Mobitel data SCAM - මොබිටෙල් ඩේටා වංචාව (සාක්‍ෂි සහිතව)

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Umba kokatath trc ekata evidence ekka email ekak dapan...oya wage case ekak mata hulantel ayathanayen wela ( 5+ years ago) trc ekata dapu email ekakata reply awa..

    Prepaid sim dekak witara unlock router ekak ekka thiyaganin banz.. internet dan kama wage wela hinda
     
    • Like
    Reactions: KMAInteract

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan athdutui prathyakshai mehema karapan. ubata lagama mobitel ekata palayan curfew iwara unama. okkoma customers la issaraha siddiya kegahala kiyapan. call recordings, email screenshots printouts, facebook conversations okkoma aran palayan. unta katha karanna dennama epa ubata wehcha hemadema okkoma issaraha kegahala haiyenma kiyapan. owa kawadawath oya pakayanta call karala karaganna ba. man oya wage kara SLT ekata. ballo wage ahan idala bill eka amend kara. router eka dunneth na connection eka disconnect karala awa.
     
    • Dislike
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මුලින්ම මේ විස්තර දාල ඉන්නම්කො,

    Complaint #1-2931923392
    Phone #071777123*

    කලින් පාර මාර්තු වල කර්ෆිව් දැම්මම ගෙදර ඉඳන් ජොබ් එක කරන්න, මම මගේ POSTPAID Mobitel sim එකට, අර කියන 65GB (Work from Home) Package එක active කරනවා.
    විනාඩි 5 - 10 ක් ගියාට කිසිම sms එකක් ආවෙත් නැහැ, selftcare app එකෙන් බැලුවට එකෙත් නැහැ.
    ඉතිං මං පැය ගානක් ඉඳලා customer care එකෙන් ඇහුවම කෙල්ලෙක් නැලවී නැලවී කිව්වා එහෙම රික්වෙස් එකක් ඇවිල්ල නැහැ කියල.

    ඉතින් මන් ආපහු 140GB (Work from Home) Package එක active කරනවා මේ පාර. ඔන්න ඒක නම් ටක් ගාල active උනා.

    ඊට පස්සේ ඉතිං මන් සාමාන්‍ය විදියට පාවිච්චි කරලා billing cycle එක end වෙන්න ලං වෙලා data balance එක බලද්දී 205 GB ඉතුරුයි කියල පෙන්නනවා.
    පාවිච්චිය 1GB වලටත් වඩා අඩුයි.
    වැඩිපුර MB එකකට සත 30 ගානේද කොහෙද මුන් කපාගන්න නිසා කෝකටත් කස්ටමර් කෙයා කතා කරා.

    උන්ගේ සිස්ටම් එකෙත් 205 GB ඉතුරුයි කියල පෙන්නනවලු.
    මගේ සෙල්ෆ් කෙයාර් app එකෙත් ඒකම පෙන්නන්නේ.
    SMS එකකින් චෙක් කරත් ඒකම පෙන්නන්නේ.

    උන් ඒකට කම්ප්ලේන් දැම්මද නැද්ද මං දන්නේ නැහැ. එත් බිල ආවම තමා රත් උනේ.

    8rTC6S.jpg


    මුලින් ඇක්ටිව් උනේ නැහැ කියපු 65 GB package එකටයිත් charge කරලා.
    ඊළඟට active උන 140 GB එකටත් ආපහු charge කරලා. (මේ පැකේජ් එක මං හිතලම අවශ්‍යතාව මත active කරපු එක)
    ඔක්කොම හරි, අන්තිමට පාවිච්චි කරපු data ප්‍රමාණයට (පැකේජ් මොකුත් active නැහැ කියල සලකා) GPRS charges වලින් බිල හදලා.

    කස්ටමර් කෙයාර් ගත්තා, කම්ප්ලේන් එකක් දැම්ම සම්පුර්ණ විස්තරේ කියලා.
    ඊට දවස් දෙකකට පස්සේ බලද්දී connection එක disconnect කරලා billing amount exceed වෙලා කියලා.

