@Lovtus මම දන්නේ නැහැ උඹ කියන්නේ ඇත්ත ද බොරු ද කියලා, හැබැයි මම නම් කියන්නේ උඹ ඇත්තටම පක්ෂේ ඇතුලේ හොරා කන සිද්ධි, පක්ෂ නීති වලට එහා ගිහින් කරන පත් කිරීම් වලට විරුද්ධව නම් ඔය වගකීම් වලින් නිදහස් වුනේ, උඹ කරපු වැඩේ වැරදි. අඹට තිබ්බේ වගකීමේ ඉදගෙනම ඒකට විරුද්ධ වෙන්න. මොක ද උඹ ඔතනින් step down වුනාම හොරා කන සෙට් එක උන්ට හොරා කන්න පුළුවන් වෙන උන්ගේ වැරදි හෝදන, උන් එක්කම එකතු වෙලා දාන මස් කට්ට ලෙව කන එකෙක්ව පත් කර ගන්නවා. අන්තිමේ දි ඇත්තටම කිසිම පෞද්ගලික දෙයක් බලාපොරොත්තු නොවි ඒ දවස් වල ඉදන් පක්ෂේ වෙනුවෙන්, ගෙවල් දොරවල් වල ඉඳලා, කන බත් එක දීපු මිනිස්සුන්ගේ සාධාරණීය දියුණු රටක් හදන්න තියෙන බලාපොරොත්තුව හීනයට කෙල වෙනවා. අනෙක මේකේ ඉන්නවා බොරුව කියන එක ජීවිතේ කර ගත්තු, අනුන්ගේ කාලා ඇදලා, ඊට පස්සේ ගහන ගේම් වලින් (හොරකම්) වලින් ගෙවල් දොරවල් හදන පුරවගන්න සෙට් එකක්. ඕකුන් ඒ කාලේ හිටං එහෙමයි. කැම්පස් වලින් එන්නෙත් එහෙම උන්, කැටේ ගිහින් ආවාම, ඒකේන් ගල් බොන, ගංජා ගහන උන් දැන් කාලෙක ඉදන් වැහි වැහලා. ඒ කාලෙත් වෙනසක් නෑ. ඒ පුරුදු අරන් ආපු උන් මන්ත්‍රි පුටුවල නැතිව නෙමෙයි
මමනම් පුළුවන් හැම වේලේම විරුද්ධ වෙනවා. වැඩේ තියෙන්නේ මම ඉන්නේ කොළඹ. ගමේ යැවෙන්නේ සෑහෙන කලා තුරකින්. දැන් ගොඩක් ඇතුලේ ඉන්න හොරුන්ට මාව පේන්නත් බෑ දෙන්න උත්තරත් නැති වෙලා ඉන්නේ. අනෙක ඉස්සර සහෝදරයා ගගා කන්නයි සල්ලියි ඉල්ලගෙන ආපු අය දැන් කිහිප දෙනෙක්ටම කියලා තියනවා සහෝදරයා ගාන්න එපා දැන් මම ඇමති මම පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මම නගරාධිපති ඒක නිසා සර් කියන්න කියලා.. දකුණේ බුවලා තුන් දෙනෙක් තමා.. මම මේ හම්බෙනකම් ඉන්නේ අමතන්න