බැද්දගාන තෙත් බිම් උද්‍යානය | Beddagana Wetland Park

PASAN147

Well-known member
  • Oct 19, 2006
    789
    1,362
    93
    Heiyanthuduwa - Kelaniya
    මේ උද්‍යානය, කොළඹ දිස්ත්‍රික්කයේ, ශ්‍රී ජයවර්ධන්පුර කෝට්ටේ තියන ලස්සන තෙත් බිම් උද්‍යානයක්. 2016 වසරේ තමයි විවෘත කලේ.. මම මේ උද්‍යානයට 2017 වසරේදී ගිහින් තිබුනා.. ඉතින් පසුගිය දවසක ආපහු යන්න හිතුනා.. බොරැල්ලෙන් අංක 153 නවරෝහල බස් එකේ නැගලා බැද්දගාන හන්දියට රු.45 ක ටිකට් ගත්තා. විනාඩි 20 කින් බැද්දගාන හන්දියට ආවම බස් එකෙන් බැහැලා, වම් පැත්තට තියන බැද්දගාන පාරේ ටික දුරක් පයින් ගිහින්, තවත් වමට ඇති පාරකින් ගියාම, බැද්දගාන තෙත් බිම් උද්‍යානය දැක ගන්න පුලුවන්. වාහන නවත්වන්න පුලුවන් විශාල පාකින් එකක් තියනවා මේ උද්‍යානයට. කන්ටේනර් පෙට්ටියක තියන ටිකට් කවුන්ටරෙන් රු.200 ක ටිකට් එකක් අරන්, උද්‍යාන පිවිසුමෙන් ඇතුල් වෙලා කැලෑව අතරින් දිගටම ගියා. හරි නිහඩ වටපිටාවක් තියෙන්නේ.. වගුරු බිම් මතින් ලී වලින් පාලම් හදලා තියනව. ඒවා මතින් ගමන් කරන්න තියෙන්නෙ.. හරි ලස්සන වට පිටාවක්. ඵල වීඩියෝව බලන්න.. පුවරු මගින් අවට දැකිය හැකි පක්ෂීන්, සමනලුන් ගැණ ඡායාරූප එක්ක තියනවා. කුරුල්ලන් බලන්න නම් අව්ව නැති උදේ කාලේ හෝ හවසක එන්න ඕනා.. ඉර නැගෙන බැසයන හවස සුන්දරත්වය බලා ගන්න නැරඹුම් මැදිරි කිහිපයක්ම තියනවා.. උද්‍යානය මැද ඇති උස නැරඹුම් මැදිරියට ගියාම අවට නගරයත්, උද්‍යානයත් බලා ගන්න පුලුවන්.
    .
    * කෙටි වීඩියෝව බලන්න (විනාඩි 10) :


    .
    * ටිකට් රු.200 / රු.100
    * උදේ 6 සිට හවස 5 දක්වා දිනපතා විවෘතයි.
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .

    .
    Solo Travel King | Sri Lanka.