මධ්‍යම පන්තිය හාන්සිද?

monson

Well-known member
  • May 7, 2007
    21,339
    19,762
    113
    මධ්‍යම පන්තිය හාන්සිද?

    ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා.
    පළමු රුපියල් 1,200,000 - 0%
    ඊළඟ රුපියල් 500,000 - 6%
    ඊළඟ රුපියල් 500,000 - 12%
    ඊළඟ රුපියල් 500,000 - 18%
    ඊළඟ රුපියල් 500,000 - 24%
    ඊළඟ රුපියල් 500,000 - 30%
    එතැන් සිට - 36%
    කලින් තිබුණු බදු ක්‍රමය යටතේ බදු ගෙවන්නට සිදු වූ සියල්ලන්නටම අලුත් ක්‍රමය යටතේ වැඩියෙන් බදු ගෙවන්න වෙනවා. ඊට අමතරව, දැනට ආදායම් බදු නොගෙවන සැලකිය යුතු පිරිසකටද බදු ගෙවන්න සිදු වෙනවා. පැවති බදු ක්‍රමය පහත තිබෙනවා.
    පළමු රුපියල් 3,000,000 - 0%
    ඊළඟ රුපියල් 3,000,000 - 6%
    ඊළඟ රුපියල් 3,000,000 - 12%
    එතැන් සිට - 18%
    අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් (රුපියල් 1,200,000 දක්වා) - 0%
    හර්ෂ ද සිල්වාට අනුව මේ බදු වැඩි කිරීම නිසා මධ්‍යම පන්තිය හාන්සියි. මම දකින විදිහටනම් මේ ප්‍රකාශය රනිල් අගමැති වීමෙන් පසුව, සජබට පොදුවේත්, හර්ෂ ද සිල්වාට වැනි අයට විශේෂයෙනුත්, මුහුණ දුන්න සිදු වුනු අනන්‍යතා අර්බුදයේ ප්‍රකාශනයක්. අරගලයේ අවසන් අදියරේදී අරගලකරුවන් හමුවේ සජබ, ජාජබ, 43 බලකාය හා සින්ගියුලරිටි ශ්‍රී ලංකා ව්‍යාපාරය විසින් ලංකාව ගොඩ දමන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. මෙහිදී හා වෙනත් තැන් වලදී සජබ වෙනුවෙන් හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ හා රනිල්ගේ දැන් වැඩ පිළිවෙළ අතර හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කිසිවක් නැහැ.
    වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු වැඩි කර රජය ආදායම් උපයා ගත යුතු බව හර්ෂ ද සිල්වා විසින් නැවත නැවත කියා ඇති දෙයක්. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අවම වැඩ පිළිවෙළ අනුව සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ඉහළ යා යුතුයි.
    "Reintroduce 2017 Inland Revenue Act with necessary amendments to address DSA and restructuring requirements, by (a) broadening VAT tax base and withholding taxes (including capital and service payments); (b) broadening income tax base and reverse decline in number of taxpayer files; and (c) creating a progressive corporate tax regime with the rate increase being gradual."
    මේ වන විට ක්‍රියාත්මක වී තියෙන්නේ හර්ෂ විසින් ඉහත ඉදිරිපත් කර තිබෙන යෝජනා කිහිපයයි.
    ජාජබ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අංගයක් වුණෙත්, ජවිපෙ/ජාජබ පාක්ෂිකයින් දිගින් දිගටම පෙනී සිටියේත් සෘජු බදු වැඩි කිරීම වෙනුවෙන්. රනිල් විසින් දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මේ ජාජබ යෝජනාවයි.
    "ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර."
    - අනුර කුමාර දිසානායක
    ජවිපෙ දැන් කියන්නේනම් බදු පැහැර හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි. :lol:

