යෝෂිත අවුරුදු කීයකට වගේ ඇතුළට යයි ද? අඩුම අවුරුදු 5ක්?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,503
    13,178
    113
    🌎
    622345643-122157865574901609-457966117859158412-n.jpg
     
    • Haha
    Reactions: CohenLenstra

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta

    යෝෂිතට ඇප...​


    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


    කෙසේ වුවද, පනවා ඇති ඇප කොන්දේසි යටතේ ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය පියවර ගෙන ඇත.

    යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇතුළත් වීමේදී සිදුවූ වංචනික ක්‍රියාවන් සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලැබීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

    ඊයේ (16) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මින් පෙර දැනුම් දී තිබුණද, එදින අභියාචනාධිකරණයේ පැවැති නඩුවක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව ඔහු ලිඛිතව දන්වා තිබූ අතර, ඒ අනුව අද (17) උදෑසන කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

    මෙම සිදුවීමට අදාළව එවකට නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ මහතාටද ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.