අපි මේ ප්‍රශ්න ගැන කැම්පස් එකේ Dean ට කීප සැරයක්ම කිව්වත් කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැති නිසා හැමෝම දැනගන්න මේක පෝස්ට් කරනවා. අපි දැන් කෙලින්ම මාලබේ Head Office එකටත් මේ ගැන කම්ප්ලේන් කරලා තියෙන්නේ.
පහසුකම් අන්තිමයි: ළමයි 350 කටම පාවිච්චි කරන්න තියෙන්නේ වතුර ෆිල්ටර් 2 යි.
සෞඛ්‍ය සහ ආරක්ෂාව නෑ: මාස 6 ක් තිස්සේ අපේ කාමර වලට කර්ටන් (Curtains) නෑ. ඉර එළිය කෙලින්ම වැටිලා මගේ පාවිච්චි කරන බෙහෙත් වගයක්ත් සම්පූර්ණයෙන්ම නරක් වුණා. ඒ මදිවට ජනෙල් ඇරලා තියෙන නිසා කාමර ඇතුළට මකුළුවෝ, කෘමියෝ පිරෙනවා.
අපිරිසිදු බාත්රූම්: බාත්රූම් හරිම අපිරිසිදුයි. සතියකට දවස් දෙකක්වත් සුද්ද කරන්න ඕන වුණත් ඒක කරන්නේ නෑ.
පෞද්ගලිකත්වයක් නෑ: අද අපෙන් කිසිම අවසරයක් නැතුව, දොරට තට්ටු කරන්නේවත් නැතුව ස්ටාෆ් එකේ අය අපේ කාමර වලට ඇතුල් වෙලා තියෙනවා. මගේ යාළුවෙක් කාමරේ ඉන්නකොටත් එකපාරටම දොර ඇරගෙන ඇවිත්.
වෝඩන්ගේ හැසිරීම: හොස්ටල් වෝඩන් හරියට Karen කෙනෙක් වගේ. කිසිම ප්‍රශ්නයක් සාමකාමීව කතා කරන්න බෑ, ළමයින්ට කෑගහන එක විතරයි කරන්නේ.
කැම්පස් එකේ මැනේජ්මන්ට් එක මේවා ගණන් ගන්නේ නැති නිසා අපි අද Head Office එකට ඊමේල් කළා. මේ වගේ දේවල් තවත් ඉවසන්න බෑ. SLIIT Kandy ළමයි ඉන්නවා නම් මේක Share කරලා සපෝට් එකක් දෙන්න!