කිරි මේදය ඉවත් කරපු බාල නිෂ්පාදන හඳුනා ගන්නේ කොහොමද.??

lilman

Well-known member
  • May 10, 2009
    40,537
    53,747
    113
    Colombo


    කිරි මේදය ඉවත් කරපු බාල නිෂ්පාදන හඳුනා ගන්නේ කොහොමද.??
    ප්ලාස්ටික් ඇසුරුම්වල දාපු "මුදවපු කිරි" "කිරි අතුරුපස" වගේ ආහාර නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ තිබෙනවා. මේවායින් "මුදවපු කිරි" (Curd) කියන ආහාරය 1989 ආහාර ප්රමිති නියෝගවලින් ආවරණය කෙරෙනවා. එහි සඳහන් ප්රතිපාදනවලට අනුව මුදවපු කිරි වර්ග දෙවර්ගයක් තියෙනවා.
    * මුදවපු කිරි - එළකිරි, මීකිරි හෝ ඒ දෙකේ මිශ්‍රණයකින් කිරි මුහුන් ලෙස ක්ෂ්ද්ර ජීවීන් භාවිත කර පැසීමේ ක්රියාවලියෙන් නිෂ්පාදනය කරන කිරි.
    * ඉහත පරිදි මී කිරි මගින් නිපදවනු ලබන "මුදවපු මීකිරි".
    මෙවැනි නිෂ්පාදනයක ලේබලය මත "මුදවපු කිරි " කියල සඳහන් කරල තියෙනවානම් ඉහත ප්රමිති නියෝගවලට අනුව එහි ක්ෂීර මේදය 5% කට වඩා අඩු වෙන්න බෑ.
    * මුදවපු මී කිරිනම් මේද ප්රතිශතය 7.5% කට අඩු වෙන්න බෑ.

    ***ලේබලයේ එහෙම ගහල තිබ්බට ඇත්ත නිෂ්පාදනයේ ඒ ගාණට ෆැට් එක තියෙනවාද.. ?
    මෙන්න මෙතැන තමයි ප්රශ්නේ තියෙන්නේ. කිරි වලින් විවිධ ආහාර වර්ග හදනවානේ. බටර්, චීස්, ගිතෙල් වගේ ඉහළ මිලකට අළෙවි කෙරෙන නිෂ්පාදනවලට කිරි ෆැට් එක ඕන වෙනවා. සමහර නිෂ්පාදකයින් කිරිවලින් ක්ෂීර මේදය වෙනත් නිෂ්පාදන සඳහා ඉවත් කරන බව අප්රකට කාරණාවක්. එහෙම ෆැට් එක ඉවත් කරපු කිරිවලිනුත් "මුදවපු කිරි හදන්න පුලුවන්. මොකද කිරි කැටි ගැසීමේ ක්රියාවලියට අවශ්‍ය වන්නේ කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගයයි, ප්රෝටීනයි නිසා.
    ෆැට් ඉවත් කරපු හෝ යම් ප්රතිශතයක් ඉවත් කරපු කිරිවලින් "මුදවපු කිරි නිෂ්පාදනය කරල අර ප්රමිති නියෝගවල කියල තියෙන ෆැට් ප්රමාණයආවරණය වෙන විදියේ ප්රකාශයක් ලේබලයේ ගහල කෙනෙකුට බාල කරපු "මුදවපු කිරි නිෂ්පාදනය කරන්නත් පුලුවන් .

