JVP මාලිමා හොරු: මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු අබිරහස් ලෙස මරුට!

monson

Well-known member
  • May 7, 2007
    25,134
    27,437
    113


    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී

    April 30, 2026 04:36 pm

    මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතා සියදිවි හානි කරගෙන තිබේ.
    ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පිටුපස කොටසේදී තියුණු ආයුධයකින් සිය බල නහරය කපා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
    අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
    මේ අතර අවස්ථා දෙකකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම නිලධාරියාට පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති බව සඳහන් වෙයි.
    කෙසේවෙතත් එම අවස්ථා දෙකේදීම මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට නොමැත.
    රංග නිශාන්ත මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු ද වනවා.


    - https://sinhala.adaderana.lk/news/224887
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,301
    2,519
    113
    සිය දිවිනසා ගැනීමේ මානසික ව්‍යාධීන් ගැන හෑලී loading...
     
    • Haha
    Reactions: cowabunga

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Red Flag India GIF



    දැන් මෙහෙම නම් 88/89 කොහොම තියෙන්න ඇති ද?

    @192.168.o.21 @avishkaw @Max_r @nul @ob_server @shenat
    89 දී එක්කෙනෙක් දානේ ගෙදරක බීලා වත්ත පහළට ගිහින් වමනේ දාද්දී එකෙක් shotgun එක මානනව ලු වෙඩි තියන්න.. මේක දැකපු එකෙක් අරූට බැනලා එලවලා

    ඊළඟ දවසේ අර තුවක්කු මානපු එකයි උගේ තව දෙන්නෙකුයි ගේ බෙලි කපලා හන්දියේ තියලා තිබ්බලු.

    මේ ළඟදී ත් අරන් බීලා වෙඩි කන්න ගිය එක්කෙනා ගිහින් අර බේරගත්ත එකාට 25000 දීලා අවලු දුක සැප බලලා.

    ඒ කාලේ ආයුධ තාම හංගලා තියනවලු..

    🫪 (මම දැකපු හීනයක්)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,134
    27,437
    113

    අබිරහස් ලෙස මියගියේ – භාණ්ඩාගාර මංකොල්ලයේ පළමු පැමිණිලිකරු ! ඇඟ හිරිවැටෙන අනාවරණයක් !


    අභිරහස් ලෙස මියගොස් ඇත්තේමහා භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය මංකොල්ලය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රථම පැමිණිල්ල ඉදිරිපත් කළ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ (රංග නිශාන්ත) බව හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

    සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ මහා භාණ්ඩාගාර මංකොල්ලය සම්බන්ධයෙන් මුලින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වූයේ රංග රාජපක්ෂ මහතා බවයි.
    විශ්වවිද්‍යාල සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරේ) ප්‍රබල ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ, ජීවිතයේ අවසන් මොහොත දක්වාම නොසැලෙන සමාජවාදී දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටි අයෙකු බවද ෆේස්බුක් සටහනේ දැක්වෙයි.
    මියයන විට ඔහු මෙම මූල්‍ය සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් අතර සිටියද, ඔහු සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට කැප වූ ප්‍රියමනාප පුද්ගලයෙකු ලෙස ඇගයීමට ලක්ව සිටි අයෙකු බව ඒ මහතා සිය සටහනින් සිහිපත් කරයි.
    රජයේ ඉහළම මූල්‍ය විනය පිළිබඳ හෙළිදරව්වක් කළ ප්‍රධානතම පුද්ගලයා මෙලෙස අබිරහස් ලෙස මියයාම පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ වන විට දැඩි ප්‍රශ්න කිරීම් ලක්වෙමින් පවතී.
    එසේම මේ සම්බන්ධව රජිත් කීර්ති තෙන්නකෝන් තැබූ ආන්දෝලාත්මක ෆේස්බුක් සටහන් කිහිපයක් පහත දැක්වෙයි .

    No description available.


    - https://newshub.lk/blog/2026/04/30/...n-the-treasury-robbery-a-shocking-revelation/