මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

Bam

Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,135
    113
    බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.🤣🤣 යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
    දැ‍‍ං ජීවිතේ කොහොමද ?

    ලමයි ඉන්නවා ?
     
    • Love
    Reactions: labu gediya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,582
    5,165
    113
    බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.🤣🤣 යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
    මේ උදාහරනෙ නං ගැලපෙන්නෙ නැහැ :P :P

    අපි කුඹුරු කරනවා. හැබැයි සමහර වෙලාවට අපේ ගෙවල්වලට එන අය හාල් අරගෙන එනවා බාස්මතී/කීරි සම්බා එහෙම
    අපි ඒවට හෙන ආසයි
    මොකද අපේ කුඹුරු වල ඒවම කාල කාල ඇති වෙලා ඉන්නෙ
     
    • Love
    Reactions: labu gediya and Bam

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ උදාහරනෙ නං ගැලපෙන්නෙ නැහැ :P :P

    අපි කුඹුරු කරනවා. හැබැයි සමහර වෙලාවට අපේ ගෙවල්වලට එන අය හාල් අරගෙන එනවා බාස්මතී/කීරි සම්බා එහෙම
    අපි ඒවට හෙන ආසයි
    මොකද අපේ කුඹුරු වල ඒවම කාල කාල ඇති වෙලා ඉන්නෙ
    මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.🙂

    දැ‍‍ං ජීවිතේ කොහොමද ?

    ලමයි ඉන්නවා ?
    ජීවිතෙ හොඳයි ගොඩක්ම. දුවෙක් ඉන්නවා ඉස්කෝලෙ 3 වසරෙ
    ------ Post added on Apr 22, 2026 at 5:58 PM
     
    • Love
    Reactions: Bam

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,573
    2,369
    113
    නිධානයක් උඩ
    මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.🙂

    උඹලා ඈස්‍රය කරන්නෙත් කුඹුරු තියන උන්ව වෙන්ටෑ.
     
    • Like
    Reactions: labu gediya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,453
    1,674
    113
    මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.🙂

    ජීවිතෙ හොඳයි ගොඩක්ම. දුවෙක් ඉන්නවා ඉස්කෝලෙ 3 වසරෙ
    ------ Post added on Apr 22, 2026 at 5:58 PM

    How's your relationship with නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා..?
     
    • Like
    Reactions: labu gediya
    Oct 6, 2025
    17
    20
    3
    මේ general rule of thumbs ටිකක්. පවුල් පසුබිම, ආර්ථික තත්වය මත ගලපා ගන්න,
    හැම එකම හරියන්නේ නැති වෙන්න පුළුවන්, තමුන්ට අනුව ගලපා ගන්න.

