ඇයි Toyota ම ? Mitsubishi හොඳ නැද්ද?

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Mitsubishi, Toyota දෙකම පාවිච්චි කරල තියෙන කෙනෙක්ගෙන් අහන්න.

    Toyota maintenance cost අඩුයි කියන්නෙ ස්පෙයා පාට්ස් ශොප් එකකට ගියාම ලාබෙට ගන්න තියෙන ඔප්ශන් Toyota එකට වැඩි නිසා. (Recondition / Non-genuine)

    උදාහරණෙකින් පැහැදිලි කරන්නම්, සීවී ජොයින්ට් එකක් ගන්න.. Mitsubishi බ්‍රෑන්ඩ් නිව් CV Joint එකක් 15,000 - 20,000 වෙනව ස්පෙයා පාට් ශොප් එකක. ඔය ගානට ටොයෝට Axio/Allion රීකන්ඩිශන් සීවී ඇක්සල් එකක්ම ගතහැකි. ඒත් ඒක ජපානෙදි කොච්චර ගෙවිල/දුවල තියෙනවද කියල කවුරුවත් දන්නෙ නෑ. Mitsubishi එකට reconditioned CV axle එකක් හොයාගන්න එක අමාරුයි Toyota එකට reconditioned CV axle එකක් හොයනවට වඩා (නැත්තේ නෑ තියෙනවා නමුත් සාපේක්ශව Toyota recondition parts හොයාගන්න ලේසියි)

    ටොයෝටා ලංකා එකෙන් (Toyota Agent) වත් යුනයිටඩ් මෝටර්ස් එකෙන් (Mitsubishi Agent) වත් (Outer) සීවී ජොයින්ට් එක විතරක් දෙන්නෙ නෑ බ්‍රෑන්ඩ් නිව් ඇක්සල් එකම ගන්න ඕන. United Motors ඇක්සලේ 170,000, Toyota Lanka ඇක්සලේ 200,000 පනිනව.

    ඉතින් සීවී ජොයින්ට් එක සද්ද වෙන එක හදාගන්න යන ටොයෝට ඕනර් රීකන්ඩිශන් ඇක්සල් එකක් දාල අඩු ගානට වැඩේ කරගත්ත කියල හිතෙනව. සද්දෙ නවතිනවා නේ.

    නමුත් ඇත්ත කතාව ජපානෙත් නොදන්නා ප්‍රමාණයක් දුවපු Toyota recondition CV axle එකට වඩා සෑහෙන කාලයක් Mitsubishi එකට දාපු බ්‍රෑන්ඩ් නිව් CV joint එක (හෝ බ්‍රෑන්ඩ් නිව් කම්පැනි ඇක්සල් එක) පවතිනව.

    අන්තිමේ කල් පැවැත්ම එක්ක බලද්දි Toyota එකට වෙච්ච වියදම වැඩි වෙන්න පුළුවන්. Recondition CV joint එකක් Brand new එකක් තරම් කල් තියෙන්නේ නෑනේ.

    කම්පැනි මේන්ටේන් කරනවා නම් ඒත් United Motors පාට්ස් සාපෙක්ශව ලාබයි Toyota Lanka ප්‍රයිස් වලට වඩා. කල් පැවැත්ම සමානයි.

    මෙතනදි අදාල නැති වුණත් Made in Germany CV joint එකක් Shipping charges එක්කම 15-20 ට අඩුවෙන් ගෙන්න ගන්න පුළුවන් ලාන්සර් එකට export model එකක් නිසා. JDM Axio/Allion/Premio තුනටම ඒක කරන්න බෑ.

    Xpander/Rush දෙකම export models මම හිතන්නේ. ඒක නිසා ඔය recondition පාට්ස් නිසා වෙන මේන්ටෙනන්ස් කොස්ට් එකේ වෙනස අදාලත් නෑ - අනික බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් වොරන්ටි පීරියඩ් එකේ වත් කම්පැනි මේන්ටේන් නේ කරන්නේ.

    ඕක තමා රීකන්ඩිශන් පාට්ස් සහ මේන්ටෙනන්ස් කොස්ට් කතා වස්තුව


    :yes: :yes: :yes: :yes:

    Mitsubishi වාහන අවුලක් නැ උබ බය නැතිව ගනින් මම පාවිච්චි කරන්නේනෙත් Mitsubishi එකක්
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඔය මොකුත් ඕනේ නෑ nissan petrol y61 TD42 එකක් ගනිව් 9 million වගේ වෙයි උපරිම