Mitsubishi Destinator 7 Seater SUV for 24M

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,801
    3,479
    113
    ලංකාවේ 7 seater SUV 1.5L 2020 වගේ ප්‍රසිද්ධ වාහනයකට තිබ්බේ Honda CRV 7 Seater එක. හැබැයි අලුතින් වාහන ගේන්න දුන්න එකත් එක්ක මේ කාලේ දි Honda CRV එක එතරම්ම ප්‍රසිද්ධ නෑ. මිල ගත්තත් රු මිලියන 29+ (කෝටි 2.9+) වැනි මිලකට තමා යන්නේ. ප්‍රසිද්ධ නොවීමට ප්‍රධාන හේතුව විදියට ගොඩක් අය කියන්නේ මෙය ජපානයේ තව දුරටත් නිශ්පාදනය නොවිම.

    කොහොම හරි Mitsubishi ලා 2025 දි එයාලගේ අලුත් වාහනක් එලියට දානවා Destinator කියලා. Mitsubishi 4B40 (1.5L Turbo) එන්ජිමක් එක්ක තමා මේක එන්නේ. බැලු බැල්මට හොඳ පෙනුමක් තියන ඇතුලත ඉඩකඩ එහෙම හොදම මට්ටමක තියෙන වාහනයක් කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ වගේම CVT ගියර් පද්ධතිය (INVECS-III) තමා තියෙන්නේ. හැබැයි සමහරු මේකේ ගියර් පද්ධතිය ගැන නම් සතුටු වෙන්නේ නැහැ හේතුව මෙය Jatco නිශ්පාදනයක් වීම. Nissan X-Trail හෝ Rogue රථවල එන CVT පද්ධතිවලත් අවේ Jatco ගියර් පද්ධතිය තමා. ඒත් සමහරු කියන්නේ මේක පරණ ඒවාට වඩා තාක්ෂණය අතින් දියුණු කරලා අඩු පාඩු හරි ගස්සලා ආපු INVECS-III ගියර් පද්ධතියක් කියලයි. ආහ් United Motors ලා නම් මේකට රු මිලියන 24+ වගේ ගානක් කියලා තියනවා. ජපන් නෙමෙයි මේකත් Indonesia වල තමා Manufacturing යන්නේ.

    වාහන ගැන දන්න අය කමන්ට් එකක් දාගෙන යමු බලන්න මේකේ හොද නරක එහෙම? මොක ද හිතන්නේ ගෙවන ගානට වටින වාහනයක් ද? හැබැයි තාම Hybrid or PHEV වර්ශන් නම් ඇවිත් නැහැ. PHEV එකක් එයි කියලා කතාවකුත් තියනවා. PHEV අවොත් නම් power එක වැඩි වෙයි කියලා හිතනවා. 1.5L engine එකක් තියෙන නිසා දැනට 7 දෙනෙක් එහෙම දාගෙන යද්දි smooth riding එකක් නම් නැති වෙයි කියලා තමා හිතෙන්නේ.

    mitsubishi destinator price.jpg

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,290
    10,985
    113
    හඳට කිට්ටුව

    View attachment 265465

    Ape bossa ekak gaththa...
    mans nam kiyanne supiri wandiya kiyala..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,364
    11,052
    113
    Outlander wage. Destinator is the name given to that region of sales.

    Another fun fact, Montero and Pajero they are the same, Pajero is a kunuharupayak in spanish speaking countries I think. Another, SUbaru Liberty and Subaru Legacy. Same!
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,106
    3,094
    113
    CRV කවුද හදන්නේ නෑ කියන්නේ? 1.5l hybrid එකකුත් දැන් තියෙනවා.
    Destinator එක හොඳ ඇති. මම use කරන්නේ Montero sport එකක් ඒකෙ interior features /design elements මේකට ගොඩක් adopt කරලා තියෙනවා ඒක හින්දා හොඳ ප්‍රැක්ටිකල් vehicle එකක් වෙයි කියලා හිතනවා. අනික Mitsubishi 4x4 technology advanced and reliable. Jaහැබැයි මම නම් හයිබ්‍රිඩ් එකක් ආවොත් ඇරෙන්න ගන්න හිතන්න නැහැ. මොකද engine එක හොඳ උනාට Jatco CVT gearbox ඒක wear out වෙනවා වැඩි කොහොම කලත්. Hybrid එකෙන් පොඩි support එකක් එනවා
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    850
    1
    1,709
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    CR-V එක 2026 ඉදන් ආයිමත් ජපානයේ හදන්න පටන් ගත්තා. 2026 CR-V RS Black Edition :yes:

    මේ බජට් කැටගරියෙ යන, ආසියානු රටවල විතරක් සෙල් වෙන Destinator එක, අවුරුදු ගානක් Reliability, Durability අතින් කප් ගහපු ලෙජන්ඩරි CR-V එකේ ලගින්වත් තියන්න බෑ.

