හෝ පසුතැවීම දිව්‍යලෝකය හෝ අපාය ලෙස හැඳින්විය හැකි වුවත්, බෞද්ධ දර්ශනය එයින් පමණක් නතර වන්නේ නැහැ.

    බුදුදහමට අනුව ජීවය පවතින්නේ මනුෂ්‍ය ලෝකයේ පමණක් නොවේ. සිතේ ශක්තිය (කර්ම ශක්තිය) අනුව සකස් වන විවිධ තල (Planes of existence) 31ක් ගැන ධර්මයේ සඳහන් වේ.

    ඔබ මෙය "ප්‍රබන්ධයක්" ලෙස හැඳින්වුවත්, ක්වොන්ටම් භෞතික විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි පවා අපට නොපෙනෙන මානයන් (Dimensions) තිබිය හැකි බව පිළිගැනේ. එබැවින් තමන්ට නොපෙනෙන පළියට යමක් මිත්‍යාවක් ලෙස හැඳින්වීම විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් වුවද අසම්පූර්ණයි.

    4. පින් පව් සහ හේතුඵල වාදය (Causality)​

    බුදුදහම යනු "හේතුඵල සම්බන්ධතාවය" බව ඔබ නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. නමුත් එම හේතුඵල දහම එක ජීවිතයකට පමණක් සීමා කිරීම බුදුදහමේ හරය බිඳ දැමීමකි.

    හේතුවක් ඇත්නම් ඵලයක් තිබිය යුතුයි. සත්වයා ඉපදීමට හේතුව "අවිද්‍යාව සහ තණ්හාව" නම්, මරණයෙන් පසු එම ශක්තිය අවසන් වීමට (ප්‍රතිසන්ධියක් සිදු නොවීමට) නම් එම හේතු නැති කළ යුතුයි. එසේ නොමැතිව මරණයෙන් සියල්ල අවසන් වේ යැයි සිතීම "උච්ඡේද දිට්ඨිය" (Materialistic view) ලෙස බුදුදහම ප්‍රතික්ෂේප කරයි.

    ඔබේ තර්කය පදනම් වී ඇත්තේ භෞතිකවාදය (Materialism) මතයි. එහිදී මනස යනු මොළයේ ක්‍රියාකාරිත්වයක් පමණක් ලෙස සලකයි. නමුත් බුදුදහම පෙන්වා දෙන්නේ මනස යනු භෞතික දේට වඩා එහා ගිය ස්වාධීන ශක්ති ප්‍රවාහයක් බවයි.

    ඔබ පවසන පරිදි බුදුදහම යහපත් ජීවිතයකට මඟ පෙන්වන "උපදෙස් මාලාවක්" පමණක්ම නොවේ. එය සංසාරික දුකෙන් නිදහස් වන මහා විද්‍යාවකි. ජාතක කථා හෝ අතිශයෝක්තීන් ලෙස පෙනෙන කරුණු තුළ ගැබ්ව ඇත්තේ ගැඹුරු දර්ශනයක් සහ විවිධ බුද්ධි මට්ටම්වල අයට ධර්මය තේරුම් කර දීමට යොදාගත් උපක්‍රමයන්ය (Upaya).

    Sherlock Holmes හෝ Super Man යනු මිනිසාගේ විනෝදාස්වාදය සඳහා නිර්මාණය කළ ප්‍රබන්ධ වුවත්, බුදුදහම ඉදිරිපත් කරන ලෝක විෂය (Cosmology) ගොඩනඟා ඇත්තේ මනස දියුණු කළ උත්තමයෙකුගේ "අභිඥා" (Extra-sensory perception) මත පදනම්වය. එය විද්‍යාවට හසු නොවන පමණින් මිත්‍යාවක් ලෙස බැහැර කිරීම සාධාරණ නැත.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,063
    1,705
    113
    එහෙම හිතන්න පුළුවන්. හැබැයි අපේ හිතට කිසිම අදාළත්වයක් නැති දේවලුත් හරියටම සිද්ධ වෙනවනෙ බං. එතකොට අපි දකින හැම දේම අපේ මොළය පෙන්නන දෙයක් කියල හිතන්න බැහැ. උදාහරණයක් විදිහට මේ වෙලාවෙ උඹ කරමින් ඉන්න දේ මට පේන් නෑ, මම දන්නෙත් නෑනෙ. හැබැයි එහෙමයි කියල උඹට සාමාන්‍ය ලෝක නීතිවලින් බාහිර දෙයක් සිද්ධ වෙන් නෑනෙ. මම දකින දේවල්වල පේන්න තියෙන ලෝක නීතිමයි උඹටත් බලපාන්නෙ. එහෙම වුණාම එ‍්ක මගෙ මොළෙන් මැවෙන දෙයක් වෙන්න බැහැ.

    හැබැයි ඉතින් කැමති නම් අර simulation theory එක වගේ අපි හැමෝගෙන්ම පරිබාහිර යමකින් අපිව මවලා පෙන්නනවා කියල නම් හිතන්න අවුලක් නෑ. එ‍්ත් එතන පොඩි කේස් එකක් එනවා එ‍්ක හදපු කෙනා හෝ "යම" ත් කවුරු හරි simulate කරනවද කියල. එහෙම උඩට උඩට යන්න පුළුවන් එකේ සීමාවක් නෑනෙ.

    හැබැයි අපිට අපේ මොළේ අ‍ැතුළෙන් සේරම මවලා පෙන්නන්නෙ නෑ කියන එකට නම් පැහැදිලි proof එකක් තියෙනවා, මොකද අපි දන්නෙවත් නැති බාහිර දේවල් හරියටම සිද්ධ වෙනවා.

