අර බස් එකේ ඉඳලා බේරිච්ච ඩයල් එකක් ලියපු සීන් එක 🥲🥲🥲

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,775
    113
    Copied - Janith Shyaminda



    කතරගම කුරුණෑගල බස් රථයේ රම්බොඩ ඛේදවාචකයට මුහුණදුනිමි! 💔

    දැන් අවුරුදු එකහමාරක් තිස්සේ වයඹ කැම්පස් එකේ මාකඳුර පරිශ්‍රයේ තියෙන කෘෂිකර්ම පීඨයට යන මම පාන්දර 12-1 ඉඳන් ඇහැරන් ඉන්න නිසාම හිටගෙනත් නිදාගෙන යන එක පුරුද්දක් වෙලා තිබුණෙ. සාමාන්‍යයෙන් සති 3කට එක් ඉරිදා දිනක් විභාග සඳහා පෙනීසිටීමට මම කැම්පස් එකට අනිවාර්‍යෙන් යා යුතු වුනා. උදේ 9 වෙද්දි කැම්පස් එකේ ඉන්නනම් මට තිබුණ එකම විකල්පය මේ බස් එක විතරයි. මීට පෙර කිහිපවතාවක් විභාගයට පෙරදින නුවරට ගොස් නතර වී කැම්පස් ගියත් මගේ රැකියාවත් සමග කාලය කළමනාකරණය කරගැනීම මට අතිශය වැදගත් උනා. ඒ නිසාම පැය 24ක් තුළ කැම්පස් ගිහින් එක්සෑම් ලියල ඇවිත් ආපහු රැකියාව කරන්න ඕනි නිසා මට කතරගම බස් එකේ යන එක සහ ආපසු එන එක තමා තිබුණ පහසුම දේ.
    ඊයේ Plant nutrients and fertilizer management සබ්ජෙක්ට් එකේ එක්සෑම් එක තිබුණ දවස. පාන්දර 1 ට ඇහැරිලා වැලිමඩ ස්ටෑන්ඩ් එකට 2 වෙද්දි ඇවිත් හිටියත් බස් එක වෙනදට වඩා ප්‍රමාදයකින් තමා ආවෙ. අපේ කැම්පස් එකටම යන බදුල්ලෙ අක්ක කෙනෙකුත් බණ්ඩාරවෙලින් බස් එකට නගින නිසා එයා මැසේජ් එකක් දාල තිබුන බස් එකේ අද වාඩිවෙන්න ඉඩක් නෑ කියල. ඉතින් කොහොමත් සමහර දවස්වලට වැලිමඩ ඉඳන් කුරුණෑගලටම හිටගෙන යන අපිට ඕක අමුත්තක් උනේ නෑ.. විශේෂයෙන් දීර්ඝ සති අන්ත නිවාඩුවක් වැටෙන සතිවල කතරගම කුරුණෑගල බස් එකේ කටකපල සෙනග කොහොමටත් ඉන්නවා.

    වෙනදා හැමදාම බස් එකේ ඩ්‍රයිවින් සීට් එක ගාව වම් පැත්තෙ අයිනෙ ගුලිවෙලා හිටගෙන නිදාගෙන යන මම ඊයෙත් ඉස්සරහ ෆුට්බෝඩ් එක ගාවට ගියත් ක්ෂණිකව ආව සිතුවිල්ලක් එක්ක පිටිපස්සෙ දොරෙන් බස් රථයට ගොඩ උනේ ඇයි කියන්න තාම දන්නෙ නෑ. පිටිපස්සෙ සීට් එකේ ඉඳන් දකුණු පැත්තෙ තුන හෝ හතර සීට් එක ගාව නතර උන මගේ බෑග් එක ඒ සීට් එකේ හිටිය ඇන්ටි කෙනෙක්ට දුන්නත් එයා බෑග් එක තියාගන්න බැහැ කිව්ව නිසා ඒක අතේ තියාගන්නව හැරෙන්න මට විකල්පයක් තිබුණෙ නැහැ. උඩ රැක් සම්පූර්ණයෙන් පිරිල ඉවරයි ඒ වෙනකොටත්. අනිත් එක ඒ වෙලාවෙ මගේ HP කළු බැක්පැක් එකේ තිබුණ මගේ සැම්සුන්ග් ටැබ් එකයි, කැම්පස් එකට එදා විභාගයට කලින් සබ්මිට් කරන්න තිබුණ එසයිමන්ට් එකයි නිසා බෑග් එක දුර සීට් එකක කෙනෙක් අතට දෙන්න බය හිතුනා. ඒත් බස් එක 2.45ට අද්දන්න ළංවෙලා ඈ ඇන්ටි මම පව් කියල බෑග් එක ගමු කියල එයාගෙ ළඟ හිටිය අනිත් ඇන්ටි එක්ක කියල බෑග් එක ඉල්ලල උකුල උඩින් තියාගත්‍තා. නුවරඑළිය කිට්ටුවට යද්දි වෙන්න ඕනි මගේ මතකෙ හරිනම් ඒ තුනේ සීට් එකේ මෙහා පැත්තෙ කෙලවරේ ඉඳන් හිටිය අංකල් බස් එකෙන් බැස්සත්, මට එහාපැත්තෙ හිටගෙන හිටිය මල්ලි කෙනෙක් මට කලින් එයාගෙ බෑග් එක සීට් එකට අතෑරිය. ඒත් අර ඇන්ටිල දෙන්න මට එතනින් වාඩිවෙන්න කීවෙ බෑග් එක මට දීල එයාලට නිදහස් වෙන්න ඕනි උන නිසා කියල මං දන්නව. ඒ මල්ලිත් ඒ වෙලේ මං වාඩිවෙනවද ඇහුවත් මං එයාට ඉඩදුන්න. ඊටපස්සෙ එයා නුවරින් බහින බවත් ඊටපසු මට වාඩිවිය හැකි බවත් කියල වාඩිඋනා.
    නුවරඑළිය ටවුම පාස්උනාට පස්සෙ මට නින්ද ගිහින් තිබුණත් අඩනින්දෙන් වගේ බස් එක නුවරඑළිය පහුකරල යන කඳු වල වංගු ගද්දි කියාගන්න බැරි අමුත්තක් දැනුනා.