    ** මේ මගඩිය හඳුනා ගන්නේ කොහොමද.. ?
    හරි ලේසියි. ඔබ හොඳ මීකිරි හරි මුදවපු කිරි කාලා තියෙනවානම් කිරි කාපු කප් එකෙයි, හැන්දෙයි කට ඇතුළෙයි සාමාන්‍ය ඇල්වතුරෙන් සේදුවාට ඉවත් වෙන්නේ නැති ගාණට තෙල් බැදිල තියෙනවා සහ කිරි නිෂ්පාදනය මතු පිට ෆැට් ලේයර් එකක් බැඳිල තියෙනවා දැක ගන්න පුලුවන් . කිරිවලින් ෆැට් එක අයින් කරල වෙන වෙන ජාති කවළම් කරපු මුදවපු කිරි වල ඒ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ නෑ. කෑමට ගන්නකොට ක්රීම් ගතිය දිවට කටට දැනේන්නේ නෑ.
    තියරියක් විදියට යම් කිරි නිෂ්පාදනයක මේද ප්රතිශතය 2- 5 %කට වඩා වැඩියිනම් අනිවාර්යයෙන් ඉහත භෞතික ලක්ෂණ දැක ගන්න පුලුවන් . ඒ කියන්නේ ප්ලාස්ටික් ඇසු⁣රුමේ , කිරි කප් එකේ, හැන්ඳේ ඇලිලා තියෙන ගණ තෙල් තට්ටුව සබන් දාලා සේදුවොත් මිස, ඇල් වතුරෙන් නෙවෙයි උණු වතුරෙන්වත් සේදුවට යවනවා බොරු.
    #nutritiontips #food #FoodSafety #viralpost #follower #ConsumerRights #ConsumerAwareness


     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    ෆැට් එක එහෙම බොරුවට තියෙ කියල වැඩි ගාණක් ගහන්නෙ නෑ. ගහන්න බෑ.

    ෆැට් එක ආර්ටිෆිෂලි වැඩි කරල හරි තමා ලේබල් එකෙ එහෙම ගහන්නෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,907
    11,160
    113
    35
    Spain
    උඹල මැටි හට්ටි වල තියෙන කිරි කන්නේ නැද්ද? ඒවා කිසි අවුලක් නැහැ බන් @thomian මේ මාතර ගුරා ඒ ගැන රිසර්ච් එකක් කරලා තියෙනවා. උගෙනුත් අහපල්ලා.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    උඹල මැටි හට්ටි වල තියෙන කිරි කන්නේ නැද්ද? ඒවා කිසි අවුලක් නැහැ බන් @thomian මේ මාතර ගුරා ඒ ගැන රිසර්ච් එකක් කරලා තියෙනවා. උගෙනුත් අහපල්ලා.
    ආ කිරි මාමේ..:rolleyes2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,332
    113
    33
    Kalutara
    ඔව්වා ගන්නෙ නෑ. ගෙවල් ලඟ මනුස්සයෙක් එනව පූටාර් එකේ ලොකු හෝලික්ස් බෝතල් වල මීකිරි දාගෙන. ලොකු බෝතලේ 350, පොඩි එක 200ද කොහෙද. 🤔
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,818
    21,837
    113
    ගම මහනුවරයි
    ඔව්වා ගන්නෙ නෑ. ගෙවල් ලඟ මනුස්සයෙක් එනව පූටාර් එකේ ලොකු හෝලික්ස් බෝතල් වල මීකිරි දාගෙන. ලොකු බෝතලේ 350, පොඩි එක 200ද කොහෙද. 🤔

    ubada bothal denne? pora dena ewada ganne? glass bottle da?
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,044
    113
    අැයි අර ලංකාවේ මෝ‍ඩයෝ සෙට් ඵකක් ඉන්නවා නේද non-fat milk බොන..🤭

    Calcium witharai
    ෆැට් එක්ක මුකුත් යන්නෙ නෑ. ප්‍රෝටීන් එහෙම ඔක්කොම තියෙනව විටමින් චුට්ටක් අඩු වෙනව. බටහිර රටවල වැඩිපුර විකිණෙන්නෙ Non Fat Milk. උන් කියන්නෙ Skim Milk කියල.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    අපි ඉස්සර අනිවාර්යයෙන් සතියට එක සැරයක් හරි මී කිරි ගන්නවා. දැන් ගන්නේ නැහැ මේ හුටපටේ හින්දා හරියට තීරණය කරන්න බැහැ කොයි එකද හොඳ කියලා. කලින්නම් ගත්තේ RUHUNU CURD කියලා පාදුක්කේ හදන ප්ලාස්ටික් කන්ටේනරයක එන එකක්
     
    • Like
    Reactions: lilman