බිමල් රත්නායක හා ලේකම් වරදකරු වෙයි

fxgupiya

Active member
  • Oct 1, 2023
    85
    159
    33
    Kadawatha
    ඔබ දන්නවාද? මේ අතිරේක ලේකම් පට්ටමට ඇමති කැමති කෙනෙකු දාන්න ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා "ඒ නිර්දේශිත පුද්ගලයා අදාල ක්ෂේත්‍රයට අවශ්‍යම බවට විශේෂඥ දැනුමක් තියනවා" කියලා ඔය අමාත්‍යංශ ලේකම් කපිල C K පෙරේරා මහතා කියන කාරණය නිවරදි නෑ කියලා..😬😬🤌

    රට වට කර වැට බැන්දත්,කට වටකර වැට බඳින්න බෑ වගේම අධිකරණය අභිබවා ක්‍රියාත්මක වෙන්න බෑ කියලා කපිල මහත්තයා වුණත් දැනගන්න ඕන..😌

    ====================================🛑

    "නීතියේ ආධිපත්‍යය" සහ ඇමතිවරයාගේ "Thank you Kapila Sir" සෙල්ලම!

    ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඉල්ලා අස්වුණා. ඒත් එක්කම විෂය භාර ඇමති බිමල් රත්නායක මහත්මයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ "Thank you Kapila sir" කියලා පෝස්ට් එකක් දාලා තිබුණා. තමන්ගේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් අයින් වෙද්දී ස්තූති කරන එක සාමාන්‍ය දෙයක් වගේ පෙනුණට, මේ සිද්ධිය පිටුපස තියෙන ඇත්ත කතාව සහ මීට දින කිහිපයකට කලින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු නඩු තීන්දුව දන්නා අයට නම් මේක "සිරා ආතල් එකක්"!

    වත්මන් රජය නිතරම කියන්නේ "නීතියේ ආධිපත්‍යය" (Rule of Law) සහ "රාජ්‍ය නිලධාරීන්ගේ ගරුත්වය" රකිනවා කියලා. හැබැයි තමන්ගේ අභිමතය පරිදි, නීති විරෝධී ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් විතරක් නෙවෙයි, ඔහුගේ මනුෂ්‍ය අභිමානය පවා කෙලෙසපු ලේකම්වරයෙක්ට, ඇමතිවරයා ප්‍රසිද්ධියේ "තෑන්ක් යූ" කියද්දී අපිට අහන්න වෙන්නේ එකම එක ප්‍රශ්නයයි: "මේකද සහෝදරවරුනි ඔයාලා කියපු නීතියේ ආධිපත්‍යය?"
    මෙන්න මේ කියන කපිල පෙරේරා මහත්තයා සම්බන්ධයෙන් 2026 මැයි 19 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු SC (FR) Application No. 8/2025 නඩු තීන්දුවේ ඇත්තම කතාව සරලව!

    📌 මොකක්ද මේ සිද්ධිය?

    පෙත්සම්කරු වුණේ W.S. සත්‍යානන්ද මහතා. එතුමා ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 30 කට වඩා සේවා කාලයක් තියෙන, "විශේෂ ශ්‍රේණියේ" (Special Grade) ඉතාමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. 2024 දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (PSC) අනුමැතිය ඇතිව එතුමාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ "අතිරේක ලේකම් (පාලන හා මුදල්)" තනතුරට පත් කරනවා.

    📱 වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයෙන් වැඩ වැරදුණු හැටි!

    2024 දෙසැම්බර් 17 වැනිදා සත්‍යානන්ද මහතා රාජකාරි වාර්තා කරලා, අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතාව හම්බවෙන්න ගියත් එයා ආසනයේ හිටියේ නැහැ. ඒ නිසා ඉතාමත් ගෞරවනීය විදිහට ලේකම්වරයාට මෙහෙම WhatsApp මැසේජ් එකක් දානවා:

    "සර්, මම අද අතිරේක ලේකම් (පාලන) විදිහට වැඩ භාරගත්තා. ඔබතුමාව හමුවෙන්න සුදුසු වෙලාවක් කියන්න. ස්තූතියි."

    ඒකට ලේකම් කපිල පෙරේරා දුන්නු උත්තරය තමයි මේ සේරටම මුල. එයා කියනවා:

    "කණගාටුයි, අපි ගරු ඇමතිතුමාගේත් (බිමල් රත්නායක) එකඟතාවය ඇතිව වෙනත් නිලධාරියෙක් මේ තනතුරට ගන්න එකඟ වෙලා ඉවරයි. ඒ නිසා මම මේ ගැන රාජ්‍ය පරිපාලන ලේකම්ට දන්වන්නම්. සමාවන්න."

    😡 කාර්යාලයෙන් එළවා දැමීම සහ අභිමානය කෙලෙසීම

    ඊළඟ දවසේ (දෙසැම්බර් 18) සත්‍යානන්ද මහතා තමන්ගේ කාර්යාලයේ වැඩ කරමින් ඉද්දී, දවල් 12.30 ට විතර එතනට කඩාවදින ලේකම් කපිල පෙරේරා, "ඔයාගේ සේවය අපිට වැඩක් නැහැ, දැන්ම කාර්යාලයෙන් යන්න" කියලා හැසිරිලා තියෙනවා. අවුරුදු 30 ක් රටට සේවය කරපු, විශ්‍රාම යන්න ආසන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට හැමෝම ඉස්සරහා කරපු මේ අවමානය නිසා එතුමා දැඩි මානසික පීඩාවකට පත්වුණා.

    ⚖️ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු රෙදි ගැලවෙන තීන්දුව!

    නඩුව විභාග කරපු අර්ජුන ඔබේසේකර,ජනක් ද සිල්වා සහ ආචාර්‍ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල කපිල පෙරේරාගේ සහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ප්‍රධාන කරුණු 4 ක් පෙන්වා දුන්නා:

    1. ලේකම්ලාට හෝ ඇමතිලාට ඕන විදිහට පත්වීම් දෙන්න බැහැ!

    ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් සහ මාරුවීම් අයිතිය තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට (PSC) විතරයි. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට රාජ්‍ය සේවා කොමිසමේ බලතල තමන් අතට ගන්න (Arrogated to himself) කිසිම ව්‍යවස්ථාපිත අයිතියක් නැහැ. කපිල පෙරේරා කරලා තියෙන්නේ නීති විරෝධී ලෙස කොමිසමේ බලතලවලට ඇඟිලි ගැසීමක්!

    2. බොරුව අතේ පත්තු වීම (ප්‍රියතමවාදය!)
    කපිල පෙරේරා මුලින් කියා තිබුණේ අමාත්‍යාංශයේ "විෂයට ගැලපෙන" දක්ෂයෙක් (කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාරිමාර්ග ව්‍යාපෘති අංශයේ හිටපු කෙනෙක්ව) ගන්න ඇමති බිමල් රත්නායකත් එක්ක කතා කරන් ඉන්නවා කියලා. හැබැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ පුරප්පාඩුව තිබුණේ "පාලන හා මුදල්" අංශයට. කෘෂිකර්මයේ ව්‍යාපෘති කරපු කෙනෙක් ප්‍රවාහන පාලනයට ගැලපෙන්නේ කොහොමද?
    ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ මෙතන තිබුණේ "තමන්ගේ හිතුමනාපය සහ ප්‍රියතමවාදය" (Whims and fancies / Nepotism) මිසක් රාජ්‍ය සේවයේ අවශ්‍යතාවය නෙවෙයි කියලා. අධිකරණය ප්‍රකාශ කළේ "අත්තනෝමතිකභාවය සහ සමානත්වය යනු එකිනෙකාට පරම සතුරන්" කියායි!

    3. මහජන භාරය පිළිබඳ සංකල්පය පළුදු කිරීම (Public Trust Doctrine)
    රාජ්‍ය නිලධාරීන්ට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. ඒ බලය පාවිච්චි කළ යුත්තේ මහජන යහපතට මිසක්, තමන්ගේ පුද්ගලික හිතවත්කම් පෙන්වන්න හෝ නිලධාරීන් පළිගැනීමට නෙවෙයි. කපිල පෙරේරාගේ මේ හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් තහවුරු කර ඇති "නීතිය ඉදිරියේ සැමට සමාන ආරක්ෂාව ලැබීමේ" මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් සහ ජනතාව තැබූ විශ්වාසය පාවාදීමක්!

    4. මනුෂ්‍ය අභිමානය කෙලෙසීම (Violation of Dignity)
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලස්සනම කොටස තියෙන්නේ මෙතන. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශන සහ ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව (Preamble) උපුටා දක්වමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ "මනුෂ්‍ය අභිමානය යනු උල්ලංඝනය කළ නොහැකි, ගරු කළ යුතු සහ ආරක්ෂා කළ යුතු පරම අගයක්" බවයි. වසර 30ක් සේවය කළ නිලධාරියෙක්ව කාර්යාලයෙන් එළවා දැමීමෙන් ඔහුගේ අභිමානය බිඳ දමා ඇති බව තීන්දු කළා.

    💸 වන්දියක් නොදුන්නේ ඇයි? (59 වැනි ඡේදය)
    අධිකරණය පෙත්සම්කරුට මුදලින් වන්දියක් හෝ නඩු ගාස්තු නියම කළේ නැහැ. ඒකට හේතුව විදිහට විනිසුරු ඔබේසේකර මහතා ලියපු දේ හැමෝගෙම ඇස් ඇරවිය යුතුයි:

    "මේ අත්තනෝමතික ක්‍රියාව නිසා පෙත්සම්කරුට විඳින්නට සිදු වූ ලැජ්ජාව, අපහසුතාවය සහ නැති වූ මනුෂ්‍ය අභිමානය නැවත ලබාදීමට මෙලොව කිසිදු මුදල් වන්දියකට නොහැකි බැවින්, මම වන්දි හෝ නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග නොකරමි."
    ඒ කියන්නේ වැරැද්දේ බරපතලකම මුදලින් මනින්න බැරි තරම් විශාලයි!

    ❓ ඉතින් ඇමතිතුමනි, "Thank you" කියන්නේ මේවටද?

    ලංකාවේ සභානායක වගේම කැබිනට් ඇමතිවරයෙකුත් වන බිමල් රත්නායක මහත්මයා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික අයිතිවාසිකම් කඩකළ වැරදිකරුවෙක් බවට පත් කරපු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක්ගේ ආත්මගරුත්වය ප්‍රසිද්ධියේ කෙලෙසපු ලේකම්වරයෙක් ඉල්ලා අස්වුණාම ෆේස්බුක් එකේ "Thank you Kapila Sir" කියන්නේ මොන සදාචාරයකින්ද?

    නීතිය බල්ලට දාලා, රාජ්‍ය සේවා කොමිසමට උඩින් ගිහින් තමන්ට ඕන විදිහට නිලධාරීන් එලවන්න සපෝට් කරපු එකටද මේ තෑන්ක් කරන්නේ? ජනාධිපතිතුමා වේදිකාවල බෙරිහන් දෙන "නීතියේ ආධිපත්‍යය" සහ "රාජ්‍ය සේවයේ ගරුත්වය" ඇමතිවරුන් ප්‍රායෝගිකව රකින්නේ මෙහෙමද?
    රෙදි ඇඳගෙනද සහෝදරවරුනි මේවා කරන්නේ? 👇

    © Isuru Mahesh Panditha
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,106
    4,331
    113
    36
    "මේ අත්තනෝමතික ක්‍රියාව නිසා පෙත්සම්කරුට විඳින්නට සිදු වූ ලැජ්ජාව, අපහසුතාවය සහ නැති වූ මනුෂ්‍ය අභිමානය නැවත ලබාදීමට මෙලොව කිසිදු මුදල් වන්දියකට නොහැකි බැවින්, මම වන්දි හෝ නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග නොකරමි."
    ඒ කියන්නේ වැරැද්දේ බරපතලකම මුදලින් මනින්න බැරි තරම් විශාලයි!

    😄😄😄😄😄😄😄
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,604
    8,399
    113
    35
    Spain
    "මේ අත්තනෝමතික ක්‍රියාව නිසා පෙත්සම්කරුට විඳින්නට සිදු වූ ලැජ්ජාව, අපහසුතාවය සහ නැති වූ මනුෂ්‍ය අභිමානය නැවත ලබාදීමට මෙලොව කිසිදු මුදල් වන්දියකට නොහැකි බැවින්, මම වන්දි හෝ නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග නොකරමි."
    ඒ කියන්නේ වැරැද්දේ බරපතලකම මුදලින් මනින්න බැරි තරම් විශාලයි!

    😄😄😄😄😄😄😄
    ඔය මනුස්සයා නඩුව පැවරුවේ ගාණක් කියල නම් උසාවියෙන් එක ගෙවන්න කියනවා. එත් සමහර රාජ්‍ය නිලධාරියෝ ඉන්නවා එහෙම සල්ලි වලට කෑදර නැති.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,587
    113
    අම්බකිස්ස
    පිස්සු කපිලව ඔබා ගන්න තරමට ආන්ඩුව පිරිහුනේ ඇයි කියන්න නන් දන්නේ නෑ. ආයේ රිකවර් වෙන්න බැරි තරමට ලොකු ඩැමේජ්. මේයා මොරටුව ඉන්නකාලේ කැම්පස් එක 9ට වහන්න පටන් ගත්තා. හිතලු කර්නවා මාරම් ඔලුවෙන් ඉන්නේ තමන්ගේ මතේ විතරයි, ඒකෙන් පැන්නුවම ගෝටා එක්ක අද්‍යාපන අමාත්‍යංශෙට ආවා. යන හැම තැනම ප්‍රශ්න ඇති කරගන්න මනුස්සයෙක්, ගොටා පිලෙන් මිනිස්සු ගන්න තරමට ආන්ඩුව වැටිලා කියන්නේ ඉතුරු අවුරුදු 2 තව සැණකෙලි. රටට ඕනි විපක්ශයක් ගොඩ නැගෙන්නෙ නෑති එක මාරම හෙනයක්. අදටත් අටමස්තානාදිපතිට බයේ ඉන්නේ ඔක්කොම
     
    • Like
    Reactions: Bekam and KDH

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,516
    5,392
    113
    පිස්සු කපිලව ඔබා ගන්න තරමට ආන්ඩුව පිරිහුනේ ඇයි කියන්න නන් දන්නේ නෑ. ආයේ රිකවර් වෙන්න බැරි තරමට ලොකු ඩැමේජ්. මේයා මොරටුව ඉන්නකාලේ කැම්පස් එක 9ට වහන්න පටන් ගත්තා. හිතලු කර්නවා මාරම් ඔලුවෙන් ඉන්නේ තමන්ගේ මතේ විතරයි, ඒකෙන් පැන්නුවම ගෝටා එක්ක අද්‍යාපන අමාත්‍යංශෙට ආවා. යන හැම තැනම ප්‍රශ්න ඇති කරගන්න මනුස්සයෙක්, ගොටා පිලෙන් මිනිස්සු ගන්න තරමට ආන්ඩුව වැටිලා කියන්නේ ඉතුරු අවුරුදු 2 තව සැණකෙලි. රටට ඕනි විපක්ශයක් ගොඩ නැගෙන්නෙ නෑති එක මාරම හෙනයක්. අදටත් අටමස්තානාදිපතිට බයේ ඉන්නේ ඔක්කොම
    This is very true, oluwa udumma gatta dial ekak.
     
    • Like
    Reactions: KDH