    කොහොම උනත් බස් එකේ ගමන පොඩ්ඩක් වෙනස් වී ප්‍රපාතයකට ඇදෙමින් පවතින බව ඇඟට දැනෙද්දිම තමා මට ඇහැරුණේ.. එතකොට නිදාගෙන හිටිය ගොඩක් අය ඇහැරලා විලාපදෙන්න පටන් අරන් තිබුණේ. මුලින්ම ඉතා සෙමින් පැද්දෙමින් ප්‍රපාතයට ඇදුනු බස් රථය ඉතාම කුඩා වේලාවක් තුළ පහළට පෙරලෙන්න පටන්ගත්තා.
    ඒ ඇදවැටෙන මොහොතේ මිනිසුන්ගේ විලාපය මට තාමත් ඇහෙනවා වගේ. ජීවිතය අත් හරිනවා හැර කිසිම විකල්පයක් තිබුණෙ නැහැ.ජීවිතයේ කිසිම කලෙක මුහුණ නොදුන් අතිශය හිස් බවක් විතරයි හිතේ තිබුණේ..කොයි මොහොතේ හෝ බස් එකේ කොටසකින් මගේ ඇඟ පොඩිපට්ටම් වෙන බව විතරක් හිතට දැනුනා. අන්තිමේ බස් රථයත් සමගම පෙරලුනු මම සහ තව ඉතාම සුළුපිරිසක් පමණක් බසය උඩුයටිකුරු වුවත් දෙපයින් සිටගෙන සිහියෙන් බසය තුළ ඉතිරි වුනා.
    පාළු මූසල රෑක නොදන්න පළාතක කට්ට කරුවලේඅඩිගාණක ප්‍රපාතෙක කුඩු පට්ටම් උන බස් එකක් අස්සෙ ඉතාම කුඩා ඉඩක හිරවුන අපේ ඉරණම විසඳෙමින් තිබුණා. කකුල් දෙකවත් කැඩී ඇතැයි හිතන් හොල්ලා බලද්දි ඒවා සීට් එකකවත් සිරනොවී යහතින් තිබුනා, ඒ වෙනකොටත් එතන මං ගාවම හිටි අක්ක කෙනෙක් සහ කිහිපදෙනෙක් බසය දිගේ බඩගාමින් ඉහළට ගමන් කර කැඩුනු ජනේලයකින් පිටත කැලයට බඩගෑවා.
    ජීවිතයේ කිසිම මනුස්සයෙක්ට අත්විඳීමට නොවේවායි ප්‍රාර්ථනා කරන අතිශය ඛේදනීය දර්ශන මිනිසුන්ගේ මරණීය අඳෝනාවල් අතරෙ ඉතිරි උන අපි කිහිපදෙනා පණපිටින් මැරුණා.
    ෆුට් බෝඩ් එකේ යකඩයක් තමන්ගෙ කකුලට කිඳාබැහැපු කොල්ලෙක් තාමත් පියවි සිහියෙන් ලතෝනි දෙද්දි බස් එක වැටෙද්දිම මැරිල විසි උන කොල්ලෙක්ගෙ බොඩි එක එතනම එළියෙ තිබුනා. බසය වැටෙන සද්දෙට ගමේ මිනිස්සු තේ වත්ත මැද්දෙන් දුවගෙන ආවත් ඒ ස්ථානයට ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තක් උනා. ඒ නිසාම සෑහෙන කාලයක් ගතවුනා. රම්බොඩ ගමේ මිනිස්සු අපේ ජීවිත බේරගන්න ඒ දුන්න සහයෝගය ගැන කියන්න වචන නැහැ. තමන්ගෙ පවුලෙ කෙනෙක්ට දක්වන ආදරය කරුණාව ඒ ගමේ අම්මල,තාත්තලා, අයියල අක්කල නංගිල මල්ලිල ගාව තිබුණා. අපි වෙනුවෙන් අඬපු, දහඩිය හලපු ඒ මිනිස්සුන්ට බොහොම පින් සිදුවේවා. ඒ වගේම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ. හැමකෙනෙක්ටම බොහොම පින් සිදුවේවා!

