රෝමයේ අන්තිම දවස තමයි අද. රෝමය අවසන් උනේ 1453 අද වගේ දවසක. මුලින්ම බයිසැන්තියමෙ ද්වාර විවෘත උනා. ඔටෝමාන් සෙබලු කොන්ස්තන්තිනෝපලයට කඩා වැදුනා. නගරයේ අඳුරු වීදි දිගේ සෙබලු දිව්වා. කෑ ගැහුවා. ප්‍රීති ඝෝෂා කෙරුවා. අවුරුදු දහස් ගානක් දණ නොගහපු මහා නගරය ඔටෝමාන්වරුන්ට යටත් උනා.
දහස් ගානක් රෝම පුරවැසියො “හයා සොෆියා“ දේවස්ථානය (Hagia Sophia) ඇතුළට රිංගුවා. දැවැන්ත දොරවල් අඟුළු දාගත්තා. හැමෝම දෙවියන් වහන්සේ වෙනුවෙන් යාඥා කරන්න පටන් ගත්තා. දහස් ගානක් මිනිස්සු එකිනෙකා තදවෙලා ඇලිලා තමන්ගෙ අන්තිම කැමැත්තවල් සිතින් ලියාගත්තා. තවදුරටත් රෝමයක් නෑ. මිනිස්සු ඉල්ලුවෙ තම තමන්ගෙ ජීවිත බේරාදෙන්න කියලා.
මේ අතර,සෙනඟ පිරුණු අඳුරු හයා සොෆියා දේවස්ථානයේ දැවැන්ත ලෝකඩ ද්වාර හෙල්ලුනා. මිනිස්සු බලාපොරොත්තු අත්හැරගත්තා.
වර්ෂ 1453 මැයි මාසෙ 29 වැනිදා උදේ සිද්ධ වෙච්ච මේ මහා වින්නැහිය තේරුම්ගන්න නම්, රෝමයේ අප කතා නොකළ කොටස් ටික දිහා විපරම් කරලා බලන්න වෙනවා.
(අපි පහුගිය මාසවල රෝම අධිරාජ්‍යය ගැන ලිපි 100 කට ආසන්න ප්‍රමාණයකින් කතා කරලා අවසන් කෙරුවා. අපිට තව ඉතුරු බයිසැන්තියමට එනකන් කොටස් විතරයි. හැබැයි අද රෝමයට විශේෂ දවසක් හින්දා, අපේ රෝම ලෝලීන්ව මම බයිසැන්තියමෙ අවසන් දවස වෙත අරන් යන්නම් මේ ලිපියෙන්. ලිපි මාලාවට අලුතින් එකතු වූ කෙනෙක් නම් පැරණි ලිපි පසුව කියවන්න)
කොන්ස්තන්තිනෝපලය තමයි, බයිසැන්තියන් අධිරාජ්‍යයේ (ඒ කියන්නෙ අන්තිමට ඉතුරු වෙලා තිබුණු රෝම භූමියේ) මහා නගරය. ඒක නිකම්ම නගරයක් නෙවෙයි. මුලු රෝම අධිරාජ්‍යයේම පණ නල ගැහෙන හදවත උනේ කොන්ස්තන්තිනෝපලය.
ජුලියස් සීසර් විසින් ජනරජය අවසන් කරලා, ඔගස්ටස් සීසර් විසින් අධිරාජ්‍යය ගොඩනඟලා, (අපි ඒ කොටස් ඔක්කොම කතා කෙරුවා) කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් නැගෙනහිර යුරෝපය පුරා අණසක පතුරවාපු අධිරාජ්‍යය තමයි මේක. ක්‍රිස්තු වර්ෂ 476 දි ඉතාලියේ වැටීමත් එක්ක රෝම අධිරාජ්‍යය බිඳුනා. හැබැයි නැගෙනහිර රෝම අධිරාජ්‍යය ඉතිරි උනා. ඒ කියන්නෙ කොන්ස්තන්තිනෝපල නගරය මුල් කරගෙන පැතිරුණු විශාල භූමිය. මේකට කිව්වෙ නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් බයිසැන්තියම කියලා.
මුල් රෝමය වැටුනට, බයිසැන්තියම තව අවුරුදු 1000 ක් ම පැවතුණා.
කොන්ස්තන්තිනෝපලය කියන්නෙ යුරෝපයේ මායිම. එතැනින් මෙහා ආසියාව. හැබැයි මේ වෙද්දි යුරෝප, අප්‍රිකාව, ආසියාව කියන කලාපයේ බොහෝ රටවල් තිබුණෙ බයිසැන්තියම යටතෙ. මේ කොන්ස්තන්තිනෝපල නගරය දැවැන්ත වරාය නගරයක්. මේ නගරයේ පුරවැසියො තමයි රෝමන්වරු. ලංකාවෙ අපිට අනුව නම් බයිසැන්තියන්වරු. ලෝක ඉතිහාසයට අනුව නම් “අවසන් රෝමන්වරු“.
කොන්ස්තන්තිනෝපලයේ බටහිර මායිමේ තිබුණු “තියෙඩෝසියානු ප්‍රාකාරය අවුරුදු 800 ක් පරණයි. මේ අවුරුදු 800 පුරාම දැවැන්ත ආක්‍රමණ වලින් රෝමය රැකගත්තෙ තියඩෝසියානු ප්‍රාකාරය විසින්. හැම මීටර 50කට ම සැරයක් මුර කුළුණු තනාපු, ස්ථර 3ක තාප්පයක් මේක. මැදින් තිබුණෙ ප්‍රධාන තාප්පය. ඒකට ඉදිරියෙනුත්, පිටුපසිනුත් පරිවාර තාප්ප දෙකක්. මෙන්න මේ ප්‍රාකාර තමයි, ඔටෝමාන්වරුන් අතින් අද වගේ දවසක බිඳුනෙ.
ඔටෝමාන්වරුන්ගෙ ආක්‍රමණය වෙද්දි කොන්ස්තන්තිනෝපලය තිබුණෙ පණ අදිමින්. කාලයක් ලෝ ප්‍රකට “කලු මරණය“ (Black Death) වසංගතයෙන් නගරයේ හිටපු උන් බාගයක්ම මියැදුනා. ජනගහණය සීඝ්‍රයෙන් අඩු උනා. ධනය හිඳුනා. භාණ්ඩාගාර හිස් උනා. වීදි පාලුවට ගියා. හමුදාව පවා අඩු උනා.
ඔටෝමාන් ආක්‍රමණය එන වෙලාවෙ, සැතපුම් 12ක් දිග තියඩෝසියානු ප්‍රාකාරයේ ආරක්ෂාවට හිටියෙ රෝම සෙබලු 7000 ක් විතරයි.
කවුද මේ ආක්‍රමණය කෙරුවෙ?
වර්ෂ 1451 දි, ඒ කියන්නෙ ආක්‍රමණයට අවුරුදු 2කට කලින්, ඔටෝමාන් අධිරාජ්‍යයේ රාජ්‍යත්වයට පත් උනේ අවුරුදු 19ක පොඩි කොල්ලෙක්. යෞවනයෙක්. යුරෝපය මේ වෙද්දි හිටියෙ ඔටෝමාන්ලත් එක්ක තරඟයක. යෞවනයෙක්ට කිරුල හිමි උනහම යුරෝපීයයන් හිතුවා තරඟය තමන් දිනුවා කියලා. එහෙම හිතන්න තව හේතුත් තිබුණා.
මේ යෞවනයාගෙ නම තමයි “දෙවැනි මෙහ්මුද්“. මෙහ්මුද් කියන්නෙ ඉතිහාසය විසින් වැරදිලා අවතක්සේරු කරපු පුරාවෘත්තයක්. ඒ බව දැනගන්නකොට යුරෝපයට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි.
බලයට ඇවිත් මාස කීපයකින් මෙහ්මුද් අණ කෙරුවා “බොස්ෆරස් සමුද්‍ර සන්ධිය“ ළඟ ඔටෝමාන් බලකොටුවක් හදන්න කියලා. මේ සමුද්‍ර සන්ධියට එහා පැත්තෙන් තමයි කොන්ස්තන්තිනෝපල වරාය නගරයේ සීමාව තිබුණෙ. මේ බලකොටුව හින්දා කොන්ස්තන්තිනෝලපයේ එක පෙදෙසක සැපයුම් අවහිර උනා.
ඊට පස්සෙ තවත් ඓතිහාසික වැරැද්දක් රෝමය අතින් සිද්ධ උනා.
හංගේරියානු තාක්ෂණික ශිල්පියෙක් වෙච්චි “ඕබාන්“ කියන පුද්ගලයා ගියා කොන්ස්තන්තිනෝපල නගරයට. එයා ගියේ රෝම අධිරාජයා මුණ ගැහෙන්න. එයා ගිහින් කිව්වා තමන් ළඟ බොහොම බලසම්පන්න ආයුධ හදන තාක්ෂණයක් තියෙන බව. යහමින් ගෙවලා, පහසුකම් දෙනවා නම් ඒවා වැඩිදියුණු කරන්න පුළුවන් බව. හැබැයි රෝමය තිබුණෙ වැටෙන ගමන්. ඔවුන් මේ හංගේරියානුවාට ගෙවීම ප්‍රතික්ෂේප කෙරුවා.
ඕබාන් ගියා මෙහ්මුද් ළඟට. ඒ කියන්නෙ ඔටෝමාන්ලා ළඟට. මෙහ්මුද් වහාම මේ හංගේරියානුවාට උවමනා ගෙවීම් කෙරුවා. පහසුකම් දුන්නා. උවමනා හැමදේම සැපයුවා. අලුත් තාක්ෂණය දිහා බලාපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන බලන් හිටියා.
ඕබාන් විසින් හැදුවා අඩි 27 ක් දිග කාලතුවක්කුවක්. මේක තමයි භාණ්ඩෙ.
රාත්තල් 600 ක් බර (ඒ කියන්නෙ කිලෝ 270 ක් විතර) වෙඩි උණ්ඩ (ගිනි තැබූ වෙඩි බෙහෙත් බෝල) නිකුත් කරන්න පුළුවන් මේ කාලතුවක්කුවෙන්. මේ ප්‍රහාර හැතැක්ම ගානක් දුරට එල්ල කරන්නත් පුළුවන්. මේ වගේ භාණ්ඩයක් මීට කලින් මෙහ්මුද් තියා ලෝකයේ බොහෝ දෙනෙක් දැක තිබුණෙ නෑ.
ඔටෝමාන්වරු මේවා හදලා තමන්ගෙ මායිම්වලට ගෙනාවා. එකකින් පහර දීලා ඉවර උනහම නැවත ලෝඩ් කරන්න පැය 3ක් විතර යනවා. ඒ හින්දා මේවා දෙක තුනක් අරන් යුද්දෙට ගියොත්, රීලෝඩ් කරන්න ගිහින් තමයි පරාද වෙන්නෙ. මේකට විසඳුමක් විදිහට ඔටෝමාන්ලා මේ වගේ කාලතුවක්කු 70 ක් හැදුවා.
කාලයක් සූදානම් වෙලා අවසානයේදි, ඔටෝමාන්වරු ක්‍රිස්තු වර්ෂ 1453 අප්‍රියෙල් 6 වැනිදා තමන්ගෙ ප්‍රාකාරවලින් පිටතට අඩිය තිබ්බා. ඔවුන්ට හිටියා සෙබලු 80,000 ක විතර පාබල හමුදා කණ්ඩායමක්. අතිශය දක්ෂ අශ්වාරෝහක බලඇණියක්. අශ්ව රථ දහස් ගානක්. මේ ඔක්කොම සිද්ධ උනේ ගොඩබිමේ.
හැබැයි, ඔටෝමාන්වරු ලොකුම වැඩ කොටස කෙරුවෙ මුහුදෙ. ඔවුන් අවුරුදු සිය ගානක් තිස්සෙ අති දැවැන්ත නාවික බලඝනයක් හැදුවා. ආක්‍රමණය ආසන්න වෙද්දි අතිශය දැවැන්ත යුධ නැව් සිය ගානක් ඔටෝමාන් ධජ සහිතව මුහුදට වෙලා බලාගෙන හිටියා. අණ නිකුත් වෙනකන්.
ඔටෝමාන්වරු පිටත් වූ බව රෝම අධිරාජයාට ආරංචි උනා. එයා මුලින්ම මේ බව පාප්තුමාට ලියලා යැව්වා. ඊට පස්සෙ වැනීසිය ඇතුළු ක්‍රිස්තියානු රාජධානිවලට දැනුම් දුන්නා. බොහෝ රාජධානි නිහඬව හිටියා. සමහර ප්‍රදේශවලින් සෙන්පතියන් ආවා. සෙබල කණ්ඩායම් එක්ක. පාප්තුමා තමන් ළඟ හිටපු දුනුවායින් 200 ක් එව්වා. යුරෝපයේ තව බොහෝ ක්‍රිස්තියානි රාජධානි හිටියෙ තම තමන්ගෙ වැඩවල. තම තමන්ගෙ යුද්ධවල. රෝමය ගැන බලන්න වෙලාවක් ඔවුන්ට තිබුණෙ නෑ.
රෝම අධිරාජයාට හිටියෙ 7000 ක රෝම හමුදාවක් විතරයි. (ඔව්. මේ අපි කලින් කතා කරපු ලක්ෂ ගානක ජුලියස් සීසර්ගෙ හමුදාවල අවසාන කාලය. ජුලියස්ගෙ කාලෙ තනි ලීජන් එකක හිටියා මීට වඩා)
ඔටෝමාන්වරුන්ට මේ තරම් දස ගුණයකට වැඩි හමුදාවක් හිටියා.
ඔටෝමාන්වරු තමන්ගෙ අලුත්ම කාලතුවක්කුවලින් දිනපතාම කොන්ස්තන්තිනෝපල ප්‍රාකාරයට ගැහුවා. පුරාණ බිත්තවල දැවැන්ත ගල් කුට්ටි පුපුරලා ගියා. ඉරි තැලුවා. හැමදාම රෑට රෝමන්වරු මේ තාප්පය පුළු පුළුවන් හැටියට පිළිසකර කෙරුවා. සති ගානක් අල්ලගෙන ඉන්න රෝමයට පුළුවන් උනා.
මෙහ්මුද් අවසානයේදි වරාය පැත්තට හැරුණා. කොන්ස්තන්තිනෝපල වරායට තමයි වැඩිම ආරක්ෂාවක් දාලා තිබුණෙ. ඒ හින්දා වරාය හරහා නගරයට එන්න මෙහ්මුද්ට බැරි උනා. මෙහ්මුද් ඒ වෙලාවෙ බොහොම අසීරු සැළසුමක් සකස් කෙරුවා. වරාය නගරය ආසන්නයේ තිබුණු යුධ මුක්ත ස්වාධීන ප්‍රදේශයකට ඔටෝමාන් නැව් කීපයක් ගෙනිච්චා. එතැන තිබුණු කන්දකට මේ නැව් ඇද්දා. රෑ වරුවෙ කන්දෙ අනික් පැත්තෙ තිබුණු වරායට ඔටෝමාන් නැව් තල්ලු කෙරුවා. වරාය නගරයේ ජලයට නැව් පතිත උනා. රෝමන්වරුන්ට සිද්ධ උනා තමන්ගෙම මුහුදෙ තියෙන ඔටෝමාන් නැව් එක්ක යුද්ධ කරන්න.
ඊට පස්සෙ මෙහ්මුද් කොන්දේසි කීපයක් ඉදිරිපත් කෙරුවා. යටත් වෙලා සාමකාමීව නගරය තමන්ට බාරදෙන්න කියන එක තමයි ඉල්ලීම. කොන්ස්ටන්ටයින් අධිරාජයාට එයාගෙ පවුලේ අයත් එක්ක දිවි බේරාගෙන ගෞරවනීය විදිහට පිටත්වෙන්න දෙන බව මෙහ්මුද් කිව්වා.
රෝම අධිරාජයා ( 11 වැනි කොන්ස්ටන්ටයින්) මේකට එකඟ උනේ නෑ.
“අපි හැමෝම තීරණයකට ආවා. අපි මැරෙන්න ලෑස්තියි“ රෝමය නිවේදනය කෙරුවා්.
මැයි 28 වැනිදා, රෝම අධිරාජයා “හයා සොෆියා“ දේවස්ථානයට ගියා.
මේ වෙද්දි පැරණි ග්‍රීක ආගම් සහ රෝමානු කතෝලික ආගම් අතරත් සුළු සුළු ගැටුම් තිබුණා. කොන්ස්තන්තිනෝපල නගරයේ හිටියෙ පැරණි ග්‍රීක ආගම් අදහන රෝමන්වරු. අවස්ථා ගණනාවකදිම රෝම අධිරජයා නගරවැසියන්ගෙන් ඉල්ලුවා තමන්ට සහාය දෙන්න කියලා. සමහරු බෑ කිව්වා.
“කාදිනල්ට යටත් වෙනවට වඩා තුර්කිකාරයින් හොඳයි“ සමහර රෝමන්වරු කෑ ගැහුවා. මේ හින්දා, නගරයේ අභ්‍යන්තර සාමයත් බිඳ වැටුණා.
හැබැයි මැයි 28 වැනිදා කිසි භේදයක් නැතිව හැමෝම අධිරාජයා අනුගමනය කරමින් හයා සොෆියා පරිශ්‍රයට එකතු උනා. හැමෝම දැනගෙන හිටියා මේ තමන්ගෙ අවසානය බව.
හයා සොෆියාවට ඇතුළු වූ අය ග්‍රීක බසින්, ලතින් බසින් තම තමන්ට හිතෙන දැනෙන පෙනෙන දේවල් එක්ක යාදිනි පටන් ගත්තා. තම තමන්ගෙ දෙවිවරුන්ට කන්නලව් කෙරුවා.