පෞරාණික වෙස් මුහුණු-පුස්කොළ පොත් සොරකම් කළ හිමිනමක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,878
    7,850
    113


    වැලිගම – මිරිස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක තිබූ පෞරාණික සහ මිල කළ නොහැකි වෙස් මුහුණු සහ පෞරාණික පුස්කොළ පොත් සොරකම් කළ හිමිනමක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

    ඓතිහාසික වටිනාකමක් ඇති සහ මිල කළ නොහැකි වෙස් මුහුණු රැසක් සහ පුස්කොළ පොත් රැසක් වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පිහිටි සුනන්දාරාම විහාරස්ථානයේ සතුව තිබූ බව පැවසේ.

    මෙම විහාරස්ථානයේ තිබූ වෙස් මුහුණු අස්ථානගත වීම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වෙත ඉකුත් 7 වැනිදා පැමිණිලි කොට තිබිණි. එම පැමිණිල්ල අනුව වැලිගම පොලීසියේ ස්ථානාධිපති සනත් කුමාර මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කරන ලදි.

    අනුව විහාරස්ථානයේ පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ 24 හැවිරිදි හිමිනමකගෙන් කළ ප්‍රශ්න කිරීම මත අදාළ වෙස් මුහුණු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි. එහිදී මෙම හිමිනම විසින් විහාරස්ථානයේ තිබූ පෞරාණික මෙන්ම මිල කළ නොහැකි වෙස් මුහුණු රැසක් සොරකම් කොට එය පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා අයකු වෙත අලෙවි කොට තිබිණි.

    ඔහු මාතර ප්‍රදේශයේ පදිංචි වයස 62ක් වන අයෙකු වන අතර මෙම සිදුවීම සඳහා ආධාර අනුබලදීම යටතේ තවත් වයස 42ක් වන කැකනදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම විහාරස්ථානය සතුව තිබූ වෙස් මුහුණුවලට අමතරව තවත් පෞරාණික මිල කළ නොහැකි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක්ද සොරකම් කොට තිබියදී පොලීසිය සොයාගෙන තිබේ.

    මේ වන විට සැකකාර හිමිනම සහ ගිහියන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතුවලින් අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.