    ඒ දැනුන අසරණකම බිහිසුණු සිද්ධිය මේ ලෝකෙ කිසිම කෙනෙකුට අත්විඳින්න, අත්දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරමි.
    තවද ඒ තරම් අනතුරකින් සාපේක්ෂව තුවාල ලබා බේරුන මා තරයේ විශ්වාස කරන දෙයක්නම් අපි ලෝකෙට යහපත විතරක්ම කරමු..
    මම ඊයෙ නොමැරී ඉතිරි වූයේ ලෝකයට සමාජයට මගෙන් තවදුරටත් සිදුවිය යුතු කාර්‍ය තවමත් අවසන් නොවූ නිසා බව මා සිතමි.

    ඒ නිසා මම නැවතත් කියමි.
    ලෝකයට යහපත විතරක්ම කරන්න. අපේ ජීවිත හරිම අස්ථිරයි. අවසානයේ කිසිවක් ඉතිරිවන්නේ නැහැ.

    ප.ලි : කළුපාට HP බැක්පැක් එකක් මගේ බෑග් එක. ඒකෙ මගේ කැම්පස් එකේ වැදගත්ම දේවල් අඩංගු සැම්සුන්ග් ටැබ්ලට් Samsung Tablet එක, EPM19173 සහිත Assignment එකක් තිබුණා. මට වෙන මොකුත් එපා ටැබ් එක ගැන ආරංචියක් තිබුණොත් කියන්න බොහොම පින්.
    (අච්චර මිනිස්සු ගොඩක් ජීවිතෙන් වන්දිගෙව්ව අස්සෙ ටැබ් හොයන එක වැරදිවෙන්න පුළුවන්. නමුත් මට ටැබ් එකට වඩා එහි අන්තර්ගත දත්ත අතිශය වටිනා නිසයි හොයන්නෙ.)

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ලපයාගේ ජපන් බස්ටික නැවේ ඉවසන් හිට්පල්ලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලපයට බැරිද මේ ඉගෙනගන්න ළමයිට cloud backup solution එකක් දෙන්න
     
    • Like
    Reactions: DiksonAlex

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    ෆ්බී එකේ දැක්ක බස් එක ත්‍රී වීල් එකක් බේරන්න ගිහින් පෙරලුනේ කියල...
    බස් එකේ drivwr කිව්වා එහෙම එකක් වුණේ නෑ,
    මොකක්ද අද්භූත බලව්ගයක් තමයි බස් එක ඇදලා ගත්තේ කියලා.

    හරියටම 1925 එදා වගේ දවසකත් ඔතනින් මේ වගේම බස් එකක් පෙරලුනාලු.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පින් පල දීලා පොර බේරිලා කියලද බොලා හිතන්නේ? 🤔🧐

    (පොර කිව්වාලු ඔලුව බේරගන්න හෙන ගේමක් දුන්නා කියල, මට යාලුවෙක් කිව්වේ සීන් එක පැහැදිලි මදි)
     

    AnuradhaRa

    Well-known member
  • Copied - Janith Shyaminda

    ඒ දැනුන අසරණකම බිහිසුණු සිද්ධිය මේ ලෝකෙ කිසිම කෙනෙකුට අත්විඳින්න, අත්දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරමි.
    තවද ඒ තරම් අනතුරකින් සාපේක්ෂව තුවාල ලබා බේරුන මා තරයේ විශ්වාස කරන දෙයක්නම් අපි ලෝකෙට යහපත විතරක්ම කරමු..
    මම ඊයෙ නොමැරී ඉතිරි වූයේ ලෝකයට සමාජයට මගෙන් තවදුරටත් සිදුවිය යුතු කාර්‍ය තවමත් අවසන් නොවූ නිසා බව මා සිතමි.

    ඒ නිසා මම නැවතත් කියමි.
    ලෝකයට යහපත විතරක්ම කරන්න. අපේ ජීවිත හරිම අස්ථිරයි. අවසානයේ කිසිවක් ඉතිරිවන්නේ නැහැ.
    මාත් උඹලට හැමතිස්සෙම කියන්නෙ ඕකනෙ
    වචනෙකින්වත් කාටවත් හිංසාවක් කරන්න එපා
    අපිට තව භවයන් කීයක් පහු කරන්න තියෙනවද....
    මොනා වෙයිද කවුද දන්නෙ