සරදියෙල් ගම්මානය බලන්න මම මීට කලින් 2016 වසරෙත් ගිහින් තිබුනා. ඉතින් ඊට පසුත් මේ ගම්මානයට තව අලුත් දේවල් එකතු කරලා තිබෙනවා. ඉතින් ආපහු මේ ගම්මානය පැත්තේ යන්න හිතුවා. උදේ 6.45 ට විතර කිරිබත්ගොඩට ඇවිත්, කෙටි කෑමක් කාලා බස් හෝල්ට් එකේ හිටියා. උදේ 7 ට ආව මහනුවර යන බස් එකක නැගලා වාඩි උනා. රු.330 ක ටිකට් ගත්තා මාවනැල්ලට, කෑගල්ල පහු උනාම ගූගල් මැප් බලන්, උදේ 9.15 ට උතුවන්කන්ද හන්දියෙන් බැස්සා . ඊට පස්සේ ආපස්සට ටික දුරක් පයින් ගියාම සරදියෙල් ගම්මානයට යන පාර තියනවා. එතන බෝඩ් එකකුත් ගහලා තියනවා. එතැන ඉදලා කි.මි 1 ක විතර දුරක් තියෙන්නේ. ලස්සන වෙල් යායක් පහු කරලා මම දිගටම පයින් ගියා. ඈතින් සූර සරදියෙල් සැගව හිටිය උතුවන්කන්ද පේන්න තිබෙනවා. වෙල් යාය පහු උනයින් පස්සේ කදුකර පාරක යන්න තියෙන්නෙ.. ඉතින් මෙහෙම පයින් ගිහින් විනාඩි 15 කින් විතර මම සරදියෙල් ගම්මානයේ ටිකට් කවුන්ටරය ලගට ගියා. රු.160 ක ටිකට් එකක් අරන් ඇතුල් වෙලා, ගම්මානය පුරාම ඇවිද්දා, සරදියෙල් වාසය කරන කාලෙයේ තිබුනු ගැමි පරිසරය / සරදියෙල් ජීවත් ව සිටි කාලයේ සිදු වුන සත්ය සිදු විම් කීපයකුත් තමයි මෙහි ප්‍රතිමා විදිහට සකස් කරලා තියෙන්නෙ. මේවා ගැන සියලුම විස්තර කිරීම් ලබා දීමටද එහි නිලධාරිනියන් ඉන්නවා. පහත වීඩියෝව බලන්න සියලුම දේවල් බලා ගන්න පුලුවන්. පාසැල් යන ළමුන්ට ගොඩක් වැදගත් ස්ථානයක් මේ ගම්මානය. අපේ පැරණි ගම ගැන තොරතුරු දැක ගන්න පුලුවන්. මේ ගම්මානයේ අග කොටසේ රිසෝට් එකක් තිබෙනවා. ඊට එහා කන්ද උඩ අලුතින් ඉදි කරලා තියන පිහිනුම් තටාකයක්ද සහිත ඉතා ලස්සන ස්ථානයක් තිබෙනවා. ඒතනට උතුවන්කන්ද හා ඒ අවට ඉතාමත් ලස්සනට පේනවා. ඉතින් දවසක් ගත කරන්න හොද ලස්සන තැනක්... ඉතින් ළමා, වැඩිහිටි පවුලේ ඔක්කොම එක්ක මේ සරදියෙල් ගම්මානය පැත්තේ ගිහින් බලන්න.
.
* විනාඩි 15 ක වීඩියෝව බලන්න :
.
* කිරිබත්ගොඩ - මාවනැල්ල (බස්) = රු.330 | පැය 2 යි. විනාඩි 15 යි.
* උතුවන්කන්ද හන්දිය - සරදියෙල් ගම්මානය (පයින්) = විනාඩි 15-20
.
* ටිකට් වැඩිහිටි = රු.160/-
* ටිකට් ළමා = රු.80/-
* විදේශිකයන්ට = රු.1000/- & 500/-
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න... පසුගිය සියලුම සංචාරයන් Index >>>>
.
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Saradiel Village-Uthuwankanda-Mawanella
.
* විනාඩි 15 ක වීඩියෝව බලන්න :
.
* කිරිබත්ගොඩ - මාවනැල්ල (බස්) = රු.330 | පැය 2 යි. විනාඩි 15 යි.
* උතුවන්කන්ද හන්දිය - සරදියෙල් ගම්මානය (පයින්) = විනාඩි 15-20
.
* ටිකට් වැඩිහිටි = රු.160/-
* ටිකට් ළමා = රු.80/-
* විදේශිකයන්ට = රු.1000/- & 500/-
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න... පසුගිය සියලුම සංචාරයන් Index >>>>
.
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
Saradiel Village-Uthuwankanda-Mawanella