    CR-V කියන්නෙ US, Canada වලත් හැම අවුරුද්දෙම 2nd Most Selling SUV එක

    Honda-CR-V-eHEV-RS-Black-Edition-Japan-3-copy.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,892
    5,456
    113
    මං එක දවසක් ටයිමිං බෙල්ට් එකක් ගන්න ගියා Mitsubishi කියල දුන්නෙ. ගෙදර ගිහිං බලද්දි බ්‍රෑන්ඩ් එක Missyoubaby කියපන්කෝ.
    තව මිට්ෂෝබීෂී කියලත් එකක් තියනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,173
    25,320
    113
    කොළඹ ජරා පාරවල් වලට හරියන්නේ maruti තමයි.... shocks හදාගෙන ආවා විතරයි, කින්සි road එකේ telecom වලකට වැටිලා දැන් කරස් කර්ස් වගේ සද්දයක් එනවා.

    ඇයි බං අඟල් 3,4ක වලක් open තියන්නනේ පාර මැද.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,801
    3,479
    113
    CRV කවුද හදන්නේ නෑ කියන්නේ? 1.5l hybrid එකකුත් දැන් තියෙනවා.
    Destinator එක හොඳ ඇති. Mitsubishi 4x4 technology හොඳ නිසා. මම නම් හයිබ්‍රිඩ් එකක් ආවොත් ඇරෙන්න ගන්න හිතන්න නැහැ.
    CR-V දැන් ජපානේ manufactured කරන්නේ නෑ කියලා කිව්වේ. Thailand වල තමා manufacturing යන්නේ.

    Destinator එකේ දැනට එන්නේ මචං 2WD විතරයි එන්නේ. 4WD එන්නේ නෑ. මාත් කැමතියි ගොඩක් PHEV version එකක් එනවනම්. අනෙක මෙයාලා මේක family SUV එකක් විදියට එලියට දාන නිසා අද කාලෙට ගැලපෙන්නේ PHEV or Hybrid එක්ක එන එක හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    I test drive one very recently in Dubai. I was looking to buy spacious 2nd vehicle.

    My only issue is engine power. Acceleration feels slow and you feel it. Also interior feels somewhat cheap.

    Anyway price in Srilankan rupees is 6.5mil. (74500aed)
     
    • Like
    Reactions: NRTG and Emarald

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,284
    6,451
    113
    ඇයි Honda freed e:HEV, Toyota cienta Hybrid තියෙන්නෙ Japanese used ඒවා ඊට වඩා අඩුවට. හැබැයි suv නෙමේ mpv.
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    850
    1
    1,709
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Mitsubishi කියන්නෙ ටිකෙන් ටික ඩෙඩ් වීගෙන යන බ්රෑන්ඩ් එකක්, විශේශයෙන් ලංකාවේ Mitsubishi වාහන වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඇත්තෙම නෑ.

    පරන 2015 වගේ Mitsubishi Outlander, Mitsubishi Montero Sport එහෙම දැන් යන්නෙ කුනු කොල්ලෙට 13 million range eke
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,801
    3,479
    113
    CR-V එක 2026 ඉදන් ආයිමත් ජපානයේ හදන්න පටන් ගත්තා.
    අඩේ එහෙම ද? 2027 වගේ එලියට එයි නේ ඒ කියන්නේ? නැත්තම් දැනටම මාර්කට් එකට ඇවිත් ද?

    මේ බජට් කැටගරියෙ යන, ආසියානු රටවල විතරක් සෙල් වෙන Destinator එක, අවුරුදු ගානක් Reliability, Durability අතින් කප් ගහපු ලෙජන්ඩරි CR-V එකේ ලගින්වත් තියන්න බෑ.
    CR-V කියන්නෙ US, Canada වලත් හැම අවුරුද්දෙම 2nd Most Selling SUV එක
    මම price එකත් එක්කම මෙන්ෂන් කරේ ඒකයි. Destinator මාර්කට් කරන්නෙම affordable family SUV කියන කැටගරි එක ඇතුලේ, මාත් CRV එකට කැමතියි. තම features ඇවිත් interior එක තව modern වෙනවනම් නියමයි.

    US, Canada වලට නම් ඒ කාලේ ඉඳලා Canada Plant එකෙන් වාහනේ මාර්කට් එකට එනවා.
     
    • Like
    Reactions: Thilantdm and NRTG

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    850
    1
    1,709
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අඩේ එහෙම ද? 2027 වගේ එලියට එයි නේ ඒ කියන්නේ? නැත්තම් දැනටම මාර්කට් එකට ඇවිත් ද?

    මම price එකත් එක්කම මෙන්ෂන් කරේ ඒකයි. Destinator මාර්කට් කරන්නෙම affordable family SUV කියන කැටගරි එක ඇතුලේ, මාත් CRV එකට කැමතියි. තම features ඇවිත් interior එක තව modern වෙනවනම් නියමයි.

    US, Canada වලට නම් ඒ කාලේ ඉඳලා Canada Plant එකෙන් වාහනේ මාර්කට් එකට එනවා.

    දැනටම ගන්න පුලුවන්, ඔය සේල් වලින් ඇඩ් එහෙමත් දාල තියෙන්නෙ, හැබැයි පට්ට ගනන්, 3යි 70ක් වගේ යනවා ජපන් එක ගේන්න, මොකෝ ඒක Hybrid, 2.0L එන්ජිමක් එන්නෙ. හොදයි ඉතින් hybrid නිසා but 5 seater

    https://ikman.lk/en/ad/honda-crv-ehev-rs-japan-2026-for-sale-colombo

    Australian 1.5L turbo non hybrid eka 2i 90i, 7 seater
     
    Last edited:
    • Like
    Reactions: Daminduwa and NRTG