ඔයාලා අතර ඇති තමන්ගේම Domain එකකට Web Hosting අරගෙන, ඒකෙන් දෙන Professional Email එක (උදා: [email protected]) Gmail එකේ 'Check mail from other accounts' (POP3) හරහා Connect කරගෙන පාවිච්චි කරන අය. අන්න ඒ අයට මේක තදින්ම බලපානවා.
මොකක්ද මේ වෙන්න යන්නේ? Google ආයතනය නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා 2026 ජනවාරි ඉඳන් Gmail වෙබ් අඩවිය හරහා වෙනත් email ගිණුම් වල මැසේජ් fetch කරන (ඇදලා ගන්නා) POP3 පහසුකම නවත්වන්න.
මේකෙන් ඔයාට වෙන ප්‍රශ්නය මොකක්ද? ඔයා මෙච්චර කල් cPanel එකට යන්නේ නැතුව Gmail inbox එකටම ඔයාගේ Business emails ගෙන්නා ගත්තා නේද? අන්න ඒ වැඩේ 2026 ජනවාරි ඉඳන් නතර වෙනවා. Gmail එකට අලුත් emails එන එක නතර වේවි.
දැන් අපිට තියෙන විකල්ප මොනවාද?
https://support.google.com/mail/answer/16604719
https://www.pocket-lint.com/gmail-removing-feature-could-stop-emails-from-reaching-inbox/
https://www.webpronews.com/google-ends-gmailify-and-pop3-support-in-2026-for-better-security/

- Email Forwarding (හොඳම විසඳුම): ඔයාගේ Hosting එකේ cPanel හෝ DirectAdmin එකට ගිහින් "Forwarders" කියන තැනින් ඔයාගේ professional email එකට එන හැම එකක්ම Gmail එකට forward වෙන්න හදන්න. එතකොට කිසිම කරදරයක් නැතුව වෙනදා වගේම Gmail එකට mail ඒවි.
- Gmail Mobile App: මේ සීමාව දැනට වෙබ් එකට විතරයි. Phone එකේ Gmail App එකට තාමත් ඔයාගේ hosting mail එක (IMAP/POP3) වෙනමම add කරලා පාවිච්චි කරන්න පුළුවන්.
- Third-party Apps: Outlook වගේ software එකක් computer එකේ පාවිච්චි කරන එක.