හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධ ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට අදාළ තීරණාත්මක සාක්ෂි රැසක් අඩංගු ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම සිදුවීමත් සමග නඩුවේ ඉදිරි ගමන පිළිබඳව ප්‍රශ්නයක් මතුව තිබෙනවා.
අදාළ කාල සීමාව තුළ ආනයනය කරන ලද ඖෂධ සාම්පල, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ප්‍රධාන ලිපිගොනු සහ ලේඛන, බෙදා හැරීමේ අක්‍රමිකතා සනාථ කළ හැකි සහ වැදගත් සාක්ෂි මෙහි තිබූ බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ.
මෙම ගින්න ස්වාභාවික හේතුවක් මත සිදුවූවක් ද නැතහොත් අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සඳහා සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව වෛද්‍ය සංජීව මහතා සැක පළ කරනවා.
එමෙන්ම නීතිය ක්‍රියාත්මක කරමින් බලධාරීන් ගත යුතු හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කළා.
අතීත ඖෂධ ගනුදෙනුවලට අදාළ සාක්ෂි මකා දැමීමට සංවිධානාත්මක කණ්ඩායමක් උත්සාහ කරන බව පෙනෙන්නට තිබෙන බවත් මෙය පරීක්ෂණවලට එල්ල වූ පහරක් බවත් පැහැදිලි වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
නඩුවේ සාර්ථකත්වය රඳා පවතින මෙම තීරණාත්මක ලේඛන සහ සාම්පල අතුරුදන් වීම, සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම විනිවිදභාවය පිළිබඳව ගැටලු මතු කරන්නක්.
READ MORE >>> https://www.itnnews.lk/lx4c
#itnnews #lankanews #itn #srilanka #lknews
------ Post added on Apr 27, 2026 at 9:53 PM