Copywriting? ඒ මොකක්ද?
සරලව කිව්වොත් copywriting කියන්නේ ඔයාගේ වචන (written) පාවිච්චි කරල මොකක් හරි specified outcome එකකට reader පොලඹවා ගන්න එක. මේ outcome එක ඔයාගේ page එකට ලයික් එකක් දාන එකේ ඉදලා ඔයාගේ product එක purchase කරන තැන වෙනකන් විහිදෙන්න පුළුවන්.
ඔයාගෙ marketing මැසේජ් එක ලියනකොට ඒක පුළුවන් තරං reader ට සමීප භාෂාවෙන්ම ලියන්න.
තවත් සරලව කිව්වොත් ඒ මැසේජ් එක කියවනකොට එයාට හිතෙන්න ඕනේ ඔයා එයා ඉස්සරහ ඉඳගෙන එයාට කතා කරනවා කියලා.
මෙන්න මෙතනදි තමයි "write like you talk" කියන එක අපිට වැදගත් වෙන්නේ. ගොඩක් අය දන්න සංකීර්ණම ඉංග්‍රීසි වචන දාලා සෑහෙන බරපතළ විදිහට ලියන මැසේජ් එකට වඩා සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන සරල English පාවිච්චි කරලා ලියන මැසේජ් එකක conversion rate එක වැඩි වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
ඒකට හේතුව තමයි ඔයාගෙ මැසේජ් එක කියවන්නෙ තවත් ඔයා වගේම මනුස්සයෙක්. ඉතින් හරියට එයාගෙ තියෙන pain points අඳුරගෙන, ඒකට හරියන විදිහට, එයා ඉස්සරහ ඉදන් කතා කරනවා වගේ දැනෙන්න, ඔයාට ඔයාගෙ මැසේජ් එක ලියන්න පුළුවන් නම් අන්න එතකොට sales වැඩි කරගන්න ගන්න පුළුවන්.
මේ පල්ලෙහා තියන examples ටික බැලුවොත් ඔයාට මේක පාවිච්චි කරන විදිය තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.
Example 1 :
Bad - "With over 100 years of laundry expertise, you can trust you are in safe hands."
Good - "Imagine how good you'd be at something if you'd done it every day since 1908..."
Example 2 :
Bad - "Stoke City is delighted to offer businesses the opportunity to request an exclusive publication highlighting all official Club inventory, aimed towards elevating their brand via our diverse and engaging platforms."
Good - "Want to sponsor us? Here's a brochure with all the details."
10 World-Class Copywriting Examples
14 Copywriting Examples From Businesses With Incredible Copywriters
What Is Copywriting 101: The Only Guide You Will Ever Need
—————————————————————
මේ ටොපික් එක මටත් අලුත්ම දෙයක්. මම දන්නෙත් නෑ මේ සීන් එක. මමත් මේ අහම්බෙන් දැක්ක නිසා දැම්මේ. මේ වැඩේ ගැන දන්න අය/ දැනට කරන අය/ කරන්න හිතන් ඉන්න අය විස්තර ටිකක් දාමුකෝ අනිත් අයටත් බලන්න.
මං දාලා තියෙන ඒවාට වඩා හොඳ ආටිකල්/ වීඩියෝ එහෙම තියෙනවා නං ශෙයා කරගමු.
Last edited: