මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,266
    6,810
    113

    සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා අත්අඩංගුවට

    කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

    එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්, එළු මස් ග්‍රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා ලන්ච් ශීට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගය තුළ සඟවා සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
    භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් හොර රහසේ තම අත්බෑගයට භාණ්ඩ කීපයක් දමා ගන්නා අයුරු සීසීටීවි කැමරාවේ සටහන් වන බවත්, ඇය සුළු මොහොතකින් එම ස්ථානයෙන් පිටවීමට නියමිත බවත් පවසමින් එම වෙළෙඳසලෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත ඊයේ (18) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය පවසනවා.
    ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කාන්තාව වෙළෙඳසලෙන් පිටවීමේදී ඇයගේ අත්බෑගය පොලිස් කාන්තාවක් ලවා පරික්ෂා කිරීමේදී හොර රහසේ අත්බෑගයට දමා ගත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    මෙම සැකකාර නීතිඥවරිය පෙරේදා (17) දින ද මේ අයුරින්ම එම සුපිරි එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.
    සැකකාර නීතිඥවරිය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇතත්, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

    #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
    යප්.... මේක වෙන්න පුලුවන්...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,155
    16,944
    113
    කජු ?

    wire-3198310-1528210366-288_634x398.jpg
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,681
    4,707
    113
    බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
    :ROFLMAO: :ROFLMAO: එළුමස්, කජු වගේ මිල වැඩි ඒවම සෙට් වෙලා නේද බන්.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,266
    6,810
    113
    ඔයා මේ කියපු කතාව පිටුපස සැබෑ මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවා. මේක නිකන්ම සල්ලි නැතිකමට බඩගින්නට කරන හොරකමක් නෙවෙයි. මේකට කියන්නේ ක්ලෙප්ටොමේනියාව (Kleptomania) නැත්නම් "Thrill-seeking behavior" (ආතල් එකක්/ත්‍රිල් එකක් සෙවීම) කියලා.

    මගේ නිරීක්ෂණය අනුව මෙතන තියෙන්නේ කරුණු කිහිපයක්:

    • අහුවෙයිද නැද්ද කියන බය (The Risk): සල්ලි තිබලත් හොරකම් කරද්දී දැනෙන "අහුවෙයිද" කියන බය සහ ඒ හරහා ඇඟට ලැබෙන ඇඩ්‍රිනලින් (Adrenaline rush) එක සමහරුන්ව මානසිකව පිනවනවා.
    • නීතිය බිඳීමේ සතුට: සමාජ සම්මතයන් හෝ නීති උල්ලංඝනය කරලා, කාටවත් අහුනොවී බේරුණා කියන "ජයග්‍රාහී" හැඟීම.
    • නිදහස සහ සැපය: අන්තිමට ගෙදර ඇවිත් කකුලක් උඩ කකුලක් දාගෙන ඒ කජු කෑල්ල කද්දී දැනෙන්නේ, මුළු ලෝකයම රවට්ටලා තමන් තනියම ලබපු ලොකු ජයග්‍රහණයක් වගේ හැඟීමක්.
    කෙටියෙන් කිව්වොත්, මේක භාණ්ඩයේ වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි, "අහුවෙන්නේ නැතුව මේක කරගත්තා" කියන ක්‍රියාවලියෙන් ලබන මානසික ආශ්වාදයක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
    මොන පිස්සුද බන් ජාන වලම හොර කම තියෙනවා නම් ඒවා වෙනස් වෙන්නේ නැහැ සමහරට අම්ම තාත්ත හොරු වෙන්න ඇති .රාජපක්ෂලා බලපන් උදාහරනෙකට ..සල්ලි තිබ්බ කියලා හොරා කන්නේ නැද්ද .උන්ගේ ළමය්ගේ ලමයනුත් එහෙම තමා
     