    ආපහු කතා කරාම උන් active කරා, මොකද සම්පුර්ණ වරද mobitel එක අතේ නිසා. සහ කෝල් කරපු හැම වතාවෙම පිළිගත්තා ඒ දවස්වල system bug එකක් තිබුනා කියලා.
    ආපහු පාවිච්චි කරද්දී මට තේරුණා මේ මාසෙත් 205 GB අඩු වෙන්නෙම නැහැ කියල. ආපහු කතා කරලා followup කරා 4 පාරක්ම.
    ඒ දවස් වල resources මදි, ඒ නිසා චෙක් කරලා විසඳුමක් දෙන්න කල් යනවා, එතකන් sim එක auto deactivate වෙන හැම පාරම ආපහු active කරලා දෙන්නම් කියල පොරොන්දු උනා.

    ඊට සතියකට වගේ පස්සේ connection speed 128 KB/s වලටම වගේ drop උනා. කතා කරලා ඇහුවම bill limit exceed වෙලා නිසා auto ස්පීඩ් cap එකක් ඇවිල්ල කිව්වා, ඒක හදන්න බැහැ කිව්වා උන්ට.
    ඔතන පඩියට බැනුම් අහන සෙට් එකක් ඉන්නේ හින්ද මාත් පුළුවන් තරම් ඉවසීමෙන් කතා කරා මොකද මටත් වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ.
    හිටියේ ගම්පහ, මාස 3 ම ඇඳිරි නිතිය. වෙන sim එකක් ගන්න වත් විදියක් නැහැ.

    හරියටම ඊට දවස් දෙකකින් connection සම්පුර්ණයෙන්ම disconnect කරා. ආපහු කතා කරාම මේ පාර හදන්නම බැහැ කිව්වා.
    සුපර්වයිසර් කෙනෙක්ට කතා කරන්නත් බැහැ මුන් හැමෝම ගෙවල් වල ඉඳන් කිව්වා වැඩ කරන්නේ. සහ ටෙක්නිකල් bug එකක් නිසා උන් දන්නා රෙද්දක් නැහැ.

    ඊට පස්සේ මං email එකක් දැම්ම, මෙහෙම situation එකක් තියෙන්නේ. සහ ඔයාලගේ system bug එකක් නිසා මට අසාධාරණයක් වෙලා, මට work කරන්න මේ කනෙක්ෂන් එක බැරි නම්, මගේ නමට තිබුන පරණ postpaid connection (කාලෙකට කලින් disconnect කරලා දැම්ම) ආපහු active කරලා දෙන්න කියල.

    සති 2 ක් විතර ගියා උන්ට ඒක active කරන්නත්. කලින් පරිප්පුව කාපු නිසා මේ පාර මං මොකුත් නොකර CS එකටම කිව්වා මේ package එක add කරලා දෙන්න කියල. කාල වරෙන්කො, එකෙත් data අඩු වෙන්නේ නැහැ පාවිච්චි කරාට. ගලවල විසික් කරා.

    ඊට පස්සේ අප්‍රේල් මාසේ බිල ආව.

    fRz8Xo.jpg


    65 GB Package එක අයින් කරලා.
    140 GB එකට charge කරලා.
    කළින් මාසේ ඇරියස් එක එකතු කරලා.

    මේ බිල් හැදෙන විදිය අඩුම තරමේ CS එකේ උන්වත් දන්නේ නැහැ. උන් කියන්නේ සිස්ටම් එකේ පෙන්නනෙත් මට app එකේ පෙන්නන ඒවමයි කියල.
    මේ මාසේ සතියක් වත් පාවිච්චි කරන්න උනේ නැහැ sim එක සම්පුර්ණයෙන් disconnect කරා.

    වැදගත්ම දේ උන් ලජ්ජා නැතුව කියනවා, issue එක fix කර ගන්නකම් connection එක පාවිච්චි නොකර ඉන්න කියල. 🤮
    හිතන්නකෝ company එකක connection එකකට මේ දේ උනා නම්, කම්පැනි එකම ඉවරයිනේ ඉතිං.

    ඊළඟ මාසේ කිසි බිලක් ආවේ නැහැ. එත් App එකේ බලද්දී Due amount එක 15,000++ පෙන්නනවා.
    ඉට පස්සේ ජුනි මාසේ බිල මෙහෙම එවනවා අමුතු දෙයක් කරලා.

