ගම්පහ ඔස්මන් නැත්තම් රියල්(හිතහොද) චන්ඩියා..
මේ ඔහුගේ කථාවයි..මේක දැක්කම හිතුණු එක දෙයක් තමා අදකාලේ චණ්ඩි නෑ..අද කාලෙ ඉන්නේ තුට්ටු දෙකේ පාතාලයෝ..කොහෙ හරි රටක හැංගිලා ඉන්න ගමන් ඉස්කෝලේන් අවුට් වෙච්ච එකෙක්ව කු*,අයිස් ටිකක් දීලා ඌව මත් කරවලා ලක්ශ 05,10ක් දීලා මොකෙක්ව හරි පෙන්නලා ඌට වැඩේ දීපන් කියලා පස්සේ කියවන චණ්ඩි තමා දැන් ඉන්නේ..
ඇත්තටම මන් අපෙ තාත්තාගෙන් පොඩි කාලේ ඉදලම අහලා තිබුණේ කොළඹ චන්ඩි ගැන..සොත්ති උපාලි,මහවත්තේ ලෝකයා,මහවත්තේ රම්බෝ,නාවල නිහාල්,තුම්මුල්ලේ පද්මෙලා ගැන තාත්තා ඉස්සර කිව්වේ ඒ අය ඔක්කොම අපේ ප්‍රදේශ වල ඇවිදන් යන්න පුලුවන් දුර නිසාත් තාත්තාලගෙ කොල්ලා කාලේ නිතරම ඇහුණු දැකුණු නම් නිසාත්...දෙරණේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍ය යද්දි තාත්තා හරිම කැමැත්තෙන් මාවත් ලග තියන් ඔය චරිත ගැන,ඇත්ත සිදුවීම් ඔක්කොම කියලා තියෙනවා..
හැබයි මේ ගම්පහ ඔස්මන් ගැන ඇත්තකෙන්ම මන් හාංකවිසියක්වත් අහලා නෑ ලොකුවට..ෆිල්ම් එකක් එනවා මෙන්න මේක ඇත්ත ස්ටොරියක් කිව්වම පොඩි කුතුහලයක් ආවා බලන්න..ඒ වගේම කාස්ට් එක දැක්කමයි ට්‍රේලර් එක ආවමයි ඊටපස්සේ ඒ ට්‍රේලර් කට් එකේ වඩා හොදටත් නිකන් කොල්ලො එඩිට් කරලා ශෙයා කරපු ක්ලිප් වලින් තවත් කුතුහලය වැඩි උනා ඒක බලන්න..කෝමත් කනිශ්ක කියන්නේ මගේ ෆේවරිට් ලිස්ට් එකේ ඉන්න නිසා කෝමත් මේක සුපිරියට ඇති කියලා හිතුනා..
මේකේ මේ මනුස්සය තාම ඉන්නවා කියලා දැනගත්තේ ටිකක් පසුවට..ඒකෙන් මන් තවත් පොඩ්ඩක් අන්දුන් උනා..මොකද අර මන් කලින් කිව්ව ගිනිඅවි සහ ගිනි කෙලි චරිත මේ ලෝකෙන් සමු අරන්..එතකොට මන් බැලුවේ තාමත් ඉන්න මනුස්සයෙක් ගැන කෝමද ඒම ගැන්ග්ස්ටර් ස්ටොරියක් ගහන්නේ කියලා..
අන්න ඒ කුතුහලය නිසාම මන් මේ මනුස්සයා ගැන හොයන්නම ගියේ නෑ.මන් හිතන් හිටියේ ඇවිල්ලම හොයනවා කියලා..ඇත්තටම චිත්‍රපටයක් බලලා දේවල් හොයන්න තරම් අපි කාලය යොදවනවා කියන්නෙම ඒක සුපිරියි..මේකත් ඒ වගේ...
මේකේ චරිත වලට ජේශ්ට,නවක,නැගී එන වශයෙන් විවිධාකාර නලු නිලි කොට්ටාසයක් හිටියත් ඒ එකම චරිතයක්වත් එකිනෙකාට කිසිම වෙලාවක දෙවනි උනේ නම් නෑ.හැම චරිතයක්ම තමන්ගේ ඇගට කාවද්දෙගන රගපාපු බවක් තමා පේන්න තිබ්බේ..ඒ ගැන ආයේ කවර කතාද..ඩිරෙක්ටර් මහත්මයාට මෙච්චර පර්ෆෙක්ට් කාස්ට් එකක් කෝමද ඔලුවට ආවේ..
ෆිල්ම් එකේ මුල මැද අග ස්ක්‍රීන් ප්ලේ එක ක්ලියර්..අවුලක් නෑ..කැමරාකරණය සුපිරියි..අතීත ජවනිකා වල සුළු දෙයක් පවා අපිව ඒ කාලේ අතීතයට අරන් යන විදියේ දේවල් තිබ්බා..සිගරට් එකේ ඉදන් ඒක පත්තු කරන සිගරට් පෙට්ටිය,ලියුම් මහත්තයා ලියන පෑනේ ඉදන්ම හොදට හිතලා ඒ පරණ ෆීලින් එකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා..පිටරටක උනත් සමහර පරණ කාලවල් වල සීන්ස් ශූට් කරද්දි බැක් ග්‍රවුන්ඩ් එකෙන් අලුත් වාහනයක් හරි කැප්චර් වෙල නෝන්ඩි උනු අවස්තා තියෙනවා..මේකේ මටනම් කිසි දෙයක් ඒම නෝට් උනේ නෑ.
