මේ දිනවල පවතින ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ලංකාවේ විවිධ ආදායම් මට්ටම්වල පවුල්වලට වෙන බලපෑම සරලව

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,772
    11,405
    113
    මෙය පාරිභෝගික මනෝවිද්‍යාව සහ ව්‍යාපාරික කෝණයෙන්
    මෙහෙම විස්තර කරන්න පුළුවන්

    අපේ ලංකාවේ ආදායම් හැටියට පන්ති කිහිපයක් තියෙනවා

    1. අඩු ආදායම්ලාභී / අරගලකාරී පන්තිය - ආදායම රු. 70,000 ට අඩු (25% – 30% මිලියන 5.8 – 7.0 ජනතාව)

    2.අවදානමට ලක්විය හැකි / මධ්‍යම පන්තියට ආසන්න - ආදායමරු. 70,000 – 120,000 (20% – 25% මිලියන 4.7 – 5.8 ජනතාව)

    3.පහළ මධ්‍යම පන්තිය - රු. 120,000 – 200,000 (20% – 25% මිලියන 4.7 – 5.8 ජනතාව)

    4.ප්‍රධාන මධ්‍යම පන්තිය - රු. 200,000 – 350,000 (12% – 17% මිලියන 2.8 – 4.0 ජනතාව)

    5.ඉහළ මධ්‍යම පන්තිය - රු. 350,000 – 700,000 (6% – 9% මිලියන 1.4 – 2.1 ජනතාව)

    6.ධනවත් ඉහළ ආදායම්ලාභී - රු. 700,000+ (2% – 4% 470K – 930K ජනතාව)

    ලංකාවේ අවදානමට ලක්විය හැකි + පහළ මධ්‍යම + ප්‍රධාන මධ්‍යම = දළ වශයෙන් මිලියන 12M – 15M ජනතාවක් ඉන්නවා.

    තෙල් මිල ආයෙත් වැඩි වුණාම අපේ ‘මිඩ්ල් ක්ලාස්’ එකට මොකද වෙන්නේ?

    ඊයේ රෑ ඉඳන් ආයෙත් ඉන්ධන මිල ඉහළ ගියා. හැමෝටම දැනෙන ප්‍රශ්නයක් තමයි "දැන් ජීවත් වෙන්නේ කොහොමද?" කියන එක.

    හැබැයි මේක ලංකාවේ විවිධ ආදායම් මට්ටම්වලට (Income Tiers) බලපාන්නේ එකම විදිහට නෙවෙයි.

    අපි පොඩ්ඩක් බලමු මේ මිල වැඩිවීම අපේ සමාජයේ පන්තිවලට බලපාන්නේ කොහොමද කියලා

    1. අඩු ආදායම්ලාභී / අරගලකාරී පන්තිය (Rs. 70,000 ට අඩු)

    මේ කාණ්ඩයට තෙල් මිල වැඩිවීම කියන්නේ සෘජුවම තුන්වේලෙන් එකක් නැතිවීම වගේ දෙයක්. ප්‍රවාහන ගාස්තු සහ එළවළු/කෑම බීම මිල ඉහළ යාම නිසා මේ පිරිස තවදුරටත් අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා.

    2. අවදානමට ලක්විය හැකි පන්තිය (Rs. 70,000 - 120,000)

    මේ අය බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරන පිරිසක්. තෙල් මිල වැඩිවීමත් එක්කම, මුළු මාසික බජට් එකම අවුල් වෙලා, එක පාරටම "අඩු ආදායම්ලාභී" මට්ටමට ඇද වැටීමේ ලොකු අවදානමක් මුන් මුහුණ දෙනවා.

    3. පහළ සහ ප්‍රධාන මධ්‍යම පන්තිය (Rs. 120,000 - 350,000)

    ලංකාවේ වැඩිම පිරිසක් (මිලියන 12-15 ක් විතර) අයිති වෙන්නේ මේ "Middle Class" අවස්ථාවටයි. මේ අයට තමන්ගේ පුද්ගලික වාහන පාවිච්චිය සීමා කරන්න වෙනවා.

    දරුවන්ගේ උපකාරක පන්ති ගාස්තු, ලීසිං වාරික, සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන වියදම් (Entertainment/Dining out) සම්පූර්ණයෙන්ම කපා හරින්න සිද්ධ වෙන්නේ මේ මට්ටමේ අයටයි.

    4. ඉහළ මධ්‍යම සහ ධනවත් පන්තිය (Rs. 350,000+)

    මිල ඉහළ යාම මේ අයට සෘජුවම ජීවන රටාව වෙනස් කරන්න බල නොකළත්, ව්‍යාපාරික මට්ටමින් (Business overheads, logistics & production costs) ලොකු බලපෑමක් ඇති කරනවා.

    ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් තේරුම් ගත යුත්තේ කුමක්ද?

    ලංකාවේ වෙළඳපොළෙන් විශාලම කොටසක් නියෝජනය කරන මධ්‍යම පන්තියේ (Middle Class) "Purchasing Power" එක නැත්නම් මිලදී ගැනීමේ හැකියාව මේ දිනවල දරුණු ලෙස කඩා වැටෙනවා. ඒ නිසා ඔබේ නිෂ්පාදන හෝ සේවාවන්වල මිලකරණය (Pricing Strategy) සහ මාකටින් ප්‍රවේශය මේ තත්ත්වයට අනුව වෙනස් කරගන්න වෙනවා.

    IMG-4682.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    :ROFLMAO: :ROFLMAO: ඔය කැටගරි එකට "නිකන් ඉදල සල්ලි ගන්න උන්" කියල කොටසකුත් දාන්න. මොකද දැන් කුඹුරු වැඩට, වත්තේ පිටියේ වැඩට, පොල් කඩන්න වගේ වැඩ වලට මිනිස්සු නෑ. නමුත් නිකන් ඉදල අනිත් මිනිස්සු බදු ගෙවපුවායින් සහනාධාර අරන් ජීවත් වෙන සෙට් එකකුත් ඉන්නවා. උන්ට තෙල් නෙමෙයි සබ්බ සකල මනාවම ගණන් වැඩි උනත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,705
    3,083
    113
    Parliament eke pinbatha kana, jiwitheta job ekak or productive deyak karala earn nokarapu unta owa terenne naa ban.

    Nikamata hithapan. Me ratea president karaya eka paarak kiyanawa jeewath wenna job ekak karanna ona naa kiyala. Horakam, kerikam, kupaadi weda walata economics walata anuwa jobs kiyanne naa. Ewa economy ekata productive contribution ekak neti nisa. Et ewa witarak karapu unta umbalage oya class ekata wenawa kiyana impact analysis terenne naa.

    Den itin jepponta chande deela karagattu weradda wahaganna explanation ekak hadaaganna eka witarai karanna tyenne.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ලංකාව වගේ රටක ඔහොම category කරන්න බෑ. පඩිය + pension එකත් බලන්න ඕන. no pension ලක්ෂක් ගන්න කෙනාට වැඩිය 60ක් අරන් pension එක හම්බෙන කෙනා උඩින් ඉන්නේ.