    අලුත් බදු හා පැවති බදු අතර වෙනස විශාල වුවත්, 2019 දක්වා පැවති බදු හා අලුත් බදු අතර ඒ තරම්ම වෙනසක් නැහැ. පහත තිබෙන්නේ 2020 බදු සංශෝධනයට පෙර පැවති බදු ක්‍රමයයි.
    පළමු රුපියල් 500,000 - 0%
    ඊළඟ රුපියල් 600,000 - 4%
    ඊළඟ රුපියල් 600,000 - 8%
    ඊළඟ රුපියල් 600,000 - 12%
    ඊළඟ රුපියල් 600,000 - 16%
    ඊළඟ රුපියල් 600,000 - 20%
    එතැන් සිට - 24%
    වැටුප් ලෙස ලබන ආදායම් (රුපියල් 700,000 දක්වා) - 0%
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර මාසික ආදායම රුපියල් 41,167 ඉක්මවූ අයට බදු ගෙවන්නට සිදු වුනා. වැටුප් ලෙස ආදායම් ලැබූ අයගේ මෙම සීමාව තවත් රුපියල් 58,833ක් දක්වා ඉහළ යා හැකිව තිබුණත්, මාසික ආදායම රුපියල් 100,000 ඉක්මවූ අය අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුනා. 2020දී මෙම සීමාව රුපියල් 250,000 දක්වා ඉහල දැමුණු අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් ආදිය වෙනුවෙන් කළ වියදම් මත අදාළ සීමාව රුපියල් 350,000 දක්වා ඉහළ ගියා. ඒ අනුව, විශාල පිරිසක් බදු දැලෙන් එළියට විසි වුනා. ඉතිරිව සිටි අයටත් ගෙවන්න සිදු වුනේ අඩු බදු ප්‍රමාණයක්.
    ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ත්තිය වත්මන් ආර්ථික අර්බුදයට දායක වූ බව පුළුල් ලෙස පිළිගැනෙන අදහසක්. එම තීරණය එජාප, සජබ, ජවිපෙ/ජාජබ, 43 බලකාය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රේණිගත කිරීම් ආයතන වල මෙන්ම දේශීය හා විදේශීය ස්වාධීන ආර්ථික විද්‍යාඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ වෙද්දී, මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධව ඒ වෙනුවෙන් මුලින් පෙනී සිටි බොහෝ දෙනෙකු විසින්ද ස්වයං විවේචනයක් කර අවසන්. අදාළ බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක්. දැන් සිදුව ඇත්තේ එයයි .

    මේ අයුරින් බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බලපාන්නේ කාටද?

    පසුගිය 2021 වසරේදී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 292,305 දෙනෙක් පමණයි. එනම් රටේ ජනගහණයෙන් 1.4%ක් පමණයි. මීට අමතරව, තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව 16,798ක්ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියා. ලියාපදිංචි වූ පමණින් බදු ගෙවූ බව අදහස් වන්නේ නැහැ. මුල සිටම පිළිවෙළට බදු ගෙවා ගෙන ගොස් තියෙන්නේ (APIT යටතේ) 32,702 දෙනෙකු පමණයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් ඇත්තටම බදු ගෙවුවාද කියා මා දන්නේ නැහැ.
    මෙම තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව මෙන්ම වෙනත් සමිති/සංගම් ආදිය ඇතුළත්ව (පුද්ගලික හා පොදු සමාගම් හැර) පුද්ගලයින් විසින් 2021 වසර තුළ ගෙවූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 48.7ක් පමණයි (හරියටමනම් රුපියල් 48,713,743,993ක්). පෙර වසරේ ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඊටත් අඩුයි (රුපියල් 38,480,375,114ක් පමණයි). ඉහත මුදල 2021 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.28%ක් පමණයි. රාජ්‍ය වියදම් වලින් 1.38%ක් පමණයි.
    රුපියල් බිලියන 38.5ක් හෝ 48.7 වැනි මුදලක් කොපමණ සොච්චම් ආදායමක්ද යන්න සතියකට රජය විසින් භාණ්ඩාගාර බිල්පත් විකුණා ණයට ගන්නා මුදලම වුවත් රුපියල් බිලියන 90ක් පමණ වීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙවසරේම රජය එකතු කළ පුද්ගල ආදායම් බදු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රජයේ සතියක ණය අවශ්‍යතාවය සදහා පමණයි.

    දැන් සිදු කර තිබෙන බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වෙයිද?

    ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ 2019 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ ආදායම් උපයන්නන් සේ ගැනෙන පිරිස මිලියන 10.29ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් 90%ක්ම රුපියල් 79,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. 95%ක්ම රුපියල් 115,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව, පුද්ගලයෙකු ජීවත්වන තමන්ට අයිති නිවස කුලියට දීමෙන් ඉපැයිය හැකි උපකල්පිත ආදායම වැනි මුදල් නොවන ආදායම්ද ආදායම් සේ සැලකෙනවා. එහෙත්, එවැනි මුදල් නොවන ආදයම් මත බදු අය කෙරෙන්නේ නැහැ. මුදල් ආදායම් කොටස සාමාන්‍ය වශයෙන් මුළු ආදායමෙන් 85.1%ක් පමණයි.
    මේ අනුව, රටේ ආදායම් උපයන්නන්ගෙන් 95%කගේම මාසික ආදායම රුපියල් 97,865කට වඩා අඩුයි. ඊට වඩා වැඩි ආදායමක් උපයන අය ඉන්නේ 514,000ක් පමණයි. මේ පිරිසගේ ආදායම 2019 මට්ටම ආසන්නයේම (රුපියල් 100,000 මට්ටමේ ) ඇතැයි සිතුවොත් බදු ඉහළ යාම බලපාන්නේ රටේ ජනගහණයෙන් 2.4%ක් පමණ වන මෙම පිරිසටයි. බොහෝ දෙනෙක් කියන විදිහට ආර්ථික අර්බුදය නිසා මේ අයගේ ආදායම් අඩු වී ඇත්නම් ඉහත ප්‍රමාණය තවත් අඩු විය හැකියි. එහෙත්. මා එසේ සිතන්නේ නැහැ. මා හිතන පරිදි මෙම ප්‍රමාණය මේ වන විට මීට වඩා යම් තරමකින් හෝ වැඩි වී තිබිය යුතුයි. එහෙත්, රටේ ජනගහණයෙන් 95%කටවත් මේ බදු වැඩි කිරීමේ බලපෑමක් නැහැ.

    ඉහත ඇස්තමේන්තුව මත පදනම් වුවහොත් දැනට පුද්ගල ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ තුනකට අඩු පිරිස තවත් ලක්ෂ දෙකකින් පමණ වැඩි වීමට නියමිතයි. පසුගිය දෙවසර තුළ ආදායම් ඉහළ යාම සැලකූ විට මෙම වැඩිවීම ලක්ෂ හතරක් හෝ පහක් විය හැකියි. ඒ පිරිස, තව දුරටත් රටේ ඉහළම ආදායම් ලබන පිරිසයි.

    මේ වන විටත් ආදායම් බදු ගෙවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ පහක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි. අලුත් බදු ක්‍රමය යටතේ එවැන්නෙකු විසින් ගෙවිය යුතු වාර්ෂික බදු ප්‍රමාණය රුපියල් 180,000 සිට රුපියල් 1,278,000 දක්වා 7.1 ගුණයකින් ඉහළ යනවා. මේ අනුව, රුපියල් බිලියන 50 පමණ සීමාවක රැඳී ඇති පුද්ගල අදායම් බදු ලැබීම් රුපියල් බිලියන 350 පමණ දක්වා ඉහළ යනවා. මෙය රුපියල් බිලියන 300ක පමණ වැඩි වීමක්.
    කලින් බදු නොගෙවූ, දැන් ගෙවන්නට සිදුවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 150,000ක් සේ පමණ සැලකුවොත්, එක් අයෙකුට රුපියල් 42,000ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මෙවැනි අය ලක්ෂ පහක් අලුතෙන් බදු දැලට අහු වුනත් රජයේ බදු ආදායම ඉහළ යන්නේ රුපියල් බිලියන 21කින් පමණයි. එය සොච්චමක් බව කිව යුතු නැහැ. මේ දෙවන කාණ්ඩය නිසා රටේ බදු විනය ඇති කිරීමේ වාසිය මිස රජයට ක්ෂණිකව විශාල ආදායමක් ලැබෙන්නේ නැහැ.
    සමස්ත චිත්‍රය දෙස බැලූ විට බදු සංශෝධනයේ බර වැඩිපුරම වගේ වැටී තිබෙන්නේ දැනටත් බදු ගෙවන, ඉහළම ආදායම් ලබන 1-2%ක පමණ පිරිසක් මතයි. එයින් ඔවුන්ගේ පරිභෝජනය මත තිරිංග වැටෙන එකක් නැහැ. මේ බදු ගෙවීමෙන් පසුවත් ඔවුන්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වාගෙන යා හැකියි. ආයෝජන කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි වුවත් එය රටට දරාගත නොහැකි එකක් වීමේ ඉඩක් නැහැ. අනෙක් අතට නැවත අලුතෙන් බදු දැලට අසු වෙන අයට ගෙවන්නට සිදු වන බදු මුදල නිසා ඔවුන්ගේ පරිභෝජනය යම් තරමකින් සීමා විය හැකියි.
    රජයේ ආදායම් රුපියල් බිලියන 320කින් පමණ ඉහළ ගියා කියා සමස්ත චිත්‍රයේ විශාල වෙනසක් වෙන්නෙත් නැහැ. රුපියල් ට්‍රිලියන දෙකක පමණ අයවැය හිඟයට එයින් ලැබෙන්නේ පොඩි සහනයක්. එහෙත් අයවැය හිඟය අඩු කර ගන්න එක තනි ක්‍රියාමාර්ගයකින් පමණක් කළ නොහැකි දෙයක්. ඒ සඳහා මේ ආකාරයේ ආදායම් වැඩි කරගැනීම් එකින් එක කරන්නම වෙනවා. වියදම් පාලනය ගැනත් හිතන්න වෙනවා.
    නැවතත් බදු දැලට අසුවන කණ්ඩායම රටේ ජනගහණයෙන් 2-3%කට නොවැඩි පිරිසක් වුවත්, ඔවුන් දේශපාලනික ලෙස බලවත්ම කණ්ඩායමක්. මේ පිරිස අරගලයේද ගාමක බලවේගයක්ව සිටියා. සෘජු බදු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි විපක්ෂයේ පක්ෂ වලට හදිසියේම බදු විරෝධයක් පහළ වී තිබෙන්නේ මේ කණ්ඩායම සතු දේශපාලන බලය නිසයි.

