විමල් සර්

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    මූ ජීවිතේට දුවලා නැති එකෙක් වගේ දුවන්නේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,358
    113
    colombo
    යන්න දුන්නා නැති හේතුව මික්ද්ද බාන් .
    අධි අර්ක්ෂත කලාපයක් ද ?


    ලපයාට අකමැති වුණත් විමලේ කියන ගූ හොරා ට නම් පොඩ්ඩක් වත් අකමැති නැහැ නහය චෝක් ස වෙන්න තිබ්බිය
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,154
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්න දුන්නා නැති හේතුව මික්ද්ද බාන් .
    අධි අර්ක්ෂත කලාපයක් ද ?


    ලපයාට අකමැති වුණත් විමලේ කියන ගූ හොරා ට නම් පොඩ්ඩක් වත් අකමැති නැහැ නහය චෝක් ස වෙන්න තිබ්බිය
    ජාතික රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට සහ රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා වන අයුරින් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරක භූමියට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

    පොලිස් මූලස්ථානය මේ බව සඳහන් කර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමින්.

    හෙට (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවත්, එම ප්‍රධාන උත්සවයට අදාල පෙරහුරු කටයුතු සහ අනෙකුත් සංවිධාන කටයුතු අද (18) දින එම භූමියේදී සිදු කෙරුණු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
    එලෙස පෙරහුරු කටයුතු සහ සංවිධාන කටයුතු ඉතා සාමකාමීව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එහි පැමිණ ඇති බවත්, ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට මෙන්ම පෙරහුරු කටයුතුවලට ද බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවත් පොලිස් මූලස්ථානය එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.

    කෙසේ වෙතත්, එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක කටයුතුවල නිරත පොලිස් නිලධාරීන් විසින් විමල් වීරවංශඇතුළු පිරිසගේ එම උත්සාහය ව්‍යර්ථ කිරීමට පියවර ගෙන ඇති අතර, එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇතැයි ද පොලිසිය පවසනවා.
    ඒ අනුව, රාජකාරියට බාධා කරමින් ආරක්ෂිත කලාපයකට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් එම නිවේදනයෙන් දක්වා ඇත්තේ.

    hirunews
     
    • Love
    Reactions: ChoronaSottiya