බස් එකක නැගලා උදේ 5.30 වෙද්දි කිරිබත්ගොඩට ආවා.කිරිබත්ගොඩ බැහැලා පාර පැනලා හොල්ට් ඉද්දි 5.35 ට ආපු අනුරාධපුර බස් එකට නැගලා. ටිකට් ගත්තා මැල්සිරිපුරට, උදේ 7.30 ට කුරුනැගලත් පහු වෙලා 8.20 ට මැල්සිරිපුර බස්ටෑන්ඩ් එක ඉස්සරහින් බැස්සා. එතන කඩේකින් උදේට කෑවා. බස් ටෑන්ඩ් එක ලග තිබ්බ වොශ් රූම්ත් ගියා. ඊට පස්සෙ උමංදාව ඉස්සරහින් යන අංක 505 මැල්සිරිපුර- රඹේ බස් එකට නැගලා හිටියා. බස් එක 9.15 ට ගියා. උමන්දාව ලගට ට්කට් ගත්තා. උදේ 9.35 වෙද්දි උමංදාව ඉස්සරහින් බැස්සා. පාර පැනලා උමංදා පිවිසුමෙන් ඇතුල් උනා. මුලින්ම පහුගිය පෙබරවාරි 12 වැනිදා විවෘත කල රියන් 95 ක් දිග ලොව විශාලතම උමං විහාරය සහිත සැතපෙන බුද්ධ ප්‍රතිමාව බලන්න ගියා. ඊට පසු ඒ අසල තිබූ අලුතින් ඉදිකර තිබූ වෙහෙර බලන්න ගියා. වෙහෙර ඇතුලට ඇතුල් වෙන්න පුලුවන්, එහි ඇතුලේ අලංකාර ලෙස දේව ,යක්ෂ රූප රැසක් සිතුවම් කර තිබුනා. එහි සිටි මෙහෙනින් වහන්සේ නමක් සමග කෙටි සාකච්චාවකත් නිරත උනා. ඊට පස්සේ මැදින් ඇති පාර දිගේ ආවාස ගෙවල්, මෙහි නිශ්පාදන මිලට ගත හැකි තැන, ආහර ගත හැකි තැන. අයිස් ක්‍රිම් ගත හැකි තැන. වගා බිම්. වෙහෙරවල්, බුදු ගෙවල්, අලංකාර ජලාශ, හෙලිකොප්ටර් නවත්වන තැන, දේවාල, ටිකක් දුරින් කන්දක ඇති අවට ලස්සනට පෙනෙන තැන් ආදී බොහෝ තැන් බැලුවා. මෙහි ගොඩක් තැන් වලට මම කලින් ආවා වෙලාවෙත් ගිහින් තිබ්බා. අලුත්ම ඒවත් දැන් තිබ්බා. ඇත්තටම දවසක් ගත කිරීමට සුදුසු නියම ස්ථානයක් ලෙස මේ උමංදාව හදුන්වා දෙන්න පුලුවන්. උමංදාව ඇතුලේ ගොඩක් දුර පයින් ඇවිදින්න තියනවා. ඇවිදින්න අමාරු අයට බැටරි කාර් හා ඇතුලත ධාවනය කරන බස් රථය යොදා ගන්න පුලුවන්... කලින් ආපු වෙලාවේ මෙහි ඇති සල්පිලෙන් මම දවල්ට කෑම කෑවෙත්. එහි කෑම ඉතුරු කරලා අයින් කලොත් දඩ ගහන නිසා, තමන්ට උවමනා ප්‍රමානයට විතරක් බෙදා ගන්න වෙන්නෙ. අන්තිමට අලෙවි සැලට ගියා. එහි උමංදාවෙම නිෂ්පාදනය කරපු අපි කිසිදාක අසා නැති ජෑම්, සෝස්, කුරුදු, චොක්ලට්, තෙල් වර්ග, රස කැවිලි, යෝගට් වර්ග,.. ආදී ඒවා 100 ගනක් තියනවා. මමත් සෝස් එකකුයි, චොක්ලට් අරගත්තා. මෙහෙම පැය 3 කට වැඩි කාලයක් එහි ගත කරලා නැවත පිටත් වෙන්න දවල් 12.45 ට විතර උමංදාවෙන් පිටතට ඇවිත් පාරේ හෝල්ට් එකේ හිටියා. 1.05 ට විතර ආපු මැල්සිරිපුර යන බස් එකේ නැගලා හවස 1.25 ට මැල්සිරිපුර බස්ටැන්ඩ් ආවා. දවල්ට කැවා. ඊට පස්සෙ බස්ටෑන්ඩ් එකට ටිකක් එහායින් තියන හෝල්ට් එකේ හිටියා කොළඹ යන බස් එකක් එනකන්. හවස 2.05 ට විතර බස් එකක් ආවා. බස් එකට නැග්ගා. සීට් තිබ්බෙ නෑ.. හිටගෙන ගියා. කිරිබත්ගොඩට ටිකට් ගත්තා . කුරුනෑගලදි වාඩි වෙන්න ලැබුනා. හවස 3.50 ට වේවැල්දෙනියදි තේ බොන්න නවත්වලා විනාඩි 15 කින් විතර ආපහු ගියා. ටේ ස්ටොප්.හවස 5.10 විතර වෙද්දි බස් එක කිරිබත්ගොඩට ආවම බැහැලා, බස් එකක ඇවිත් හවස 6 කිට්ටු වෙද්දි ගෙදර ආවා.
.
* මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න.. :
.
* කිරිබත්ගොඩ - මැල්සිරිපුර (බස්) : පැය 02 විනාඩි 50 | 111 km | ටිකට් රු.380/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
* මැල්සිරිපුර - උමංදාව (බස්) : විනාඩි 25 | 12 km | ටිකට් රු.100/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
* උමංදාව - මැල්සිරිපුර (බස්) : විනාඩි 20 | ටිකට් රු.100/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
* මැල්සිරිපුර - කිරිබත්ගොඩ (බස්) with Tea Stop : පැය 03 | ටිකට් රු.380/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
.
* * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන්Index >>>
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
.
* මේ ගමනේ කෙටි වීඩියෝව බලන්න.. :
.
* කිරිබත්ගොඩ - මැල්සිරිපුර (බස්) : පැය 02 විනාඩි 50 | 111 km | ටිකට් රු.380/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
* මැල්සිරිපුර - උමංදාව (බස්) : විනාඩි 25 | 12 km | ටිකට් රු.100/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
* උමංදාව - මැල්සිරිපුර (බස්) : විනාඩි 20 | ටිකට් රු.100/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
* මැල්සිරිපුර - කිරිබත්ගොඩ (බස්) with Tea Stop : පැය 03 | ටිකට් රු.380/- (මේ 2025. දැන් වැඩිවී ඇත.)
.
* * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන්Index >>>
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.