    - First Impression එක ඉතාම වැදගත්
    - යනවා කියපු වෙලාවටම යන්න. පරක්කු වෙන්න එපා
    - ලා පාට ලස්සන ඇඳුමක් ඇඳගෙන යන්න, smart අඳින්න. too casual වෙන්න එපා
    - සෙරෙප්පු කෑලි දාන් යන්න එපා මේස් දාලා සපත්තු දාලා යන්න, ඇතුලට යද්දි ගලවල මේස් පිටින් ඉන්න
    - කොන්ඩේ රැවුල නියපොතු ලස්සනට කපල පිරිසිදුව යන්න
    - Bike එක හොඳට හෝදන් යන්න
    - Dress up වෙලා ගියාට අවුලක් නෑ dress down වෙලා යන්න එපා
    - නිතරම වැදගත් විදියට කතා කරන්න/හැසිරෙන්න
    - පම්පෝරි ගහන්න යන්න එපා සරල කතා බහක යෙදෙන්න
    - අනවශ්‍ය විහිළු තහළු කරන්න යන්න එපා
    - හොඳ පෞර්ෂයකින් හැසිරෙන්න, නෝන්ජල් වැඩ කරන්න එපා
    - කෙල්ලගෙන් අහගන්න තාත්තා කැමති මාතෘකා, ඒවා කතා කරන්න
    - එයාල කියන දේට හොඳින් ඇහුම්කන්දෙන්න, මැදින් පනින්න එපා
    - කිසිම දේකට එයාලා එක්ක තර්ක කරන්න යන්න එපා
    - බුද්ධිමත් විදියට කතා කරන්න/හැසිරෙන්න, සැහැල්ලුවෙන් ඉන්න
    - දේශපාලනය/ජාතිවාදය/ආගම්වාදය/කුල ගැන කතා කරන්න එපා
    - තනිකරම හොඳ පුතා සීන් එක රඟපාන්න, හැබැයි over acting කරන්න එපා
    - කෙල්ලගේ අතින් අල්ලන්න, එහෙන් මෙහෙන් අදින්න, ඉඹින්න යන්න එපා
    - කෙල්ලට respectable විදියට කතා කරන්න. "ඕයි", "ඒයි", "තමුසේ", "බන්", "බොලන්" කියන්න එපා
    - දෙමව්පියන්ට දැනෙන්න දෙන්න උඹ හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න සුදුසු කෙනෙක් බව
    - එතන ගිහින් පෝන් එක ඔබන්න එපා, කෝල් ගන්න එපා
    - තනියම යන්න, යාළුවෝ එක්කන් යන්න එපා (Important)
    - කෙල්ලගේ අයිය හිටියොත් ඌට පොර ටෝක් දෙන්න යන්න එපා
    - බාල සහෝදරයෝ හිටියොත් උන්ව බයිට් එකට ගන්න එපා
    - උන් ඉන්නවනම් උන්ටත් මොනා හරි අරන් යන්න, පොඩි දෙයක් හරි
    - කෑම මේසෙදී ලස්සනට හැසිරෙන්න, පෙරේතයෙක් වගේ කන්න එපා, කෑම හලන්න එපා, තලු මරන්න එපා
    - තමුන් කාපු පිඟාන අරන් ගිහින් හෝදන්න
    - එයාලා එපා කියයි, ඒත් "නෑ මේක මට පුරුදු වෙලා" කියල හෝදන්න
    - එයාල බලෙන්ම හෝදන්න දුන්නේ නැත්නම් පිඟාන දීලා අත හෝදගන්න
    - තේ බොද්දි "සුරූ...ස්" ගගා සද්ද කර කර බොන්න එපා
    - මාමණ්ඩි බියර් එකක් බොන්න කතා කරත් කාරුණිකව එපා කියන්න, බොහොම ස්තුතියි කියන්න
    - සමහර මාමණ්ඩිලා කැමතියි බෑණා එක්ක බොන්න, ඒවා පස්සේ පුළුවන්, එදාට එපා
    - බොන කෙනෙක් නම් බොන්නේ නෑ කියල බොරු කියන්න එපා
    - ඇහුවොත් විතරක් පාටියකදී චුට්ටක් ගන්නව කියන්න, කරටි කැඩෙන්න ගහන බව කියන්න එපා
    - ඉස්සරහට කරන්න ඉන්න දේවල් ඇහුවොත් හොඳ ප්ලෑන් එකක් කලින් හිතන් ගිහින් කියන්න
    - අම්මා/ආච්චි වංසේ කබල් ගාන්න ආවොත් උඹේ වන්සෙත් ටිකක් කබල් ගාපන්
    - වත්තේ හතර මායිම් බලන්න යන්න එපා, දෑවැදි ගැන අහන්න එපා
    - යනකොට හරි, ආපහු එනකොට හරි, දෙවේලේම හරි අම්මටයි තාත්තටයි දණ ගහල වඳින්න
    - මේක ගම් පළාත, ආගම අනුව ගලපගන්න
    - නුවර පැත්තේ නම් ගේ ඇතුලට යන්නෙත් වැඳගෙන, එද්දිත් වඳිනවා

    කෙල්ලගෙන් අහල අම්මට තාත්තට ගැලපෙන දෙයක් අරන් යන්න.

    මේකේ උන් කියල තිබ්බා තාත්තට ගල් බෝතලයක් අරන් යන්න කියල. ඔය මඟුල් කරන්න යන්න එපා නැන්දම්මා තරහ කරගන්න වැඩක්.

