-ශ්රී ලංකා ටෙලිකොම් Fiber වංචාව-
SLTMobitel
මේක පෞද්ගලිකව මට වෙච්ච දෙයක්.මේ පෝස්ට් එක දාන එකේ අරමුණ වෙන්නෙ මට වගේ ම මේ දේ වෙච්ච තවත් කට්ටිය ඉන්නවද කියලා දැනගන්න එක.
මේකයි කතාව
මං කලින් පාවිච්චි කලේ peak , off peak දෙකට වෙන වෙනම Data Use වෙන Fiber package එකක්.ඒකෙ peak data limit එක මාසෙ බාගයක් යන්න කලින් ඉවරයි.හරි කමක් නෑ Fiber නිසා Bandwidth එක වැඩීනෙ කියලා හිතලා Package එක මාරු කලා anytime 80Gb එකකට.සාමානයයෙන් මම ගෙදර Wifi Use කරන්නෙ හවස 6න් පස්සෙයි ,නිවාඩු දවසටයි ,weekend එකටයි විතරයි.ඉතින් මට Anytime 80Gb සහ Off peak Unlimited package එක හොඳටම ප්රමාණවත්.
ඉතින් මාසෙ මුල Package එක මාරු කරලා දවස ගානෙ ගියා.යකෝ 14 වෙනිදා My Slt app එකේ බලද්දි Data balance එක 0 Gb...
හොන මුත්තක්ද ඒ වුනේ කියලා කල්පනා කලා.ගෙදර වෙන කව්රුත් Password දන්නෙත් නෑ.හිටපු ගමන් රවුටරේට ලොග් වෙලා බලනවා වෙන කවුරුත් ලොග් වෙනවද කියලා.ඒත් එහෙම දෙයක් වෙන්නෙ නෑ.වැඩි හොඳට Mac Fillers දැම්මා මගෙ ලැප් එකයි mobile phone එකයි විතරක්.දාලා ගත්තා Extra GB 5 ක්.අරන් wifi Use නොකර mobile data වලින් බල බල හිටියා data balance එක..
යකෝ දවසට 500Mb විතර අඩු වෙනවා.යකාගෙ කෙලියක්නෙ මේක.පාරිබෝගික සේවාවට ගත්තාම ඒ මනුස්සයා කියනවා useage එක බලලා..facebook ගිහින් ලු. අම්...ගෙ රෙද්ද ගියා Facebook.
මට තාමත් හිතාගන්න බෑ Data වලට වෙන දේ.හැබැයි තේරෙන්නෙ එකම දෙයයි. SLT එකේ මොකක් හරි වංචාවක් වෙනවා.මාසෙට 4000ක් විතර Fiber data වලට ගෙවලා තව 3000ක විතර Exra Gb ත් ගන්න වෙලා.එතකොට Peo Tv එක්ක රුපියල් 10000 ක් විතර ගෙවනවා මේ කාලකන්නි වැඩේ නිසා...
සටහන :- කසුන් එන් නරසිංහ