    NEx6Yz.jpg


    මේ වෙද්දී මං මේ කම්ප්ලේන් එකට followup 23 ක් කරලා, එකම complain ticket එක bump වේවි තිබුනා.
    Facebook mobitel page එකට මැසේජ් කරා, Visitor Post දැම්මා, කමෙන්ට් කරා. කිසිම වැඩක් උනේ නැහැ.
    ඉන්නේ ගම්පහ, මාස 3 ක් හිර වෙලා එලියට යන්න බැහැ, මොබිටෙල් branch ඔක්කොම වහලා, වෙන connection එකක් ගන්න බැහැ. එහෙම කියලා ජොබ් එක online නොකර ඉන්නත් බැහැ. හිතපන්කෝ තත්වේ.

    ඔන්න ඊට පස්සේ මට Mobitel Hotline number එකෙන්ම agent කෙනෙක් කියා ගත්තු එකියෙක් කතා කරලා, මට වචනයක් වත් කියන්න ඉඩ නොදී මොන්ටිසෝරි උන් ගාථා කියනවා වගේ මොනවද කියාගෙන කියාගෙන ගියා.

    මාර්තු මාසේ ගානෙන් 65 GB පැකේජ් එකේ ගාන අයින් කරන්නම් කිව්වා.
    GPRS චාර්ජ් උන ගාන අයින් කරන්නම් කිව්වා.
    140 GB pack එකෙන් 77 GB ගානක් පාවිච්චි කරලා තියෙනවා කිව්වා. ඒ නිසා ඒකට විතරක් ගෙවන්න කිව්වා.

    එතකොට මන් ඇහුවේ, කස්ටමර් ගෙ end එකෙත් data balance පෙන්නන්නේ නැති එක issue එකක් කියමුකෝ, එත් මං කතා කරාම ඒ දවස් වල Mobitel eke CS එකේ ඉන්ටර්නල් සිස්ටම් වලත් data හරියට calculate වෙන්නේ නැහැ කියල එයාලම කිව්වා. එතකොට දැන් කොහොමද හරියටම 77 GB පාවිච්චි කරේ කියල ඔයාල කියන්නේ,
    සහ මට වෙච්ච පාඩුව, නාස්ති උන කාලයට වටිනාකමක් නැද්ද? මේකේ සම්පුරණ 100% වරද තියෙන්නේ කම්පැනි එක අතේ.

    ඔන්න ඒ පාර අඬන්න ගත්තා කටපාඩම් කරගත්තු දෙබස් ටික කියල.

    මට පාඩු උනත්, පැකේජ් එකෙන් බාගයක් පාවිච්චි කරලා සම්පුර්ණ amount එක ගෙවන්න මන් එකඟ උනා.
    මේ මාර්තු මාසෙට. මොකද ඒ නම්බර් එක වටිනවා මට.

    අප්‍රේල් මාසේ පාවිච්චි කරපු data usage එක තාම calculate කරනවලු. එකේ usage එක සතියකින් කියන්නම් කිව්වා. (කෝල් කරේ අගෝස්තු) :poop:

    සති දෙකකින් විතර ආපහු කතා කරලා අප්‍රේල් මාසෙට 9 GB විතර පාවිච්චියක් තියෙනවා. ඊට පස්සේ sim එක auto disconnect කරලා. ඒ නිසා 140 GB පැකේජ් එකේ සම්පුර්ණ ගාන වෙන 3200 ක් හෝ, එහෙමත් නැත්නම් GPRS charges විදියට 4000+ ගෙවන්න කිව්වා.

    මං ඒ ඔප්ෂන් එකට කොහෙත්ම කැමති උනේ නැහැ, පලවෙනි මාසෙත් මං පාඩු විඳලා කට වහන් හිටියම, දෙවෙනි මාසේ ඊට වඩා අරින්න එනවා මුන්.

    මන් කිව්වේ මන් පාවිච්චි කරපු data ප්‍රමාණයට ගැළපෙන, දැනට තියෙන postpaid pack එකක ගාන මන් ගෙවන්නම්, එහෙම නැතුව 1/10 ක් වත් usage එකක් නැතුව මුළු ගාන ගෙවන්නේ නැහැ කියල.

    මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා දවස් 4 කින් කියන්නම් කිව්වා, දැන් මාස 2 කට වැඩියි, තවම දවස් 5 ආවේ නැහැ (n)

    දැන් සතියකට විතර කලින් මන් ආපහු කෝල් කරලා බැලුව, තාම කම්ප්ලේන් එක processing ලු :p

    කම්ප්ලේන් එක දැම්මේ මාර්තු, දැන් ඊළඟට නොවැම්බර්, තාම විසඳුමක් නැහැ. මං පාවිච්චි කර කර ඉඳපු connection එක disconnect.
    දැන් outstanding amount එක 6030/- ක් පෙන්නනවා.