    -

    Income Tax - 2022 Calculator​

    https://payetax.netlify.app/
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    Comments:

    නමුත් ඔතන පීඩාවට පත් වෙන තව කොටසක් ඉන්නවා. මගේ අදහස අනුව වයස අවුරුදු 30 - 50 අතර (බොහෝ විට ) පුද්ගලික අංශයේ රැකියා කරන ඉහළ වැටුප් ලබන වෘත්තිකයින්. මෙයින් සාතිශය බහුතරය තම ආදායමට ගලපා නිවාස ණය, වාහන ණය, දරුවන්ගේ අධ්‍යාපන වියදම් වගේ දේවල් කළමණාකරනය කරගන්න දැනටත් බදු ගෙවන පිරිස්. තවත් බොහෝ දුරට සෞඛ්‍ය අවශ්‍යතා පුද්ගලික අංශය මගින් සපුරාගන්නා පිරිස්.

    නමුත් මේ හදිසියේ සිද්ධ වුන බදු ඉහළ දැමීම නිසා මෙන්න මේ කොටසට ලොකු බලපෑමක් වෙනව. ඔවුන්ගේ පරිභෝජනය මත අනිවාර්යෙන්ම තිරිංග වැටෙනවා විතරක් නෙමෙයි බොහෝ විට ඔවුන් ණය ගෙවාගන්න බැරුව අර්බුධකාරී තත්වයකට යන්නත් පුළුවන්.

    ඒකෙ බලපෑම බැංකු පද්ධතිය සහ මූල්‍ය සමාගම් වලට දැනෙන එකක් නැද්ද? අන්තිමේදි රටේ ආර්ථිකයට ඒක දැනෙන එකක් නැද්ද? පුද්ගලික සෞඛ්‍ය සේවාව දාරගන්න අමාරු වෙලා ඔවුනුත් පොදු සෞඛ්‍ය සේවාවලට එනවා හැර වෙන විකල්පයක් නොතිබෙන්න පුලුවන්. එතකොට ඒකෙන් බලපෑම වෙන්නෙත් පොදු සෞඛ්හ්ය සේවාව හැරෙන්න වෙන විකල්ප්යක් නැති පහළ ආදායම් ලබන කොටසට.

    මෙතන ගැටළුව බදු ප්‍රතිසංස්කරණ නෙමෙයි. ඒක කරපු විදියේ කියන එකයි මගේ අදහස. අධි උද්ධමනකාරී වාතාවරණයක භාණ්ඩ හා සේවා මිල දරාගන්න බැරි තරම් ඉහළ ගිහින් තියෙන වෙලාවක, දරාගන්න බැරි තරමට වක්‍ර බදු වැඩි වෙලා තියෙන වෙලාවක මේක එක පාරටම ලොකු මාජින් එකකින් ඉහලට ගෙනියපු එකයි මම නම් මෙතන දකින අවුල. ඔතන තමයි මධ්‍යම පන්තියට බලපෑම එන තැන.

