සහෘදයෝ එකතු වීගෙන දෙනවලු
කොත්තු
තිස්වෙනිදා හවස හතට කවදත් නැති මස්තු
වේලෙවත්ත පැත්තේ ආවොත් නෑ
පොත්තු
කන්නට ලැබෙයි බඩ පිරෙන්න චිකන් කොත්තු
හංවැල්ලේ කටගැස්මට සැරටම හදලා
එන්නලු හැමෝම වටපිට නෑයෝ කැඳවලා
කාපු ගමන් බඩ දඟලන සීන් එක දැනිලා
දුවන්න වෙයිද දන්නෑ වැසිකිළි සොයලා
සැර වැඩි වෙලා බඩ ඇතුළේ යුද්ධෙ පටන්ගෙන
රෑ තිස්සේ දුවන්න වුණොත් සීනි බෝල මෙන්
කොත්තු කාලා බඩ යන ඒ මිතුරනේ සෙමෙන්
"ඔයාලගේ බඩට බුදු සරණයි!" කියමි සිතින්