    කාටද මේවා කම්ප්ලේන් කරන්නේ, කරත් අපේ වෙලාව නාස්ති වෙන එක විතරයි. තව කී දෙනෙක්ගේ data usage calculation වැරදියට කරනවා ඇතිද මුන්.
    කී දෙනෙක් හොයන්නේ බලන්නේ නැතුව බිල් ගෙවනවා ඇතිද.

    අපි මොන app දාගෙන data calculate කරත්, වැඩක් නෑ හොරට කපන එක කපනවම තමයි.

    ඔන්න ඕකයි, we care always පැටිකිරිය. :poop::poop::poop:

    Fuck U mobitel Fuck U.
    1st Step Questions:
    -Post-paid sim eka data walata use karapu ekadda (Dongle ekatata dala)? calls walata use karapu ekadda? neththan smart 4n ekakata dala calls & data use karapu ekadda?
    -Work from home package eka demme wena monawa hari data packages thiyeddida?
    -Gaththa calls, record karanna puluwan unada?
    -Complain karapu mail eka mokadda?
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,647
    8,374
    113
    මචන් හෙඩ් ඔෆිස් එකේ උන්ට කොවිඩ් පොසිටිව් උනා. ඔක වහල තිබ්බේ. දැන් සතියකට කලිනුත් සිස්ටම් අවුලක් තිබ්බ. වැඩේ තියෙන්නෙ වැඩ කරන්න උන් නැද්ද කොහෙද, ඩයලොග් ගන්න සිග්නල් තියේ නම්. මොබිටෙල් අවුලක් ගියාම කියන්න එකෙක් නෑ බන් ඔන්න ඔක තමා ලොකුම අවුල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඉතින් wfh කරන්න වැඩ කරන තැනින් උඹලට ඩේටා කනෙක්ෂන් දෙන්නේ නැද්ද? උඹල අතින් කයිට් කරගෙනද ඩේටා ගෙවන්නේ?
     
    • Like
    Reactions: KMAInteract

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    මට වුනානම් මොබිටෙල් එපා වෙලා වෙන එකකට ගිහින් මෙලහට. මමනම් කියන්නේ කෝකටත් අලුතෙන් හඳුන්වාදෙන පැකේජ් ආපුවිගහට ඇක්ටිව් නොකර ඉන්න තරමට හොඳයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ම්ම ඉන්න ටවුම්‍රෙ තියන බ්‍රාන්ච් එකේ එකම එක් කම්පියුටර් එකක්වත් නෑ බ්‍රාන්ච් එකට.පස්නයක් වෙලා අරන් ගියාම එතන ඉදන කස්ටමර් කෙයාර් එකට් කතා කරනවා අපේ ෆෝන් එකෙන්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් උබ මේල් එක දැම්මේ කාටද ? customer support ද ?
    CEOව CC කරලා කෙලින්ම mail එකදාපන් .

    අපි ඩයලොග් ඉන්න කාලෙ නම් ඔය වගේ issue customer support උන්ගෙන් CEO ට ගිහින් , CEO කෙලින්ම සිස්ටම් බග් නම් අපිට එස්කැලේට් කරනවා.
    ඔය කස්ටමර් කෙයා උන් හෙන බයයි එස්කැලේශන් ව්ලට.. අනිත් එක උන්දන්නෙත් නෑ ඕක මොකක්ද කියලා, ශුවර් ඔය ටිකට් එක billing dept එකයි customer service එකයි අතර මාරු වෙවී ඇති ...

    මොබිටෙල් එක්ක බලද්දි ඩයලොග් issues Handling සිරා

    මොකක් හරි ඉශු එකක්ඕනවට වැඩියඕනම කම්පැනියක ඇදෙනවා නම් කෙලින්ම ලොකු පුටුවටම ලියපන්.
     
    • Like
    Reactions: KMAInteract and DGN

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මොබිටෙල් නම් චොර දැන් .ගන්නම දෙයක් ඉතුරු වෙලා නැහැ . මම Mobitel වලින් අයින් වෙනවා Number එක නිසා තමා මොනවත් කරගන්න බැරි


    Hitapan number portabiloty enakan