    මේ බදු ප්‍රතිසංස්කරන අනිවාර්යයෙන් සිදු විය යුතුව තිබුන දෙයක්. මම ඒකට එකඟයි. නමුත් එයින් වෙන බලපෑම ගැන හිතල ක්‍රමානුකූලව කරන්න තිබුනා. වක්‍ර බදු සහ ජීවන වියදම ඉතා ඉහල මේ අවස්ථාවේ පොඩි ප්‍රමානයකින් වැඩි කරල ඉලක්කගත කණ්ඩායම් බදු ගෙවන කොටස ඇතුලට ගෙනැල්ලා, වක්‍ර බදු අඩු කරන ගමන් ඍජු බදු ක්‍රමයෙන් ඉහලට ගන්න තිබුනා. එහෙම වුනා නම් ඔබ කියන පරිදි ජනතාව මත ලොකු බලපෑමක් වෙන එකක් නෑ.
    දැන් මේ කරපු එකෙන් මට පේන්නෙ එකම එක ප්‍රතිපලයක් විතරයි. විදේශයන්ට සංක්‍රමණය වෙන ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙලා, අධික බුද්ධිගලනයක් මගින් රටේ දියුණුවටත් බලපෑමක් ඇති වෙලා, ඔය ආණ්ඩුව බලාපොරොත්තු වෙන බදු ආදායමුත් නැති වෙන එක විතරයි.

    More comments

    1. රාජ්ය වියදම් කපා හරින්න කියල සිල්ලර චක්‍රලේඛ ගහල, විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරනව.
    2. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන පැහැදිලි වැඩපිලිවෙලක් නැතුවා මදිවාට තව දුරටත් දෙශපාලන බලාධිකාරයේ මැදිහත්වීමෙන් එම ආයතන හරහා දූෂණ අක්‍රමිකතා කරමින් ජනතාවගේ බදු මුදල් විනාශ කරනවා
    3. ආදායම් බදු ගෙවන කාණ්ඩයට අයත් වෙන රජයේ සේවකයින්ගේ එම බදුත් ජනතා බදු මුදල්ලින් නඩත්තු වෙන එම ආයතන විසින්ම තවමත් ගෙවනවා.
    මේ විදියට ඉදිරිගාමී බදු ප්‍රතිසංස්කරනයක් සිදු වෙයි කියල ඔබ විශ්වාස කරනවාද?

    ------ Post added on Oct 15, 2022 at 12:25 PM

    ජීවන වියදම ඉහළ ගිය මේ වගේ වෙලාවක මේ අධික බද්දක් මහජනයා මත පටවන අතරම, ඇමති මණ්ඩලය පැටව් ගසමින් ඕන ඕන විදියට ජනතාව ගේ මුදල් හූරාකන එක සාධාරණයි කියන්න උත්සාහ කරන්න හොඳ නෑ. සියල්ල ට කලින් ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරීම කල යුතුය. එවන් ආදර්ශයක් නොදුන් පාලකයන් ගෙන්, අවංක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    ------ Post added on Oct 15, 2022 at 12:26 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    25,168
    32,942
    113
    මැදමහනුවර
    nDgx4EP.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,256
    54,601
    113
    මධ්‍යම පන්තිය හාන්සිද?

    ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා.
    පළමු රුපියල් 1,200,000 - 0%
    ඊළඟ රුපියල් 500,000 - 6%
    ඊළඟ රුපියල් 500,000 - 12%
    ඊළඟ රුපියල් 500,000 - 18%
    ඊළඟ රුපියල් 500,000 - 24%
    ඊළඟ රුපියල් 500,000 - 30%
    එතැන් සිට - 36%
    කලින් තිබුණු බදු ක්‍රමය යටතේ බදු ගෙවන්නට සිදු වූ සියල්ලන්නටම අලුත් ක්‍රමය යටතේ වැඩියෙන් බදු ගෙවන්න වෙනවා. ඊට අමතරව, දැනට ආදායම් බදු නොගෙවන සැලකිය යුතු පිරිසකටද බදු ගෙවන්න සිදු වෙනවා. පැවති බදු ක්‍රමය පහත තිබෙනවා.
    පළමු රුපියල් 3,000,000 - 0%
    ඊළඟ රුපියල් 3,000,000 - 6%
    ඊළඟ රුපියල් 3,000,000 - 12%
    එතැන් සිට - 18%
    අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් (රුපියල් 1,200,000 දක්වා) - 0%
    හර්ෂ ද සිල්වාට අනුව මේ බදු වැඩි කිරීම නිසා මධ්‍යම පන්තිය හාන්සියි. මම දකින විදිහටනම් මේ ප්‍රකාශය රනිල් අගමැති වීමෙන් පසුව, සජබට පොදුවේත්, හර්ෂ ද සිල්වාට වැනි අයට විශේෂයෙනුත්, මුහුණ දුන්න සිදු වුනු අනන්‍යතා අර්බුදයේ ප්‍රකාශනයක්. අරගලයේ අවසන් අදියරේදී අරගලකරුවන් හමුවේ සජබ, ජාජබ, 43 බලකාය හා සින්ගියුලරිටි ශ්‍රී ලංකා ව්‍යාපාරය විසින් ලංකාව ගොඩ දමන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. මෙහිදී හා වෙනත් තැන් වලදී සජබ වෙනුවෙන් හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ හා රනිල්ගේ දැන් වැඩ පිළිවෙළ අතර හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කිසිවක් නැහැ.
    වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු වැඩි කර රජය ආදායම් උපයා ගත යුතු බව හර්ෂ ද සිල්වා විසින් නැවත නැවත කියා ඇති දෙයක්. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අවම වැඩ පිළිවෙළ අනුව සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ඉහළ යා යුතුයි.
    "Reintroduce 2017 Inland Revenue Act with necessary amendments to address DSA and restructuring requirements, by (a) broadening VAT tax base and withholding taxes (including capital and service payments); (b) broadening income tax base and reverse decline in number of taxpayer files; and (c) creating a progressive corporate tax regime with the rate increase being gradual."
    මේ වන විට ක්‍රියාත්මක වී තියෙන්නේ හර්ෂ විසින් ඉහත ඉදිරිපත් කර තිබෙන යෝජනා කිහිපයයි.
    ජාජබ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අංගයක් වුණෙත්, ජවිපෙ/ජාජබ පාක්ෂිකයින් දිගින් දිගටම පෙනී සිටියේත් සෘජු බදු වැඩි කිරීම වෙනුවෙන්. රනිල් විසින් දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මේ ජාජබ යෝජනාවයි.
    "ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර."
    - අනුර කුමාර දිසානායක
    ජවිපෙ දැන් කියන්නේනම් බදු පැහැර හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි. :lol:

    අලුත් බදු හා පැවති බදු අතර වෙනස විශාල වුවත්, 2019 දක්වා පැවති බදු හා අලුත් බදු අතර ඒ තරම්ම වෙනසක් නැහැ. පහත තිබෙන්නේ 2020 බදු සංශෝධනයට පෙර පැවති බදු ක්‍රමයයි.
    පළමු රුපියල් 500,000 - 0%
    ඊළඟ රුපියල් 600,000 - 4%
    ඊළඟ රුපියල් 600,000 - 8%
    ඊළඟ රුපියල් 600,000 - 12%
    ඊළඟ රුපියල් 600,000 - 16%
    ඊළඟ රුපියල් 600,000 - 20%
    එතැන් සිට - 24%

    Income Tax - 2022 Calculator​

    https://payetax.netlify.app/
    Comments:

    නමුත් ඔතන පීඩාවට පත් වෙන තව කොටසක් ඉන්නවා. මගේ අදහස අනුව වයස අවුරුදු 30 - 50 අතර (බොහෝ විට ) පුද්ගලික අංශයේ රැකියා කරන ඉහළ වැටුප් ලබන වෘත්තිකයින්. මෙයින් සාතිශය බහුතරය තම ආදායමට ගලපා නිවාස ණය, වාහන ණය, දරුවන්ගේ අධ්‍යාපන වියදම් වගේ දේවල් කළමණාකරනය කරගන්න දැනටත් බදු ගෙවන පිරිස්. තවත් බොහෝ දුරට සෞඛ්‍ය අවශ්‍යතා පුද්ගලික අංශය මගින් සපුරාගන්නා පිරිස්.

    නමුත් මේ හදිසියේ සිද්ධ වුන බදු ඉහළ දැමීම නිසා මෙන්න මේ කොටසට ලොකු බලපෑමක් වෙනව. ඔවුන්ගේ පරිභෝජනය මත අනිවාර්යෙන්ම තිරිංග වැටෙනවා විතරක් නෙමෙයි බොහෝ විට ඔවුන් ණය ගෙවාගන්න බැරුව අර්බුධකාරී තත්වයකට යන්නත් පුළුවන්.

