වැඩබැරි අනුරගේ වැලිකොට්ට සංවර්ධනය: මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි! අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය

    :lol: 🤌

    මහා මාන්කඩවල වැව් බැම්ම යළිත් බිඳී යයි

    May 13, 2026 03:50 pm

    අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල, මහා මාන්කඩවල වැව නැවත වරක් බිඳී ගොස් ඇති බව සඳහන් වෙයි.
    මේ හේතුවෙන් අක්කර සිය ගණනක වගාබිම් ජලයෙන් සහ වැලිවලින් යටවී දැඩි හානි සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.
    මීට පෙර 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙම වැව බිඳී ගිය අතර, එම අවස්ථාවේදී බලධාරීන් මැදිහත් වී වැලිකොට්ට යොදා තාවකාලිකව වැව් බැම්ම පිළිසකර කිරීමට පියවර ගෙන තිබුණි.
    එහෙත් පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට බලපෑ තද වැසි හේතුවෙන්, පෙර කැඩී ගිය ස්ථානයෙන්ම වැව් බැම්ම යළිත් බිඳී ගොස් තිබේ.
    වැව් බැම්ම බිඳීයාම නිසා පිටාර ගැලූ ජලය සහ වැලි කඳු හේතුවෙන් දැනට වගාකර ඇති කුඹුරු මෙන්ම වගා කිරීමට සූදානම් කර තිබූ කුඹුරු අක්කර රැසක් විනාශ වී තිබේ.
    මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් රැසක් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සඳහන් වෙයි.


    - https://sinhala.adaderana.lk/news/225507


    අඩෝ අනුර අයියාට බනිනවා නෙමේ ඔන්න
    ඔය වැලි කොට්ට කාගේද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    @Max_r දැන් ආයෙත් එ වැලි එකතු කරලා වැලි කොට්ට ගහමු සුදා😂😂😂
    වැලි කොට්ට ගහන්නත් රජයේ මුදල්නේ වැයවෙන්නේ. එතකොට මේවා රාජ්‍ය මුදල් අවභාවිතාවයක් නෙමෙයිද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    මුන් රේල් පාරක් වැලිකොට්ට දාලා කලු ගල් පුරවලාහැදුවා නේද? ඒ හදපු හැටිය නම් ඒ කලු ගල් ටිකත් ලොකු වතුර පාරක් ආවොත් ගහගෙන යනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,506
    1
    5,633
    113
    Szo74wN.jpeg



    SeyCJSq.png