    • Like
    Reactions: windows_ubuntu

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,692
    7,516
    113
    EH එකේ එළුමස් එනවා 250g පැක් එක. උබල සුපර් මාකට් කියන ඒවාට යන්නේ නැද්ද බන් ??
    නෑ බං.
    අපි එළුවෝ දැකලා තියෙන්නේ ෆොටෝ වල විතරයි.
    ඔයා පොෂ් සල්ලිකාරයෙක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,681
    4,707
    113
    නෑ බං.
    අපි එළුවෝ දැකලා තියෙන්නේ ෆොටෝ වල විතරයි.
    ඔයා පොෂ් සල්ලිකාරයෙක් වෙන්න ඇති.
    උබ ෆෝන් විතරද හොරකන් කරන්නේ ?? මම හිතුවේ අනිත් දේවල් ගැනත් හොදට ඇහැගහ ගෙන ඉන්නවා ඇති කියල. :lol:
     
    Daws

    Active member
  • Nov 27, 2025
    243
    214
    43
    Colombo
    ඔයා මේ කියපු කතාව පිටුපස සැබෑ මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවා. මේක නිකන්ම සල්ලි නැතිකමට බඩගින්නට කරන හොරකමක් නෙවෙයි. මේකට කියන්නේ ක්ලෙප්ටොමේනියාව (Kleptomania) නැත්නම් "Thrill-seeking behavior" (ආතල් එකක්/ත්‍රිල් එකක් සෙවීම) කියලා.

    මගේ නිරීක්ෂණය අනුව මෙතන තියෙන්නේ කරුණු කිහිපයක්:

    • අහුවෙයිද නැද්ද කියන බය (The Risk): සල්ලි තිබලත් හොරකම් කරද්දී දැනෙන "අහුවෙයිද" කියන බය සහ ඒ හරහා ඇඟට ලැබෙන ඇඩ්‍රිනලින් (Adrenaline rush) එක සමහරුන්ව මානසිකව පිනවනවා.
    • නීතිය බිඳීමේ සතුට: සමාජ සම්මතයන් හෝ නීති උල්ලංඝනය කරලා, කාටවත් අහුනොවී බේරුණා කියන "ජයග්‍රාහී" හැඟීම.
    • නිදහස සහ සැපය: අන්තිමට ගෙදර ඇවිත් කකුලක් උඩ කකුලක් දාගෙන ඒ කජු කෑල්ල කද්දී දැනෙන්නේ, මුළු ලෝකයම රවට්ටලා තමන් තනියම ලබපු ලොකු ජයග්‍රහණයක් වගේ හැඟීමක්.
    කෙටියෙන් කිව්වොත්, මේක භාණ්ඩයේ වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි, "අහුවෙන්නේ නැතුව මේක කරගත්තා" කියන ක්‍රියාවලියෙන් ලබන මානසික ආශ්වාදයක්.

    meka aththa machan. samahara hora wada karaama kroora satutak danenawa minissunta. E thrill ekata karanawa wennath puluwan.
     
    • Like
    Reactions: ob_server

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,614
    3,664
    113
    බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
    මම දන්න එකෙක් ඉන්නව උට පට්ට සල්ලි තියෙන්නේ. පොල්, ඉඩම් අක්කර ගණන්., වැලි, ගඩොල් මහපරිමානෙන් කරන්නේ. සදලංකාවෙ සවිස් සෙන්ටර් එකකුත් තියනව. කෑමට, බීමට වියදම් කරනවා හොදට.

    ඒත් මු සුපර් මාර්කට් වලට ගිහිං කොච්ච‍ර සල්ලි දීල බඩු ගත්තත් මොකක් හරි පොඩි දෙයක් හොරකම් කරගෙන එනවමයි. ඒ මොකද ඇහුවම උට එක පාලනේ කරන්න බෑලු. මොකක් හරි හොරකම් කරන්න හිතෙනවලු කඩේකට ගියාම. හැබැයි තවම මාට්ටු වෙලත් නෑ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,401
    1
    5,354
    113
    මෙකෙ case එක හරියටම දන්නෙ නැති උනත්...

    හොරකම් කිරීමට හේතුවන මානසික රෝගයක් තියනවා එකට කියන්නෙ kleptomaniac කියල. මේ අය තමන්ට කිසිම අඩුපාඩුවක් නැති උනත් හොරකම් කිරීමට පෙලබෙනවා. එංගලන්ත royal family එකෙත් මෙහෙම අය ඉදල තියනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    ඉස්සෙල්ලම හොයල බලන්න වෙනවා මය්නගේ දුරින් හරි නෑ කෙනෙක් වෙනවද කියල