ජපානයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ (House of Councillors) සෞඛ්‍ය, කම්කරු සහ සුභසාධන කාරක සභා සැසියකදී මතු වූ ප්‍රකාශයක් මුල් කරගනිමින් ජපානයේ සමාජ මාධ්‍ය සහ පුවත් තුල ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.
මීට හේතු වී ඇත්තේ ජපානයේ වෙසෙන මුස්ලිම් ජනතාව ඔවුන්ගේ සිරුරු භූමදානය කිරීමට විශේෂිත වූ කනත්තක් ඉල්ලීමයි. නමුත් ඊට ජපානයේ බොහෝ ජනයා මෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයින් පවා විරුද්ධ මතයක් දරමින් විරෝධය ප්‍රකාශ කර සිටී.
මේ අතර ජපානයේ දැඩි මතධාරී, ගෝලීයකරණයට එරෙහි දේශපාලන පක්ෂයක් වන 'සන්සෙයිතෝ' (Sanseito) පක්ෂය නියෝජනය කරන මිසුහෝ උමේමුරා (Mizuho Umemura) මන්ත්‍රීවරිය තර්ක කළේ ජපානයේ මියයන පුද්ගලයන්ගෙන් 99% කට වඩා වැඩි ප්‍රමාණයක් ආදාහනය කරනු ලබන බවත්, අධික තෙතමනය සහිත දේශගුණය සහ ස්වාභාවික ආපදා (භූමිකම්පා, නායයෑම්) හේතුවෙන් භූමදාන කිරීම් මඟින් සිරුරු නිරාවරණය වීමේ අවදානමක් පවතින බවත් එය පරිසරයට සහ ජල පද්ධති වලට හානිදායක වන බවත්‍ය එමෙන්ම, ඉස්ලාමීය චාරිත්‍රවලට අනුව භූමදානය අත්‍යවශ්‍ය නම්, එම දේහයන් ඔවුන්ගේ මව් රටවලට යැවීමට (Repatriation) කටයුතු කළ යුතු බව ඇය යෝජනා කළාය.
ඇය වැඩිදුරටත් සදහන් කලේ ජපානයේ සංස්කෘතියට අනුකූලව ජීවත් වීමට නොහැකි අයට තම මව්රටට ගොස් අවශ්‍ය දෑ කරගත හැකි බවයි. ජපානය තව දුරටත් විනාශ කිරීමට ඉඩ නොදෙන බව ඇය අවධාරණය කරයි.
මානුෂීය වශයෙන් පැති 2ක් ඇති අතර මේ ගැන ඔබේ මතය කුමක්ද?
Ishara R