    ඒකෙ බලපෑම බැංකු පද්ධතිය සහ මූල්‍ය සමාගම් වලට දැනෙන එකක් නැද්ද? අන්තිමේදි රටේ ආර්ථිකයට ඒක දැනෙන එකක් නැද්ද? පුද්ගලික සෞඛ්‍ය සේවාව දාරගන්න අමාරු වෙලා ඔවුනුත් පොදු සෞඛ්‍ය සේවාවලට එනවා හැර වෙන විකල්පයක් නොතිබෙන්න පුලුවන්. එතකොට ඒකෙන් බලපෑම වෙන්නෙත් පොදු සෞඛ්හ්ය සේවාව හැරෙන්න වෙන විකල්ප්යක් නැති පහළ ආදායම් ලබන කොටසට.

    මෙතන ගැටළුව බදු ප්‍රතිසංස්කරණ නෙමෙයි. ඒක කරපු විදියේ කියන එකයි මගේ අදහස. අධි උද්ධමනකාරී වාතාවරණයක භාණ්ඩ හා සේවා මිල දරාගන්න බැරි තරම් ඉහළ ගිහින් තියෙන වෙලාවක, දරාගන්න බැරි තරමට වක්‍ර බදු වැඩි වෙලා තියෙන වෙලාවක මේක එක පාරටම ලොකු මාජින් එකකින් ඉහලට ගෙනියපු එකයි මම නම් මෙතන දකින අවුල. ඔතන තමයි මධ්‍යම පන්තියට බලපෑම එන තැන.

    මේ බදු ප්‍රතිසංස්කරන අනිවාර්යයෙන් සිදු විය යුතුව තිබුන දෙයක්. මම ඒකට එකඟයි. නමුත් එයින් වෙන බලපෑම ගැන හිතල ක්‍රමානුකූලව කරන්න තිබුනා. වක්‍ර බදු සහ ජීවන වියදම ඉතා ඉහල මේ අවස්ථාවේ පොඩි ප්‍රමානයකින් වැඩි කරල ඉලක්කගත කණ්ඩායම් බදු ගෙවන කොටස ඇතුලට ගෙනැල්ලා, වක්‍ර බදු අඩු කරන ගමන් ඍජු බදු ක්‍රමයෙන් ඉහලට ගන්න තිබුනා. එහෙම වුනා නම් ඔබ කියන පරිදි ජනතාව මත ලොකු බලපෑමක් වෙන එකක් නෑ.
    දැන් මේ කරපු එකෙන් මට පේන්නෙ එකම එක ප්‍රතිපලයක් විතරයි. විදේශයන්ට සංක්‍රමණය වෙන ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙලා, අධික බුද්ධිගලනයක් මගින් රටේ දියුණුවටත් බලපෑමක් ඇති වෙලා, ඔය ආණ්ඩුව බලාපොරොත්තු වෙන බදු ආදායමුත් නැති වෙන එක විතරයි.

    More comments

    1. රාජ්ය වියදම් කපා හරින්න කියල සිල්ලර චක්‍රලේඛ ගහල, විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරනව.
    2. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන පැහැදිලි වැඩපිලිවෙලක් නැතුවා මදිවාට තව දුරටත් දෙශපාලන බලාධිකාරයේ මැදිහත්වීමෙන් එම ආයතන හරහා දූෂණ අක්‍රමිකතා කරමින් ජනතාවගේ බදු මුදල් විනාශ කරනවා
    3. ආදායම් බදු ගෙවන කාණ්ඩයට අයත් වෙන රජයේ සේවකයින්ගේ එම බදුත් ජනතා බදු මුදල්ලින් නඩත්තු වෙන එම ආයතන විසින්ම තවමත් ගෙවනවා.
    මේ විදියට ඉදිරිගාමී බදු ප්‍රතිසංස්කරනයක් සිදු වෙයි කියල ඔබ විශ්වාස කරනවාද?

    ------ Post added on Oct 15, 2022 at 12:25 PM

    ජීවන වියදම ඉහළ ගිය මේ වගේ වෙලාවක මේ අධික බද්දක් මහජනයා මත පටවන අතරම, ඇමති මණ්ඩලය පැටව් ගසමින් ඕන ඕන විදියට ජනතාව ගේ මුදල් හූරාකන එක සාධාරණයි කියන්න උත්සාහ කරන්න හොඳ නෑ. සියල්ල ට කලින් ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරීම කල යුතුය. එවන් ආදර්ශයක් නොදුන් පාලකයන් ගෙන්, අවංක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    ------ Post added on Oct 15, 2022 at 12:26 PM
    owa justify karana pakeerlata kiyanne
    Oya tax gewana godak un tax walin ena benifits use karanne ne.