    අවුරුදු ගානක් ලව් කරල, ඔය වගේම ගෙදර ගිහින්, කසාද බැඳලා අවුරුදු 14ක සාර්ථක පවුල් ජීවිතයක අත්දැකීම් ඇසුරෙන් මේ ටික කිව්වේ

    ගිහින් ඇවිත් කියන්න මොකද උනේ කියල

    සුබ මංගලම්! ජය වේවා!
    Gold 🥇
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    මම නම් තනියම ගියා එන්න යද්දි කෙල්ලගේ අක්කා බදලා කිස් එකක් දුන්න මට මම කෙල්ලට කිස් එකක් දුන්නා පහුවදාම කිවුවා කෙල්ලගේ ගෙදරින් මට කැමති නැ කියලා නො වොරිස්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    How's your relationship with නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා..?
    නෝනගෙ පවුල අමුතු එකක්. ගැමි පවුලක්. ලොකු අයියා ලොකු අක්ක twins, අයියා, අක්කා, පොඩි අයියා පොඩි අක්කා twins, නෝනගෙ අයියා නෝනා twins.

    ඉතින් අයියලා 4යි.
    අක්කලා 3යි

    උඹලා ඈස්‍රය කරන්නෙත් කුඹුරු තියන උන්ව වෙන්ටෑ.
    නෑ. ආස්‍රය කරන එවුන්ට කුඹුරු තියෙනවා
    ------ Post added on Apr 23, 2026 at 11:39 AM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,453
    1,674
    113
    නෝනගෙ පවුල අමුතු එකක්. ගැමි පවුලක්. ලොකු අයියා ලොකු අක්ක twins, අයියා, අක්කා, පොඩි අයියා පොඩි අක්කා twins, නෝනගෙ අයියා නෝනා twins.

    ඉතින් අයියලා 4යි.
    අක්කලා 3යි

    නෑ. ආස්‍රය කරන එවුන්ට කුඹුරු තියෙනවා
    ------ Post added on Apr 23, 2026 at 11:39 AM

    Ok so your extended family has females too, not just males, which balances out things..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.🤣🤣 යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
    merila ne neda labba
     
    • Haha
    Reactions: labu gediya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,628
    113
    Kellata umba diha adaren hina wela hama tissema balanna kiyapan. Umbath balapan.

    Godak demapiyo kamaththa denne umbala denna ekineka diha balana widiyath considered karala. Thamange duwa hari thirane aran kiyala confirm karaganna ekath eka hethuwak.

    Anith tika umba anith un kiyala tiyena adahas gana balala tirane karapan.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,135
    113
    මම නම් තනියම ගියා එන්න යද්දි කෙල්ලගේ අක්කා බදලා කිස් එකක් දුන්න මට මම කෙල්ලට කිස් එකක් දුන්නා පහුවදාම කිවුවා කෙල්ලගේ ගෙදරින් මට කැමති නැ කියලා නො වොරිස්
    පරාණ බයට හා කියන්න ඇත්‍තෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,085
    25,181
    113
    පළවෙනි උපදෙස..

    ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.

    දෙවෙනි එක.

    ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..

    තුන් වෙනි එක.

    හොඳට දන ගහලා වැඳපන්...

    හතර,

    අඩුවෙන් කාපන්.

    පහ,

    කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.
    යහළු පක්කු දෙන්නෙක්ම පොල්ල තිබ්බ හින්දා තනියම ගිහින් ඔහොම තමයි ඉඳලා ආවේ. නැන්දම්මා තාම කියනවා, එදා බොපැලේ වගේ හිටපු විදිහට මෙච්චර වලිබර මැරයෙක් කියලා හීනෙන් වත් හිතුවේ නැහැ ලු... 😂
     
    • Haha
    Reactions: Phone Hora

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,496
    9
    3,135
    113
    බැකිවුවා
    උබ ගේම ඇද්දෙ නැද්ද බං .

    කොල්ලො එහෙම ලේසියෙන්ම කෙල්ලෙක් අතහරින්නෙ නෑනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,272
    113
    මාලඹේ
    උබ ගේම ඇද්දෙ නැද්ද බං .

    කොල්ලො එහෙම ලේසියෙන්ම කෙල්ලෙක් අතහරින්නෙ නෑනෙ
    පස්සේ මාස 6 කින් මහා එකාම කැමති උනා
     
    • Love
    Reactions: Bam

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,877
    3,206
    113
    මතක් කරලා සපතු මේස් අතේ අරගෙන පල. කුබුරෙන් ගොඩ උනාම දන්නවනෙ .. ඊට පස්සෙ හම්බු වෙනවා කුබුරට වතුර ගෙන ඇල. ඒකෙන් කකුල් එහෙම හොදගෙන සපත්තු දාගනින්
     
    • Haha
    Reactions: Bam