ඕක ඉතින් හුඟදෙනෙකුට කියන්න පුලුවන්, යුද්ධය තියන නිසා හැමදේම වැඩි වෙනව, ඉක්මනට අපනයනය වැඩි කරනත් බෑ එතකොට අපි වගේ හුලඟට වැනෙන, හැම දේම වගේ ආනයනය කරන රටවල් තවත් දුර්වල වෙනව.
විසඳුම හැටියට කියන්නෙ ඩොලරය පා කරන්න, වියදමට අනුරූපීව මිල නියම කරන්න. දෙකෙන්ම වෙන්නෙ එකම ප්‍රතිඵලය.
ආණ්ඩුව ඉතින් එක එක ක්‍රම වලට අමුඩය ගහල බලනව ශොක් එක අඩු කරන්න.
විපක්ෂ කණ්ඩායම් බොරදියේ මාළු බානව බලය ලබාගැනීමට.
මිනිස්සුන්ට දරාගන්න බැරිවෙනකොට ආණ්ඩු මාරුකරනව, ඊට පස්සෙ එයාලත් අතහදා බලනව.
ඕක තමයි විෂම චක්‍රය.
නිශ්පාදනය වැඩි වෙන්න ඕන රට තුල, විදේශ විනිමය ලැබෙන කර්මාන්ත ඇතිවෙන්න ඕන වෙන වෙන සරල විසඳුමක් නෑ.