    Eg: Godak un pvt channel karanne, Travel karanne unge waahan walin (ewala tax hitan un gewanawa), School karanne godak welawata international/private, Api wage un personal funds daala gedarata current aran tiyenawajob eka karanna puluwan wenna.

    So pena widiyata tax karana eka fair ne. Ekko eken ena money walin fund karana project define karanna ona. Nathuwa kohewath yana pin bathala set ekakata kanna denawanam terumak ne.
     
    aniwaryen tax ganna wenawa me welawe IMF eke support eka ganna nam. e wunata me minissu kiyana dewal atta. government benefits pawichchi kale na kiyala rataka tax nogewa inna ba. anika onama rataka innawa sahana labenna ona kotasak. lankawe wenne ganna tax eken parlimenthuwa nadaththu karana ekane. ekai minissunta wadipurama awul mama hitanne. e moka wunat rajya adayama wadi kara gatte natnam rata iwaretama iwarai

    Rajapakala rata genath daapu thana thama eka
     
    • Like
    Reactions: Tharaka25

    You don't get the point. tax walin benifit ganne ne newi ban ganna be. Mokada ewa okkoma sahanadaara widiyata yanne wadakata nathi hukannalata. eg: meke inna ara @AnuradhaRa wage melo wadakata nathi un nadatthu wenne owalin. ewa kawadawath health care develop karanna, transport develop karanne ne

    Etakota umbata kiyanna be use karanne ne kiyala nogewa inna be kiyala.
     
    owu. Tax kiyanne ehemai. gewannama wenawa. koi ratata giyath income eka anuwa tax eka gewanna wenawa. Lankawe awula tax gewanne harima limited pirisak witarai. lankawe threwheel porak, bas kenek, me hamoma lakseta wada hoyanawa. eth e kisima kenek tax gewanne na. ewa thama wenas wenna oney

    minissu tax nogewa anduwata IMF deal eka close kara ganna bari wunoth mokada wenne?
     
    Huththo, tax gewana ekey newi pako aula, gewana tax eka use wenna mokatada kiyana ekei aula.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    Huththo, tax gewana ekey newi pako aula, gewana tax eka use wenna mokatada kiyana ekei aula.
    pako, use wena eka awul kiyala hama ekama dannawa. ekane hutto ratata mehema wela tiyenne. me welawe tax gewwe natnam ratama kada watenawa kiyana ekai prashne. kawuruth kamati tax nogewa inna. eth dan tiyena tatwe anuwa tax nathuwa kohomada rata me prashnen eliyata ganne? wena option ekak tiyenawa da pako?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,256
    54,601
    113
    pako, use wena eka awul kiyala hama ekama dannawa. ekane hutto ratata mehema wela tiyenne. me welawe tax gewwe natnam ratama kada watenawa kiyana ekai prashne. kawuruth kamati tax nogewa inna. eth dan tiyena tatwe anuwa tax nathuwa kohomada rata me prashnen eliyata ganne? wena option ekak tiyenawa da pako?
    Rata goda daana eka awilla equally available facilities use karan hamba karana unge wadakda? Etakota pinata kaka bibi indan waasi wena paththata (wadima free goodies dena unta) vote karan rata hukola daana pin bathalage wadak newida?

    Ekai minisunta tiyena aula.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    Rata goda daana eka awilla equally available facilities use karan hamba karana unge wadakda? Etakota pinata kaka bibi indan waasi wena paththata (wadima free goodies dena unta) vote karan rata hukola daana pin bathalage wadak newida?

    Ekai minisunta tiyena aula.
    atta. hama ekatama wagakeema tiyenawa. habai dan tiyena prashne hatiyata owa practical na. ehema loku seen danna kalayak na. Gobba Rajapaksala 2020 wath IMF giya nam adath gobba Rajapaksala rata palanaya karanawa.. ewun ge decision hinda ada rata tiyenne gini kandak uda. dan ithin optimum solution kiyala ekak na.. me wage ewa thama issarahata wenne
     
    • Like
    Reactions: shenat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,879
    5,151
    113
    මුන්ට චන්දෙ දෙන උන්ට කෙලවෙනවානම් තව මොනවද හොද වැඩේ හැමදාම හැත්තට කඩේ යනවට මෙකෙන්වත් හැදුනොත් හොදයි
     
    Similar threads