අද කොළඹ ගිහින් එද්දි උන සිද්ධියක් පානදුරේ නුවර බස් එකකට මං නගිනවා බත්තරමුල්ලෙන් .. සාදුලා දෙන්නෙකුත් නගිනවා ඒ දෙන්නට දුර යන දෙන්නෙක් නැගිටලා සීට් එකක් දෙනවා ...
මාළබේ හරියෙන් තව සාදුලා දෙන්නෙක් නගිනවා ඒ දෙන්නටත් බස් එකේ අනිත් පැත්තේ ඉස්සරහා සීට් එක දෙනවා තව දෙන්නෙක් නැගිටලා..
කඩුවෙලින් තව සිල් මෑණි කෙනෙක් නගිනවා එයාටත් සීට් එකක් දෙනවා කෙනෙක් ..
ඔන්න ඒ හරියෙන්ම තව සාදුලා දෙන්නෙක් නගිනවා දැන් අර සාදුලගේ සීට් එකේ පිටිපස්සෙ සීට් එකේ දෙන්නෙක් නැගිටිනවා බෑග් දෙකත් අතට අරන් ...
සාදුලා හතර දෙනාම තරුනයි අර අන්තිම සීට් එක දුන්න වයසක ( අවු 70 ) විතර මහත්තයා අමාරුවෙන් එයාගේ බෑග් එක අතින් එල්ලන් හිටගෙන යනවා..
සාදුලනේ 7 නමක් ම... කමක් නෑ කියමුකෝ ඒත් මේ සාදුලට අකැපද දන්නෑ නේද අර සීට් එක දුන්න වයසක මහත්තයගේ අමාරුවෙන් උස්සන් යන බෑග් එක අතට ගන්න
සාදුලා 6 නමම ෆෝන් ඔබ ඔබ යනවා ටිකකින් පේනවා...
ඒත් අර වයසක අන්කල් නුවරට යන්න අමාරුවෙන් එල්ලිලා යනවා බෑග් එක අතකින් එල්ලන් අනිත් අතින් බස් එකේ පොල්ලේ එල්ලිලා .. බෑග් එක සාදුගේ ඔඩොක්කුවට ගෑවෙද්දී සාදු අකමැත්තෙන් ඈත් වෙනවා හරියට සාදු පානදුරෙන් නැගලා ඉදන් ඉද්දි අර අන්කල් මාළඹෙන් නැගලා අතේ බෑග් එක හාමුදුරුවන්ට දෙයි කියලා වගේ....
සාදුලාට සීට් එක දුන්න දායකයින්ගේ බෑග් එකක් අතේ තියාගත්තොත් අකැපයි කියලා බුදු සාදු කිව්වද කව්ද දන්නේ නේද?
ආ.. කියන්න බැරි උනා දායක සභාවට බෑග් රැක් එකේ ඉඩ තිබ්බේ නෑ ...
සාදුලා අකැප දේවල් කරන්නෙම නෑනේ
උපුටාගැනීමකි.