රු.මිලියන 200ක මූල්‍ය වංචාවලට මහනුවර හිටපු බස්නායක නිලමේවරයෙක් අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,349
    7,044
    113




    රුපියල් මිලියන 200කට ආසන්න මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු බස්නායක නිලමේවරයකු වන "අනුර ඊරියගම " මහනුවර විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මහනුවර "රෝයල් මෝල් " හෝටලයේ අධිපති හිටපු බස්නායක නිලමේවරයා දීර්ඝ කාලයක් එකම දේවාලයේ බස්නායක නිලමේ ධුරයේ රැඳී සිට ඇති අතර, වසරකට පෙර නිලමේ ධුරයෙන් සමුගෙන තිබේ.

    එසේ නිල කාලයෙන් පසු ඉවත් වී ඇත්තේ වයස අවුරුදු 70න් පසු ඔහුට නිලමේ ධුරයට තරග කිරීමට නොහැකි නිසාය.

    හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන හිටපු බස්නායක නිලමේවරයා ඔහුගේ ව්‍යාපාරික කටයුතු සඳහා රුපියල් මිලියන 180කට අධික මුදලක් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගෙන ඇති අතර, ඔහුගේ පුත්‍රයා විසින් ඒ වෙනුවෙන් චෙක්පත් ලබා දී ඇති බවට වාර්තා වී ඇත.

    වංචා කළ මුදල රුපියල් මිලියන 200 ඉක්මවිය හැකි බවත් වාර්තා වේ.

    මේ වංචාවට සම්බන්ධ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට මේ වන විට මහනුවර විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොලිස් කණ්ඩායම් යොදවා ඇත.(සිළුමිණ)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,044
    10,828
    113
    ඔන්න දලදා මාලිගාවට සම්බන්ඳ එවුන්. hora buddhists!