මේකේ ක්ලයිමැක්ස් එක ආරම්භ වෙන්නේ වවුල් කැලේ සිද්දියෙන්..ඒක සම්පූර්ණ සීන් එකම මට පසුකම්පනයක් ඇති වෙයි කියලා හිතුනේ නෑ..නෝමල් ගැන්ග්ස්ටර් ෆිල්ම් එකක් වෙලා වීරයා දිනනකන් බලන් හිටපු ඕඩියන්ස් එකව විනාඩි 10/15 කට අධ්‍යක්ශකතුම වෙනම ලෝකෙකට අරන් ගියා..ඒ විනාඩි 10/15 බලන් ඉන්න අපිටත් මාරාන්තිකයි..ෆිල්ම් එකේ හොදම ටික ඇත්තටම ඒ ටික...ඒ කොටසේ බිමල් ගේ රංගනය සහ පසුතල සියල්ල පරිපූර්ණයි..අපේ රටේ අදුරු ඉතිහාස කොටස් කීපයක් චිත්‍රපටයෙන් පෙන්නලා තිබ්බා..මිනිස්සු නිහඩ වෙලා ඒ ටික බලන් හිටියා..මොකද true story එකක තියෙන අමාරු වැඩේ ඕක..මෙහෙම දේවල් ඇත්තට උනා නේද..කියලා හිතද්දි පොඩ්ඩක් අවුල් යනවා..
මෙතන ඔස්මන්ගේ තරුණ කම,ආවේග ශීලි බව,ඔස්මන්ගේ පලායාම,ඔස්මන්ගෙ නැගි සිටීම,ඔස්මන්ගේ පාලනය පැතිරීම,ඔස්මන්ගේ බලය වගේ විවිධ කාලපරිච්ඡේද වල පැතිකඩ කීපයක් අපිට බොහොම ඉක්මනින් පෙන්වනවා...
මේකට ලියන්න ගියොත් කියවන්න එපා වෙනකන් ලියන්න පුලුවන්..ඔයාලටත් එපා වේවී..මේකට නන් දෙසින් ඔල්වරසන්,අප්පුඩි එනවා..
හැබයි මට පොඩි අඩුපාඩු තැන් කීපයක් තියෙනවා..ඒක මගේ පෞද්ගලික අඩුපාඩුවක් වෙන්න ඇති..මන් මේ වගේ ස්ටොරි වලට මාර ආසයි..ඒ කියන්නේ සාමාන්‍ය විදියට ඉදලා සමාජය විසින්ම නිකන් ඉන්න මනුස්සයෙක්ව නීතිය අතට ගන්න තැනට ගේන ඒවා..නිතරම දෙමළ ෆිල්ම් බලන කෙනෙක් විදියට මට මේක "වඩ චෙන්නයි","පුදුපේට්ට" ලෙවල් එකට බලාපොරොත්තු උනා..අන්න ඒ නිසා..
ඔස්මන්ගෙ පළමු ගොදුර(ට්‍රාන්ස්ෆෝමේශන් එක මීට වඩා හොදට කරන්න තිබ්බා කියලා හිතුනා..ඒ කියන්නේ ඒක තත්පර ගානකින් ඉවර කරපු එක ලොකු අවුලක්)
ඒ වගේම රසම රස කෑමකට ලුණු පොඩ්ඩක් මදි උනා වගේ හැගීමක් ආවේ මේකේ මියුසික් වලට,බැක් ග්‍රවුන්ඩ් ස්කෝ එකට..ඉන්න පුටුවෙන් නැගිටලා,විසිල් එකක් ගස්සන්න රගපෑම,අධ්‍යක්ශණය වගේම සංගීතයක් එකට එකක් නොඅඩුව තියෙන්න ඕනේ..අපේ රටෙ ඉන්න මියුසීශයන්සා දැන් අප්ඩේට් වෙන්න ඕනේ පසුබිම් ගීත විතරක් නැතිව හෝල් එකක මාස් ක්‍රවුඩ් එකක් අල්ලගන්න විදියේ සංගීතත් කරන්න..
මේකේ Goosebumps moment ගොඩක් තිබ්බත් ඒවා ක්ශණික ආවාගියා ගතියකුත් සහ සංගීතය මදි නිසාත් හරියටම එන්ජෝයි කරන්න බැරි උනාදො කියලා හිතුණා..මේක මගේ පෞද්ගලික මතයක් වෙන්නත් පුලුවන්...
හැබයි චාමරගේ සිංදුව පට්ටයි..ඒක ප්ලේස් කරන තැන් ටිකත් මරු...සමහර වෙලාවට ඒ සිංදුව අපිව හිස් අවකාශයකට ගෙනියනවා..End එකේදීත් ඒක ප්ලෙස් කරපු විදිය මරු...
මේකට god කෑල්ල අයින් කරලා father කියලා විතරක් දාන්නත් හේතුව අධ්‍යක්ශවරයත් අන්තිමට ඔස්මන්ගෙන් අහනවා..
"මේකම නෙමෙ නේද යුක්තිය කියලා"
සෞම්‍ය නැත්තම් වයසක ඔස්මන් කියනව ඒනම් ඔයාගේ චිත්‍රපටයෙන් යුක්තිය හරි විදියට පෙන්වන්නකෝ කියලා..
මොකද ඔස්මන් කියන විදියට අපි ඉන්නේ හීනෙක..ඒ හීනේ දෙයියා අපි නෙමේ..
මේකනම් අනිවාරෙන් ආයෙත් නැරඹිය හැකි චිත්‍රපටයක්..
මේ වගේ කතා ඕනේ තරම් රටේ තියෙනවා..මේකෙන් නතර නොවී මේ වගේ ෆිල්ම් ටිකක් ගහමු..
2026 සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් ටිකට කෙලින්නයි යන්නේ ඩෙස්මනුයි යාලුවෝ ටිකයි..
Last edited:
