ලංකාවේ ෆිල්ම් අධ්‍යක්ෂකවරුන්ට පන්ති දාන්න පුලුවන් ෆිල්ම් එකක්. - Kara - Dhanush - 2026

nidarsha91

Well-known member
  • ස්තූතියි මිත්‍රයා මේ ෆිල්ම් එක ගැන පෝස්ට් එකක් දැම්මට. අදයි බලන්න වෙලාවක් ලැබුනෙ. තවම විනාඩි 40ක් වගේ බැලුවෙ. මුදල් ඉපැයීම, බුද්ධිමත් වීම, කැප කිරීමට වඩා...

    01. පුළුවන් එකා විසින් බැරි කෙනාව මරාගෙන කෑම කියන කාරනය
    02. තවකෙකු ගැන සිතීමට තරම් සිත් පහල නොවෙන මිනිසුන්ගේ නොමනා ක්‍රියා
    03. නියර මිටි තැනින් අපූරුවට වතුර බස්සවන්නත්, එමගින් අනෙකාට වෙන හානිය තඹයකට මායිම් නොකර තමන් ගොඩ ගියා යැයි සිතීමත්,

    මතු සම්බන්ධයි
     

    nidarsha91

    Well-known member
  • Screenshot 2026-06-17 at 17.07.15.jpg


    කතාව පුරාම ගොඩාක් ෆ්‍රේම්ස් වල නැවතුමක් තියෙනවා. ඒ අතරිනුත් මේ ෆ්‍රේම් එකට කලින් ෆ්‍රේම් එකක් වගේම, මේ කියන වචන ටිකත් හරිම ලොකු අදහසක් ගේනව මුළු කතාවටම කියල හිතෙනව. මේ කතාවෙම තියෙන මේ මන්කොල්ලය වෙන්න ලොකුම හේතුව වෙන්නෙ ඒ මිනිස්සුන්ට ණයවත්, පොළියවත් ගෙවාගන්න බැරි වීම නෙමෙයි. කවමදාකවත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල නොතිබුනු බොරු බලාපොරොත්තුවක් ඒ මිනිස්සුන්ගෙ ජීවිත අස්සෙ පැළ කරවල ඒ මිනිස්සුන්ව මහ පොළොවටවත් අයිති නැති තත්වෙට පත් කරවන්නට ගත්ත හරිම පහත් උත්සාහයයි කියලයි මගෙ හැඟීම.

    මම කලින් මේ පෝස්ට් එක දැක්කත් පස්ස පාරෙ හොයාගෙන ගිහිල්ල බලන්න නිමිත්තක් තිබ්බෙ නෑ. ඒත් මොකක් හරි බලන්න ඕන කියල ෆිල්ම්ස් කීපයක්ම අරගද්දි දනුශ් ඉන්නව කියල දැකල, බැලුවෙ නැති එකක් කියලයි ගත්තෙ.

    අවසානෙට ලොකු තෘප්තියක් වගේම, ලොකු පාඩමක් ආයෙමත් ඉගෙන ගන්න ලැබුනා. මුදල් වෙනුවෙන්වත්, ස්වයං සතුටක් වෙනුවෙන්වත් කවමදාකවත් තවත් මනුස්සයෙක්ගෙ ජීවිතයක් එක්ක පහත් විදියට සෙල්ලම් නොකර ඉන්නව කියන පාඩම.

    ස්තූතියි මිත්‍රයා පෝස්ට් එකට!

    Screenshot 2026-06-17 at 17.04.38.jpg