මෙනින්ජයිටිස් වස‍ංගත තත්ත්වයක් 🤒

ryumon

Active member
  • May 23, 2026
    179
    122
    43
    දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙනින්ජයිට්ස් හෙවත් මොළේ උණ රෝගය වැළඳුණු පාසල් සිසු සිසුවියන් එකසිය පනහකට ආසන්න පිරිසක් ඊයේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    1779703737828.png


    මෙම රෝගීන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මධ්‍යම පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව හැටකට අධිකය. ඉන් රෝගීන් තිස්පස් දෙනෙකුම බදුල්ල, වැලිමඩ, දියතලාව සහ ඌව පරණගම හිබිලියගහ මඩිත්ත යන රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

    මේ අතර මොළේ උණ වැළඳීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ එකොළස් හැවිරිදි පාසල් සිසුවියක බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඌව පරණගම රෝහලේ නව හැවිරිදි සිසුවියකද, වැලිමඩ මූලික රෝහලේ සිසුන් හතක් සහ සිසුවියන් නව දෙනෙකුද, දියතලාව මූලික රෝහලේ තවත් සිසු සිසුවියන් දහහත් දෙනෙකුද මේ වන විටත් මෙම රෝගී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි.

    මීට අමතරව රිකිල්ලගස්කඩ රෝහලෙන්ද මොළේ උණ වැළඳුණු සහ එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් විසිපස් දෙනෙකු වාර්තා වී තිබේ. මෙම පිරිස අතර පාසල් දරුවන් රැසක් සිටින අතර ඔවුන්ගේ රෝගී තත්ත්වය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා විශේෂ වෛද්‍ය පරීක්ෂණ මාලාවකට භාජනය කිරීමට නියමිතව ඇත.

    තද උණ, හිසරදය, ක්ලාන්ත ගතිය, ආලෝකය දෙස බැලීමට ඇති අපහසුතාව, වමනය සහ ඔක්කාරය සමඟ සම මතුපිට කුඩා බිබිලි මතු වීම මෙනින්ජයිට්ස් හෙවත් මොළේ උණ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ. යම් හෙයකින් දරුවෙකු හෝ වෙනත් අයෙකු කෙරෙන් මෙවැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම්, වහාම ක්‍රියාත්මක වී ළඟම ඇති රෝහල වෙත යොමු කරන ලෙසත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    රට තුළ මෙවැනි අවදානම් සහගත රෝග ව්‍යාප්තියක් පවතින පසුබිමක, කොළඹ වසංගත රෝග විද්‍යා අංශය මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් නිල උපදෙස් මාලාවක් හෝ මෙතෙක් මහජනතාව වෙත නිකුත් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කර නොමැති බවද වාර්තා වේ.
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    603
    575
    93
    නින්ද නැති එකයි , කලන්තෙ වගේ සීන් එකයි සෙමයි , ඔලුවෙ කැක්කුමයි මේ ටික තියෙනවා
     
    • Wow
    Reactions: ryumon

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    156
    108
    43
    www.janadhipathi.com
    oru danna epa ban. news wala me thiyenene..

    <iframe width="560" height="315" src="" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    oru danna epa ban. news wala me thiyenene..

    <iframe width="560" height="315" src="" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>


    පලයන් රන්වල යන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,553
    8,296
    113
    35
    Spain
    ඔය ගැන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිවේදනයක් එක්ක තිබුන දන්සැල් වලදී සිසිල් ආහාර ගන්න එපා කියල. ඒ නිවෙදනේ අනුව භික්ෂූන් වහන්සේලාත් කියා තිබුන අයිස්ක්‍රීම් වගේ සිසිල් ආහාර වෙනුවට ආදේශක දෙන්න කියල. නමුත් බුදුන්ට පහර ගහන්නම හදපු අකවුන්ට් ටිකක් මේවා හාස්‍යයට අරගෙන උපහාස අපහාස කළා. උඹලත් පුළුවන් නම් ඔය සිසිල් බීම දන්සැල් අයිස්ක්‍රීම් දන්සල් මගරින්න.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,267
    113
    මේක ලේසියෙන්ම බෝවෙන්නෙ නෑ නමුත් ලඟම ඉන්න අයට බෝවෙන්න පුලුවන් බිඳිති මගින්, හෙම්බිරිසාව වගේ. ගෙදරක කාට හරි තියනව කියල සැක නම් ආරක්ෂිතව උදව් කරන්න ඕන.
    බැක්ටීරියාව මගින් ඇතිකරන හානි වැඩියි වෛරසයට වඩා මං හිතන්නෙ දැන් පැතිරෙන්නෙ වෛරසයක් මගින් යන එකක් කියල.
    මොළය ඉදිමෙන තත්ත්වයට ආවොත් වැඩේ සංකීර්ණ වෙනව කල්පවතින අතුරු ආබාධ ගොඩක් ඉතුරු වෙන්න පුළුවන් සුවවුන අයට.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    මෙනින්ජයිටිස් ගැන මුලින්ම වාර්තා උනේ දැනට මාසෙකට විතර කලින් දෙනියාය ප්‍රදේශයේ පාසල් සිසුන් අතර , ඒ වෙලාවේ ඒ පාසල් වැහුවා දින කිහිපයකට , රජයෙන් මේ ගැන ලොකුවට ප්‍රතිචාර දක්වපු බවක් නම් දැක්කේ නෑ
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    Bump

    මේක ලේසියෙන්ම බෝවෙන්නෙ නෑ නමුත් ලඟම ඉන්න අයට බෝවෙන්න පුලුවන් බිඳිති මගින්, හෙම්බිරිසාව වගේ. ගෙදරක කාට හරි තියනව කියල සැක නම් ආරක්ෂිතව උදව් කරන්න ඕන.
    බැක්ටීරියාව මගින් ඇතිකරන හානි වැඩියි වෛරසයට වඩා මං හිතන්නෙ දැන් පැතිරෙන්නෙ වෛරසයක් මගින් යන එකක් කියල.
    මොළය ඉදිමෙන තත්ත්වයට ආවොත් වැඩේ සංකීර්ණ වෙනව කල්පවතින අතුරු ආබාධ ගොඩක් ඉතුරු වෙන්න පුළුවන් සුවවුන අයට.

    වරකාපොල ළමයෙක් මැරිලා ඕක හැදුන
    ------ Post added on May 26, 2026 at 4:36 AM
     
    • Like
    Reactions: kingcapton