    ඔය ඔක්කොම හිතන්නේ perceptions ඇත්ත කියලා assume කරලා. යතාර්ථය "මෙන්න මෙහෙම වෙන්න ඕනේ.." කියලා අර්ථකතනය කරන්න පුලුවන් වෙන්නේ limited observation එකකට සාපේක්ෂව අපි ගන්න assumptions ටිකක් උඩ. ඒ අර්ථකතන එකක්වත් ultimate reality එකක් කියන්න බැහැ කියලා මොලයක් තියෙනවනම් තේරෙන්න ඕනේ.

    මෙ playlist එක පිළිවෙලට බලපන් නිකන් ඉන්න වෙලාවට. තියෙන මොලෙන් වැඩක් ගනින්.
     
    • Like
    Reactions: Yeezus

    Daws

    Active member
  • Nov 27, 2025
    221
    194
    43
    Colombo
    hama dema dannawa kiyala hitagena wattakka kaka inna dial ekak mewage dewal kiyana eka gana puduma wenan deyak na.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Big bang එක කියන්නෙ කාලයේ අ‍ාරම්භය බං. එ‍්කට කලින් කියල දෙයක් තිබුණෙ නෑ. ඔය වගේ ප්‍රශ්න කාලයේ ස්වභාවය තේරුම් ගන්න බැරි කමේ අවුලක්. අ‍ාලෝකයේ වේගයට වඩා වේගෙන් ගියොත් මොකද වෙන්නෙ කියල අහනවා වගේම තමයි. එ‍්ක තේරුම් අරන් ඉන්න එපැයි බැරි අ‍ැයි කියල තේරෙන්න.

    එ‍්ක හැබැයි classical physics වලින් යම් අදහසක් ගන්න නම් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි හැමෝටම තේරෙනවනෙ 0 ට වඩා අඩු ධන අගයක් නැහැ කියන සංකල්පය. එ‍්කෙන් හිතපන්. හරියටම හරි නැතත් අ‍ාසන්න වශයෙන් සිද්ධිය ඔලුවට ගන්න පුළුවන් එතකොට.

    කාලය කියන්නෙ බැරල් එකකට පුරවපු බෝල කියල හිතපන්. අවුරුද්දක් කියන්නෙ එක බෝලයක්. බෝල බිලියන 13.8 ක් බැරල් එකේ පුරවලා තියෙනවා. බෝල එකෙන් එක අයින් කරලා උඹට ඕන තරම් කාලය දිගේ පස්සට යන්න පුළුවන්.

    හැබැයි බැරල් එකේ බෝල සේරම අයින් කරාට පස්සෙ තියෙන්නෙ හිස් බැරල් එකක්. උඹ තවත් කාලය දිගේ පස්සට යන්න හදනවා කියන්නෙ හිස් බැරල් එකෙන් බෝල කීයක් ගන්න පුළුවන්ද කියල අහනවා වගේ ප්‍රශ්නයක්. හිස් බැරල් එකකින් බෝල ගන්ඩ බෑනෙ බං.

    ඔය වගේ තව දේවල් තියෙනවා. නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්විනුත් ඔහොමයි. කට්ටිය අහනවා කෙල්වින් 0 වුණාට පස්සෙ, නැත්තම් සෙල්සියස් -273.16° වුණාට පස්සෙ තවත් සීතල කරොත් මොකක්ද වෙන්නෙ කියලා. සීතල කරන්ඩ නම් එ‍්කෙ තියෙන ශක්තිය සේරම ගන්න ඕන, 0 කියන්නෙ කිසිම ශක්තියක් නැති අවස්ථාව, එතනට ගියාම ගන්න තවත් "බෝල" නෑ කියල තේරුම් ගන් නෑ. ඉතින් තවත් සීතල කරන්න විදිහක්ම නෑ.

    අ‍ාලෝකයේ වේගයත් එච්චරයි. අවකාශය හරහා අ‍ාලෝකයේ වේගය ගන්න පුළුවන් එකම විදිහ ස්කන්ධය 0 ක් වෙන අවස්ථාව විතරයි. අපේ උන් ස්කන්ධයක් තියාගෙන ඊට වඩා වේගෙන් ගියොත් මොකක්ද වෙන්නෙ කියල අහනවා. කොයිල් තමා.

    :shocked:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    Big bang එක කියන්නෙ කාලයේ අ‍ාරම්භය බං. එ‍්කට කලින් කියල දෙයක් තිබුණෙ නෑ. ඔය වගේ ප්‍රශ්න කාලයේ ස්වභාවය තේරුම් ගන්න බැරි කමේ අවුලක්. අ‍ාලෝකයේ වේගයට වඩා වේගෙන් ගියොත් මොකද වෙන්නෙ කියල අහනවා වගේම තමයි. එ‍්ක තේරුම් අරන් ඉන්න එපැයි බැරි අ‍ැයි කියල තේරෙන්න.
    එහෙම හිතන්න බැරි එක උබලගේ ප්‍රශ්න කිරීමේ හැකියාවේ අවුලක්. අහු වෙන අන්තිම එක තමා හරි කියලා විශ්වාස කරගන්නවා. 🤷
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    එහෙම හිතන්න බැරි එක උබලගේ ප්‍රශ්න කිරීමේ හැකියාවේ අවුලක්. අහු වෙන අන්තිම එක තමා හරි කියලා විශ්වාස කරගන්නවා. 🤷
    රෙදි හෝදනව වගේ සරල දේවල් නෙමෙයි බන් ඕව උබලට තේරෙන්නෑ :no:
     
    Similar threads