එක පෑන් පාරින් වැඩ පෙන්නයි පොරොන්දු පච නොවේ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,169
    25,897
    113
    28
    ලොවෙත් නැති තැනක
    තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) පක්ෂයේ නායක විජේ , සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා තිබේ.


    ඉකුත් ඉරිදා චෙන්නායි හිදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී ඔහු මහ ඇමති ලෙස දිවුරුම් දුන් අතර, මෙය වසර 60කට පමණ පසු තමිල්නාඩුවේ DMK හෝ AIADMK නොවන පක්ෂයක් රජයක් පිහිටවූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

    විජේගේ ප්‍රථම නියෝගයට අනුව නොමිලේ විදුලිය ලබාදීමට අමතරව, ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් සහ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ බලකායක් මෙන්ම හදිසි උපකාරක සේවාවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

    සිය පාලනය යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය මෙන්ම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ සුභසාධනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.
     
    • Like
    Reactions: LoneWalker

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,972
    27,345
    113
    මේ රටේ නම් අඟුරු කුමාර බදු කොටා පල් හොරා යුනිට් 180 ට වඩා පාවිච්චි කරන උන්ට එක පෑන් පාරින් දෙකට නමලා ඇරියා. කුඩු කන්ටේනර් 300ක් රිලීස් කරලා දුන්නා 🤌 🤌 🤌